Saturday, May 18, 2013

මහවැලිය ගැන නොඇසු කතා...........








අවුරුදු 30 කට සැලසුම් කර තිබූ "මහවැලි සංවර්ධන ව්‍යාපාරය", අවුරුදු 06ක "කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය" බවට පත්කිරීමේ අනිටු ප්‍රථිඵල අද රටේ ජනතාව විඳිනවා කියන්නේ ඇයි?



Waruna Ratnayake
අවුරුදු 30ක් කියන්නේ දිගු කාලයක්. වසර 30ක් පුරා ක්‍රමක්‍රමයෙන් හැඩගැසීමට තිබු පරිසරය ක්ෂණයෙන් වෙනස් වීම නිසා පොලවේ හැඩ ගැසීමේ පටන් කුරුල්ලන්,මාලුන්,උරගයන් වැනි සත්ව කොටඨාෂ වලට පවා මෙමගින් විශේෂ බලපෑම් සිදුව ඇත.අද වනවිට යාන් ඔයක් දක්නට නැත.ජල ගැලීම් වැනි විනාශයන් වැඩි වී ඇත.වික්ටෝරියා කොත්මලේ ආදි ජලාශ බලාපොරොත්තු වූ මට්ටමින් 20%ක්වත් පවත්වා ගත නොහැකිව ඇත.අමාත්‍යාංශයක් සහ අනෙකුත් ආයතන වල අපේක්ෂිත අරමුනු ඉටුකරග නොහැකි වී ඇති අතර ඒවා සුදු අලින් වී ඇත


Dilmi Dilunika
පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක්‌ ලෙස අධික ලෙස රොන්මඩ තැන්පත්වීම නිසා මහවැලි ජලාශවල අපේක්‍ෂිත ධාරිතාව දැන් වන විට අධික ලෙස අඩුවී ඇත. මෙය 40-60% ත් අතර ප්‍රමාණයකි. එසේම ජලවිදුලි උත්පාදන හැකියාව ද අධික ලෙස අඩුවී ඇත. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ සුවිශාල මුදල් සම්භාරය හා සැසදීමේදී මෙම ව්‍යාපෘතිය අපේක්‍ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාදුන්නා දැයි ගැටලුවකි.


Dilmi Dilunika
 කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආදීනව ප්‍රකාශිත වන්නේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන පාරිසරික විනාශයත් සමගයි. මෙය ප්‍රධාන දෙයාකාරයකින් සිදුවිණි.

පළමුවැන්න නම් චිරාත් කාලයක්‌ රජරට ආශ්‍රිතව පැවති "වැව-ගම්මානය-කුඹුරුයාය හා වෙනත් ගොඩ ඉඩම්- වන ලැහැබ" නම් ඒ සුවිශේෂ පරිසර පද්ධතිය කඩිනම් මහවැලියේ බුල්ඩෝසර හා බැකෝ යන්ත්‍රවලින් වැනසී යැමයි.

දෙවැන්න නම් එමගින් සිදු කළ "ඇළ" මගින් "වැව" විස්‌ථාපනය කිරීමේ ක්‍රියාවලියයි. පාරම්පරික වාරි කර්මාන්තයේ "වැව" සුවිශේෂ පාරිසරික පද්ධතියක්‌ විය. එය ඇත්තවශයෙන්ම එකිනෙකට සම්බන්ධතාවකින් යුතු වූ වැව් පද්ධතියක්‌ වූ අතර "එල්ලංගාව" හෝ "ආගාර පාර" (Cascade) ලෙස එය හඳුන්වනු ලැබීය. වාරි කටයුතු සහ පරිභෝජන කටයුතු සඳහා පමණක්‌ නොව සතුන්ගේ අවශ්‍යතාවන් හා පාරිසරික සමතුලිතතාව රැකීම අතින් ද මෙම වැව් පද්ධතිය සුවිශේෂ මෙහෙවරක්‌ සිදු කරන ලදී. (මේ පිළිබඳ මනා විස්‌තරයක්‌ උදුල බණ්‌ඩාර අවුසදහාමි රචිත "වැව" පොත මගින් සැපයේ). එසේම භූගත ජල මට්‌ටම රැකීම ද මෙම වැව් පද්ධතිය මගින් සිදුවිය. වැඩකට නැති වැව් යන මතයේ පිහිටා කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා එල්ලංගාවන් විශාල ගණනක්‌ විනාශ කරන ලද අතර, මහවැලි H කලාපයේ පමණක්‌ වැව් 200 කට වැඩි ගණනක්‌ විනාශ කර ඇත. මෙමගින් මේ ප්‍රදේශවල සාම්ප්‍රදායික ජල කළමනාකරණයට මෙන්ම භූගත ජල මට්‌ටමට ද සිදුවූ හානිය අතිමහත් විය.

ඇමරිකාවේ "ටෙනසි නිම්න් මොඩලය" (Tennese valley Model) අනුගමනය කෙරෙමින් විශාල පාරිසරික හානියක්‌ සමග ක්‍රියාත්මක වූ මෙම "සංවර්ධන" ක්‍රියාවලිය මගින් උත්සුක වුණේ සම්ප්‍රදායිකව කෙරුණු ප්‍රාදේශීය (regional) ජලය රැස්‌කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවට ආනයනික (Imported) ජලය රජරටට ගෙනමේ ක්‍රමවේදයකටය.

සැතපුම් සිය ගණනක්‌ දුරබැහැර සිට මහවැලි ජලය රජරටට ගෙනඑන ලදී. මෙම ජලය ප්‍රවාහනය කිරීමේදී "ඇළ" ප්‍රධාන මාධ්‍යය විය. එයද පුරාතනව භාවිත කළ වක්‍රාකාර ගමන් මාර්ගයක, සෙමින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය (යෝධ ඇළ මීට කදිම නිදසුනකි) වෙනුවට කෙටි කාලයකදී, වැඩි දුරක්‌ ගෙන යැමේ අධිවේගී ක්‍රමවේදයක්‌ ඔස්‌සේය. පුරාතනයේදී භාවිත කළ යම් දුරක්‌ ජලයේ වක්‍රාකාර මාර්ගයක්‌ ඔස්‌සේ සෙමින් ගෙනයැමේ ක්‍රියාවලිය තුළ ජලයේ තිබූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය යනාදිය පතුලේ තැන්පත්වීම හෝ ඉවුරේ තිබූ ඕලු, කුමුදු, කෙකටිය වැනි ජලජ ශාක මගින් අවශෝෂණ කිරීම සිදුවිය. නූතන වාරි ක්‍රමවේද මගින් ජලය අධිවේගයෙන් ගෙනයැම තවත් පහසු කිරීමටත්, ඉවුරු මගින් සිදුවන ජල කාන්දුව අවම කිරීමට කෙරුණු ඉවුරු කොන්ක්‍රීට්‌ කිරීම මගිනුත් ජලයට මුසුවූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය හා වෙනත් විෂදායක ද්‍රව්‍ය අධිවේගයෙන් ඉහළ සිට පහළට ගලාඒම සිදුවිය.


Dilmi Dilunika
මහවැලි පෝෂක ප්‍රදේශය වනාහි වර්ග කි. මී. 10,000 ට වැඩි ප්‍රදේශයකි. එනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/6 පමණ වපසරියකි. මෙය මධ්‍යම කඳුකරයේ සිට පහළට විහිදෙන්නකි. විශේෂයෙන් මධ්‍ය කඳුකරයේ සිදුවන වන විනාශයන් හා තේ, අර්තාපල් හා වෙනත් එළවළු බෝග වගාවනට වන නැඹුරුව සමග කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස යොදවන තත්ත්වයනට පත්වේ. වන විනාශයට සමගාමීව සිදුවන පස සෝදාපාලුව සමග මේ රසායනික වස විස අවසානයේදී මහවැලි ජලය හා මුසුවේ.


මෙම රසායනික යෙදවුම් අතුරින් ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ (TSP) සුවිශේෂ වේ. මෙය කැඩ්මියම් යන බැර ලෝහයෙන් බහුලය. අද රජරට වෙලාගත් වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ ද මෙම කැඩ්මියම්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් බණ්‌ඩාර මහතාගේ පර්යේෂණවලට අනුව කැඩ්මියම් මහවැලි ගඟේ තලවකැලේ ප්‍රදේශයේ සිට වැලිමඩ දක්‌වා විවිධ ස්‌ථානවල ප්‍රධාන ගංගාවේ හා අතු ගංගාවන්ගෙන් ලබාගන්නා ලද ජල සාම්පල සියල්ලකම අධික ප්‍රමාණවලින් හඳුනාගෙන ඇත. (දි අයිලන්ඩ් - 2009 අප්‍රේල් 25).

එසේම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ සිටින ප්‍රදේශ ගණනාවක්‌ ද වැව් ජලය පර්යේෂණයට භාජන කළ මහාචාර්ය බණ්‌ඩාර මහතා විශාල ලෙස කැඩ්මියම් ජලයට එක්‌වී ඇති සැටි ඔප්පු කර ඇත.

කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආගමනයෙන් සිදුවන පරිසර විනාශයත්, ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ හරහා එකතුවන අධි කැඩ්මියම් ප්‍රමාණයත් රජරට වකුගඩු රෝගයට සෘජුවම බලපෑ මූලික සාධක දෙක බව සඳහන් කිරීමට අපහට යොමුවිය හැකි අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ "කාලය" හා එහි ඇති සම්බන්ධතාව. වකුගඩු රෝගය කාලාන්තරයක්‌ තිස්‌සේ දිගටම සිදුවන තත්ත්වයක්‌ නිසා ඇති වන්නකි. මේ අතින් බලනවිට මේ සංසිද්ධීන් නොනැවතී දිගටම දශක දෙකකට වැඩි කාලයක්‌ රජරට ජනතාව අතර ක්‍රියාත්මකවීමෙන් 2000 දශකයේ මුල් භාගය වන විට එහි අනිසි ප්‍රතිඵල දෘෂ්‍යමානවීම ඉතා විද්‍යාත්මක නිරීක්‍ෂණයකි.

~ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි

Dilmi Dilunika
 2000 දශකයේ මුල් වකවානුවේ සිට ක්‍රමයෙන් කරලියට ආ "රජරට වකුගඩු රෝගය" වැළඳුණු රෝගීන් මේ වන විට පදවිය, ශ්‍රීපුර, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, මහවිලච්චිය, තන්තිරිමලේ, එප්පාවල, මැදිරිගිරිය, වැලිකන්ද, අරලගන්විල, වැලිඔය, ගිරාඳුරුකෝට්‌ටේ වැනි අනුරාධපුර, පොළොන්නරු දිස්‌ත්‍රික්‌ක පමණක්‌ නොව අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කයන්ට ද පවා අයත් ප්‍රදේශවලින් ද හඳුනාගෙන ඇත.


මෙම නගර හා ගම් ලැයිස්‌තුව වකුගඩු රෝගීන් බහුලව හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ලැයිස්‌තුවක්‌ පමණක්‌ වන අතර, ඉන් එය එම ප්‍රදේශවලට පමණක්‌ සීමා වූවක්‌ බව වටහාගත යුතු නැත. (මෑතකදී හසලක ප්‍රදේශය ආශ්‍රිතව ද මෙම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් ගණනාවක්‌ හඳුනාගත් බවට දැනගන්නට ලැබිණි.) මෙම නගර හා ගම් ලැයිස්‌තුව සැලකීමේදී ප්‍රත්‍යෂ කරගත යුතු අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ පුළුල් ලෙස සිදුවී ඇති රෝගයේ ව්‍යාප්තියයි. එය දෙස සැලකිල්ලෙන් බැලීමේදී පෙනී යන අනෙක්‌ වැදගත් කරුණ වනුයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය හා මෙම රෝගය අතර ඇති කිට්‌ටු සමපාතභාවයයි. මේ හඳුනාගත් ප්‍රදේශ සියල්ලම පාහේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියට නතුවූ ප්‍රදේශ වේ.

~වෛද්‍ය ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි...........


Sampath Sagara
 ඇත්ත... ඒක අවුරුදු 30 න් කරන්න හිටියනම් දැන් දවසකට පැය 5-6 ක් විතර විදුලි බලය නැතිව අපේ රට්ටුන්ට ඉන්න තිබුන..ඒත් දැන් පැය 24 ම විදුලිය ලැබෙනව (ඒක තමා කඩිනම් මහවැලියෙ ප්‍රධානම අනිටු ඵලය)


Sampath Sagara
 දැන් පැය 24 ම විදුලිය සාපේක්ෂව අඩු මුදලකට ලැබෙන නිසා හැමෝම ඒ පැත්ත අමතක කරනව

Dilmi Dilunika
 ඒකෙත් ඇත්තක් තියෙන්වා...ඒත් ඕකෙ බලපෑම විඳින්නෙ රජරට මිනිස්සු..

Sampath Sagara
 ඒ කඩිනම් මහවැලියෙ වරද නෙමේ... කෘමිනාශක භාවිතයේ අතුරු ඵල...

Janaka Rajapaksha
~සංවර්ධන ව්‍යාපාරයක හොඳ හෝ නරක තීරණය කරන්න වෙන්නෙ ඒකෙන් ලැබෙන කෙටිකාලීන හා දීර්ඝ කාලීන ප්‍රථිලාභ දිහා බලලා. අවුරුදු තිහකට ඔය ව්‍යාපාරය සැලසුම් කළේ සංවර්ධනයත් සමඟ ඇතිවන පරිසර හානි සහ අනෙකුත් අහිතකර බලපෑම් සමතුලිත කරගනිමින් අවම හානියක් යටතේ වැඩි ප්‍රථිලාභ ප්‍රමාණයක් ලබාගන්න. නමුත් දේශපාලන වාසි සහ බලලෝභය නිසා ඒක අවුරුදු 06 කට සීමා කරල කඩිනම් ව්‍යාපාරයක් ගැන පිඹුරුපත් හැදුවෙ කෙටිකාලීන ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන්. මැජික් පෙන්නුවට යතාර්ථය ඊට වඩා වෙනස්....


Janaka Rajapaksha
 ~හොඳ හැම දේකටම නරකයි කියලා කෑ ගහන අය වගේම හැම නරක දේකටම හොඳයි කියන අයත් ඉන්නවා. කෙටි කාලීනව ලයිට් දල්වගෙන කට්ටිය සපාන් එකේ ඉන්නව එක්කම ඒකේ අහිතකර ප්‍රථිඵල නිසා අපේම තවත් විශාල සහෝදර ජනතාවක් අනාථ වෙලා ඉන්න එක හොඳයි නම් සිංහරාජෙත් විකුණලා ගහමුකො න්‍යෂ්ටික බලාගාරයක්!.....

Janaka Rajapaksha
 ~අනවශ්‍ය විදියට කල් ගතකරන්නේ නැතිව ඉක්මනින් වැඩක් කෙරෙනවනම් ඒක හැම අතින්ම හොඳයි. නමුත් ඒ ඉක්මන නිසා අද අනිටු විපාක පමණක් විතරක්ම නෙවෙයි, ඒකෙන් අරමුණු කරපු ප්‍රථිලාභ ටිකවත් ලැබිලා නැහැ. එසේ නම් එය සාර්ථක ද?...

කියන්නට තිබුණ කරුණු දිල්මි විසින් දක්වා ඇත. ස්තූතියි දිල්මි....!


Udara S C Wilathgamuwa
 මම මේක ගැන ද්න්නෙ නෑ. ඒක ට 'තදියම්' මහවැලි ව්‍යාපාරය යන නම ගැළපෙනව ද?





Monday, May 13, 2013

සමහරු පන්සලේ විවාහ වෙන්නේ ඇයි ? එකට හාමුදුරුවොත් ඉඩ දෙන්නේ ඇයි ? එක වැරදි දෙයක් නෙමේද ?


නිමේෂ් ගමගේ විසින් 2013.05.


Ayesha Dilhani
නැහැ ! කතෝලික අයට පල්ලිය විවාහ වෙන්න විවුර්තයි .. ඒ නිසා මම නං හිතන්නේ පන්සලේ විවාහ වෙන්න දෙනවා නං ඒක ලොකු වටිනාකමක් කියල !

Methmalie Dissanayake
ගිහියෝන්ගේ ආවාහ විවාහ සම්බන්ධතා වල හාමුදුරුවරු මැදිහත් වීම විනය විරෝධී කටයුත්තක් ද..? පිච්ච මල පොතේ රාහුල හාමුදුරුවෝ එහෙම කියනවා කියල මතකයක් තියෙනවා මට.

Nimesh Gamage
Ayesha පන්සල කියන්නේ ගිහි බැඳීම් අත අරින තැනක් .. එහෙම තැනක ගිහි බැදීම් ඇති කරන එක තාර්කිව හරි මට වැරදි දෙයක් ලෙස පෙන්නේ ...

Ayesha Dilhani බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නැහැ ගිහි බැඳීම් අත් හරින්න කියල !! කොහෙද කියල තියෙන්නේ ?? ඒ පැවිදි කට්ටියට !

Fiqri Ismail
පැවිදි අයට විශේෂ නීති පැනව්වා... උන්වහන්සේ දේශනා කලේ ගිහි ගෙදර ගින්නක් කියලා ආයේ බැඳීම් ගැන කියන්න දෙයක් නැහැ.. ඒ වගේන නිමේෂ් කිව්වා කියන්නේ පන්සල කියන්නේ ඒකට සුදුසු තැනක් නෙමෙයි...

Sachithra Darshana
නිමා පටලගන්න එපා.. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ගිහියන්ට හා පැවිද්දන්ට වෙන වෙනම ධර්මය දේශණාකොට තිබෙනවා.. ඔය තර්කයම තමයි. මිනිහෙක් උනාම එක්කෝ පවුලක් වෙන්න ඕනේ නැත්නම් පන්සලක් වෙන්න ඔනේ කියලා ගැමි ව්‍යවහාරයේ එන්නෙත්... ඔය දෙකටම නැතිව ගෙවන එවුන් ඉස්සල්ලම ඒ ගැන දැනුවත් උනා නම් හරි. මගේ පෞද්ගලික මතය පන්සල විවාහයකට සුදුසු තැනක්... තමන්ගේ ජීවිතේ අළුතෙන් පටන් ගැනීම හාමුදුරු කෙනෙකුගේ ආශීර්වාද මැද ආගමික වතාවත් හරහා පටන් ගැනීම ඉතා හොඳයි.. නමුත් වෙන්නේ පන්සල වෙඩින් හෝල් එකක් වෙලා උත්සවයක් යන එක නම් මම ඒකට එකඟ නෑ ඒ සඳහා වෙනම තැන් තියෙනවා. ඔය සම්ප්‍රදාය මතක විදිහට රැල්ලක් විදිහට ගෙනාවේ ප්‍රවීණ නළු කමල් අද්දරාරච්චිගේ දැනට පවතින විවාහයයි. දැන් එය රැල්ලක් වෙලා....

Ayesha Dilhani
අන්න ඕක තමයි මම ත් කියන්න ගියේ .. මේ කාලේ විවාහ උත්සව ගන්න විදියට පන්සලේ ගත්තෝ ත් නං ඉතින් ඉවරයි !! විවාහය පමණක් පන්සලේ කරලා උත්සවේ වෙන තැනක දාගන්න ඕනේ !!

Hasangi Kollure
මෙහෙමයි...පන්සලකට ගිහින් ආශිර්වාද ගැනීම වෙනයි,පන්සලේ උත්සවය පැවැත්වීම වෙනයි...

Fiqri Ismail
විවාහය පන්සලට සුදුසු තැනක් නෙමෙයි... ඒක ගිහියන්ගේ උත්සවයක්.. අබ්‍රහ්මචරියාවේ වෙසන පැවදි උතුමන් ඉන්න තැනක් පන්සල කියන්නේ.. ඔය බටහිර අභාෂයෙන් ආපු විකාර නිසා තමයි පන්සලේ විවාහ උත්සව... බුදුමැදුරේ ෆොටොග්‍රැපි වගේ ඒවා එන්නේ...

Nimesh Gamage
ගිහි බැඳීම් අත අරින්න කියලා නැති උනාට බැඳීමක් කියන්නේ සංසාරේ දික් කර ගැනීමක් ...
Sachithra අනිවාර්යයෙන්ම හාමුදුරුවන්ගේ ආශීර්වාදය මත අරඹන එක හොඳයි.. ඒ හින්දාම තමා අපේ අක්කාගේ වේදඩ්න් එකට කලින් අපි ගෙදර වරු පිරිතක් කියලා ආශීර්වාද ගත්තේ.. නමුත් පන්සලේ විවාහය ගන්නවා කියන්නේ එකනම් අනුමත කරන්නේ නැ

Sachithra Darshana
ඒක තමයි බන් කියලා තියෙන්නේ.. පන්සලේ විවාහය ආගමානුකූලව කරලා දානය පිලිගන්නවලා ඒ විදිහට ජීවිතය පටන්ගත්ත යාළුවෙක් මට ඉන්නවා... ඌගේ වෙඩිම මට නම් පට්ට.. අපිට තිබුනේ දානයක් එක මසක්වත් තිබුනේ නෑ.. ඇලකොහොල් නෑ... බොන එවුන් ආවෙත් නෑ.

Ayesha Dilhani
මම නං කියන්නේ විවාහ වෙන නැකත විතරක් පන්සලේ තියලා ඊට පස්සේ කන්න බොන්න දෙන දෙයක් හෝල් එකේ දෙන්න කියල !

Nimesh Gamage
ෆික්රි කියපු දේට තව දෙයක් එකතු කලොත් ..ගිහි ගේ අත ඇරලා නිවන් මාර්ගය හොයාගෙන යන හාමුදුරුවන්ට අපි ලස්සනට ඇඳලා පැලදලා ගියාම ඒ ගොල්ලන්ගේ සිත් සසල වෙනවා නේද ...

Hansaka Wickramasinghe
විවාහය යනු හුදෙක් ගිහි කටයුත්තක්. එය පංසලේ පැවැත්විය යුතු නෑ. එමෙන්ම එය නිදහසේ කරන්නත් පංසලේ ඉඩක් නෑ. මේක බටහිරින් ආපු තවත් අන්ඩරයක් විතරයි. ඕනෙනම් බැඳලා ඉවරවෙලා පංසලට ගිහින් හමුදුරුවන්ගේ ආශීර්වාද අරගන්න එකයි කරන්න තියෙන්නෙ.

පල්ලියෙ විවාහ විම කතෝලික අයට එසේම විය යුතුයි. මොකද එයාලගේ විවාහය දෙවියන් හා බැඳී තියෙනවා.

බෞද්ධයො කියන්නෙ කතෝලික අය කියනවා වගේ පාපයෙන් උපදින අය නෙමේ. මනුශ්‍යය ජන්මයක් ලබන එකත් වාසනාවක්. පංසල ආගමික කටයුතු වලට තියලා ගිහි උත්සව ගෙවල් හෝ වෙනත් තැනක තියා ගන්නවා නම් තමා හොඳ.

Udara S C Wilathgamuwa
ඔය විවාහය පන්සලේ සුට්ටක් ගමු කියලා කියලා දැන් මහ වසංගතයක් වෙලා,නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ.පේන්නැද්ද මානෙල්වත්ත පන්සල..මෙහෙණින් වහන්සේලා පෙළට වඩිනවා.මගුල් කාර් පේලියට නවත්තලා..මගුල් ජෝඩු පේළියට ෆොටෝ ගන්නවා..ඒකට කියන්නෙ සහජීවනයද? මන්දා,.රාගය සහිත හිත් නොසැලේද

Sachithra Darshana
මන් අදහස් කලේ උත්සව ගැනීමකින් තොරව දානමය පිංකමක් හා ධර්ම දේශනාවක් සමඟ සිදුවන විවාහයක් මිස පන්සල තුල විවාහ උත්සව ගැනීම පිලිබඳව නොවෙයි. අත්දැකීමක් මත කෙරුනු අදහස් දැක්වීමක් පමණි.

Nimesh Gamage
ඉතින් මචෝ ඕක විවාහ වෙන දවසටම කරන්න ඕනේ ද ? අර මං කලින් කිවා වගේ විවාහයට දවස් 2-3 කට පෙර සතියකට පෙර වගේ ඕකම කරන්න පුළුවන් නේ බං

Fiqri Ismail නිමෙෂ් කියන විදිහට තමයි පෙර බෞද්ධයෝ කලේ.. විවාහයට පෙර දානමාන දීලා අවසර අරගෙන .. පසුව ගෙදර විවාහය ගත්තේ.. ඒක්‍රමයට බොහෝ පින්වත් අය ගැබට එනවා..

Hansaka Wickramasinghe
අවසර අරගෙන ? අවසර ගන්නෙ ඇයි ෆික්‍රි?

Udara S C Wilathgamuwa
අපේ අයගෙ අනන්‍යාතාවයන් ඉතා පැහැදිලිව අනෙක් අය හොරාගනිද්දි අනෙක් අයගෙ කසිකබල් දේවල් අරගෙන අපේ අනන්‍යතාවය විකෘති කරගනිමින් යන ගමනේ තවත් එක් විජ්ජුම්බරයකි.

දර්ශන විමුක්ති
මට නම් හිතෙන්නෙ ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි පන්සලක හැසිරෙන්න ඕන ආකාරය දන්නවනෙ.

දර්ශන විමුක්ති
තායිලන්තයේ මල ගෙවල් නෑ. මැරුණම අදාහන කටයුතු කරන්නෙ පන්සලේ. කෑම බීමත් පන්සලෙන්. හැබැයි බිලක් දානව වියදම් වලට.

Nimesh Gamage
අවමගුලකදී මචං කොහොමත් පන්සල අපෙත් ලොකු දායකතාත්වයක් දෙනවා නේ ... වෙනස පන්සලේ ම අදාහන කටයුතු කරන එක

දර්ශන විමුක්ති
ඉතිං මගුලට දායක උනාම වරද මොකද්ද ?

Hansaka Wickramasinghe
අවමගුලක් ප්‍රිති ජනක, නැටුම් ගැයුම් තියෙන උත්සවයක්ද?
විවාහයක් මරණයක් මෙන් අනිත්‍යය මෙනෙහි කරන, සත්‍යාවබෝධයට යන්තමින් වත් පොටක් පාදගන්න බලන අවස්ථාවක්ද?
Chandrika Yahampath
අනෙක් හැම බෞද්ද රටකම විවාහ වෙන්නෙ පන්සලේ....ප්‍රමුක තැන දෙන්නෙ පන්සලට.... එහි ඇති වරදක් නැහැ...අපි හැම සුබ දෙයක්ම කරන්න පෙර පන්සල් යනව දානමාන දෙනව..එහෙමනම් විවාහය සිදුවන්න උවමනාත් පන්සලක තමයි.... බොරු දේවල් වලින් ගොඩක් තෙර වෙනව එහෙම කරනවනම්.... දැන් දැන් බොහෝ දෙනෙක් එහෙම කරනව ෆන්ශන් එකක් හෝටලයක ගන්නව....හැබැයි එය විකාරයක් කරනොගත යුතුයි.....පන්සලකට සුදුසු විදියට යායුතුයි....

දර්ශන විමුක්ති
පන්සලට යන්න ඕනි දුකට විතරද ?

Hansaka Wickramasinghe
දැං කණකර පුරෝගෙන පැශන් එකට පංසල් යන්න ගියාම හොඳද චන්ද්‍රිකා. පංසලේ විවාහය තිබීමම පැශන් එකක් කරගෙන නෙ තියෙන්නෙ.

Hansaka Wickramasinghe
දුකට වත් සැපටවත් නෙමෙයි, පංසලට යන්න ඕනේ ..
http://en.wikipedia.org/wiki/Buddhist_view_of_marriage 

Hansaka Wickramasinghe
Chandrika Yahampath තායිලන්තෙ එහෙම පිරිමියෙක් අවුරුද්දක්ද කොහෙද මහණ වී සිටිය යුතුයි. ඉතින් ඇයි ඒ වගේ සාධනීය දේවල් මෙහෙට ගේන්න හදන්නෙ නැතුව පංසල්වල විවාහය විතරක් ගේන්න හදන්නේ. ඉස්සෙල්ලා ගේන්න ඕනෙ අර වගේ දේවල්නේ..

Waruna Ratnayake
පන්න+ශාලා = පන්සල. පන් හෙවිලි කල මඩුවක් තමා පන්නශාලා වෙන්නෙ. එහි වැඩ වසන්නෙ අපිස් ජිවිත ගතකරල මොක්ශය පතන අය. ඒවයේ සිත් ඇද බැඳගන්න දේ තිබ්බෙ නෑ. විවාහය බැඳීමක්. ඒ සඳහා පන්සලක් කිසි සේත්ම නුසුදුසුයි. පෙර කල හුන් අඹුසැමියන් පවා පන්සලට ගියෙ වෙන වෙනම. අත් වැල් අල්ලගෙන ගිහින් එක මලක් දෙන්නමපුජා කරල ජාති ජාති මගෙ වෙන්න කියල ප්‍රාර්තනා කලේ නෑ.මේක හින්දු වරු, ක්‍රිස්තියානිවරු, මුස්ලිම් වරු කරන දෙයක්. මේක හීනෝ, ගම්මො, පොඨුජ්ජනිකො, අනරියො, අනත්ත හිතෝ වෙන සිද්ධියක්.

Udara S C Wilathgamuwa
මමත් තේරෙන සිංහලෙන් කිව්වා.ඔය මොක කිව්වත් ආයෙම එකෙක් කියයි අවුලක් නැ කියල.ඒවා කියවනවද මන්දා අපේ වචන නාස්ති වේ..

Fiqri Ismail
<<පන්න+ශාලා = පන්සල. පන් හෙවිලි කල මඩුවක් තමා පන්නශාලා වෙන්නෙ.>> මේකට එකඟ නැති වුනාට අනෙක් කාරණාවලට මම වරුණ එක්ක එකඟයි...

Methmalie Dissanayake
Fiqri අයියේ..ගිහියන්ගේ ආවාහ විවාහ බැඳීම වලට හාමුදුරුවරු මැදිහත් වෙන එක විනය විරෝධී දෙයක් ද..?

Fiqri Ismail
විනය හැටියට.. ස්වාමින්වහන්සේ කෙනෙකුට ගිහියෙකුට බට පතුරක් දෙන තරමට හෝ සම්බන්ධයක් තියාගන්න බැහැ..

Udara S C Wilathgamuwa
විනය පැත්තක තිබ්බත්,සාමාන්‍ය බොදු අනන්‍යතාව ගැන හිතුවත් මෙක පට්ට මෝඩ වැඩක්

Fiqri Ismail
ආනන්ද හාමුදුරුවෝ බුදුන්වහන්සේගෙන් එකතරා අවස්ථාවකට අහනවා ස්වාමිනී මේ කාන්තාවන් සම්බන්ධව අපි කෙසේ හැසිරිය යුතුද .. කියලා.. එවිට උන්වහන්සේ කියනවා "ඇහැට නොදකින තරමට හොඳයි.." කියල.. ඉතින් පන්සලේ වෙඩිං ගන්න එක ගැන කවර කතාද..
Methmalie Dissanayake
එහෙනම් ඉතින් කොහොමත් පන්සලක විවාහයක් ගන්න එක සුදුසු නෑ..අනිත් තර්ක විතර්ක කෙසේ වෙතත්.
මට මතකයි පිච්ච මල පොතේ රාහුල හාමුදුරුවෝ ලඟට ගෑනු කෙනෙක් එනවා එයාගේ පුතා ට ව්වාහ කරලා දෙන්න බලාපොරොත්තු වෙන ගෑනු ළමයාගේ ගෙදර අයට ඒ කොල්ල ගැන විස්තර කියන්න පුලුවන්ද කියල අහන්න.
එතකොට තමා රාහුල හාමුදුරුවෝ කියන්නේ ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්න විනයෙන් ඉඩක් නෑ කියල.

Dushmantha Nuwan Bandara
වෙඩිම්ක් ගන්න මෙච්චර තැන් තියෙද්දි මොකටද පන්සල අස්සට රින්ගන්න හදන්නේ ?? එතන ඉන්නේ සසර කෙටි කරන උත්සහා කරන පිරිසක්.. ඒ කොහොම උනත් ඒ නිස්සුත් තාම පෘතක්ජනයෝ.. එහෙම මනුස්සයෙක්ගේ සීලයට හානියක් නෙවෙයිද වෙන්නේ ඕකෙන්.. අනික අපේ මිනිස්සු වෙන රටකින් ආවොත් බදාගන්නෙම කුප්ප ඇවතුම් පැවතුම් මිසක් හොද දෙයක් නෙවෙයි ... මගේ පුද්ගලික මතය පන්සල ඔය වැඩේට කොහෙත්ම සුදුසු නෑ.. අර කට්ටිය කිවුවා වගේ ඕකට පස්සේ හරි කලින් හරි ගිහින් වැද පුදාගන ආශිර්වාද ගන්න එක වෙනම කතාවක්.. ඒකටත් රොත්ත පිටින් යන්නයි දෙන්නා ගිහින් එක මල පුදලා සසරේ එකට ඉන්න පතන එකයි නම් විහිලුවක්.. මොකද එකට ඉන්න ලැබෙන එක කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක්.. අනික බුදු දහමේ හරය සසරේ එකට ඉන්නවා කියන එක නෙවෙයි සසර කෙටි කරගන්න එක...

Chandrika Yahampath
පන්සලක විවාහ ගිවිසගන්නවා පමනයි නේද එහෙම විවාහවෙනකවුරුත් කරන්නෙ....අපේ රටේ මිට පෙර සිරිතනම් විවාහයට පෙර ගෙදර වරුපිරිතක් හරි කියල දානයක් දීල තමයි බොහෝවිට විවාහයක් සිදුවන්නෙ...එහෙම නැතත් පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියල පිරිත් නූලක් එහෙම බැදගෙන එනව ආශිර්වාද අරන්..බොහෝ දුරට දැන් හැමදෙයක්ම විලාසිතාවක් වෙනව පමනයි...


http://www.facebook.com/groups/why.socialnetwork/permalink/584421648257828/


Saturday, May 4, 2013

ශාක්‍ය වාංශික සරකානි සෝවාන් මාර්ගපලය ලබාගත්තද සුරාපානය අත් නොහළේ ඇයි?




චතුර දසනායක විසින් 2012.03.07


නිපුන්
ඕන් මම නම් දන්නෙ නෑ එයාගෙන් අහල බලමු

චතුර
සරකානි කවුද කියල නොදන්නවා නම් සරකානි කියන්නේ සුද්දෝදන රජුගේ බාල සහෝදරයා ශාක්‍ය වාංශික මහානාම ගේ පුතා.

සිදුහත් කුමරු බුදු උනා. රාහුල කුමරුත් පැවිදි උනා සුද්දෝදන රජුගේ බාල සහෝදර අමිතෝදන රජුගේ පුතා අනුරුද්ධ කුමාරයත් පැවිදි උනා. රජ කමට උරුමය ලැබුන සරකානි අධික මත්පැන් ලෝලියෙක් නිසා එයාට රජකම එපා කියලත් කිව්වලු.

අසංක
අම්මපා??????? ඌ මාර යකෙක්නේ

උදාර
මෝඩයෙක් උනත් හිත හොඳ මිනිහෙක් හැඩයි.

චතුර
ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර සරකානිගේ බව දන්නවාද

එකල්හි කපිලවස්තු නුවර සොබා මධු ලෝලියා වුයේ සරකානී ශාක්‍යසිංහය. උයන්තලා මල් ගොමු අතර වැතිර සුරා මී දියෙන් ලවන් පොගමින් ඔහු ගී ගැයුවා. ඒ හී ඔහුගේමය. තවත් කලක සදපාහන පයා පතිත රාත්‍රියක රෝහිණී නදී ඉවුරට විත් තම සළු උනා නිරුවත් වුනා. ශක්‍යසිංහයන්ටම උරුම කහ රෝස කමනීය පුරුෂ ලාලිත්‍යයෙන් අනූන තම සිරුර සද දියට තෙමෙන්නට ඉඩ දී සරකානී කිවේ, හෙතෙම සද දියේ බැස රමණයේ යෙදෙන බවකි. තව විටක ගණපත අදුරු රැයක ඔහු රන්තරු මැල බදින අහස සමග රාග සුව වින්දේය. පුදුමය සරකානී කිසි කලෙක කුමරී පහසක් හෝ කුමර පහසක් රාග බන්ධනයේ නොවු හැටිය. සැබවින්ම සරකානීගේ රාග බැදීම මධූ මී ය. මේ සියල්ල අතර ඔහුගේ දිවිය සපුරා සුරාව සමග මුසුව සෙබා දහමට සහාවාස වු ප්‍රණිත සංතර්පණයකි.

මේ සරකානී කිඹුල්වත් නුවර රමණිය රුක් ගොමු අතර වැද ලලිත කතා ගෙත්තම් බැන්දේය. දිවිය සහ එහි අරුත සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම බැව් ඔහු, ඔහු තුලම අත්වින්දේය. එත් ඔහුට කන් දුන්නේ ගහ කොළ, ඇල දොළ, මල් පියළි, සතා සීපාවා සහ සද තරු විතරම ය. තම අභිමානවත් වංශය විසින් ඔහුට උරුම කල විසල් දේපල අතහැර දැමු සරකානී කෙතරම් සුරාවට පෙම් වැන්දේදයත් ඔහුට ශාක්‍යසිංහ කිරුළ හිමි වු කල එයද ප්‍රතික්ෂේප කළේය.

ඒ තෙමේ සුරාවට බැදී ප්‍රේමණිය බව නිසාම එතැන් පටන් සරකානී උමතු මිනිසෙකු ලෙස සමාජය දුටුවේය. ශාක්‍යන් පවා සරකානීව පිළිකුල් කරන්න පටන් ගති. ඒ ඔහු දොඩන්නට පටන් ගත්තේ සංකල්ප වලින් ඔබ්බට දිවෙන කමනීය දර්ශණයක භා‍විථාර්තයක සෞන්දර්්‍යාශයක් නිසාය. කෙසේ වෙතත් සංතෘප්ත නුතනවාදී මගධ භාරත සමාජය තුලින් සිතුවිල් කැරැල්ල පටන් ගෙන තිබු මේ සමයෙහි සිතුවිලි ඇති හැමෝම බල කදවුරු බදිද්දී සරකානී සිතුවිලි සමග රමණයේ යෙදෙමින් පා වෙන්න පටන් ගත්තේය.

ජිවිතයේ ඉම, මායාව සමග කැලතී ඇති බව කියමින් සරකානී සුරාවෙන් මායාව විනිවිද ජිවිතය වින්දනය කල අපුරු මිනිසා විය. ඔහුට දේශණ කරන්නට හෝ ලියන්නට දර්ශණයක් නොවිණි. ඔහු දර්ශණය තුමුම වින්දනය කරමින් පරම ප්‍රිතී ප්‍රහර්ෂය අත් දුටුවේය.

විටක තම ලොකු තාත්තාගේ රාජධාණියේ ම විදියක සුරාවෙන් කිමිද සුවසේ නිදන්නේ ය. තවත් විටක සොහොන් බිමක වැද නිදි සුව වින්දේ ය. එක් දිනෙක ශාක්‍ය කෝලීය දෙවංශය ජාතිවාදයෙන් පුපුරා රෝහිණි නදී දියවරට යුධ වදින්නට විය. එවිට සරකානී ඒ නිල් ගගුලේ කිමිද කිමිද මධු මී බොමින් පාව ගියා.
තවත් කලෙක නුවර විදී කාණු වල බැස ඔහු ගී මුමුණමින් නිදන්නේ ය. පුදුමය තවත් කාලයක සරකානී මල් උයනක වැද පරමල් ඇතුරු යහනක සැතපී සුරා මී තොල ගාමින් කල් ගත කල අපුරුවය. වස්ත්‍ර, ආහාර, නිතීරිතී තබා ඔහුට දින කාල වන් කිසිදු සංකල්පයක්වත් වැදගත් වුයේ නැත.

සරකානී ශාක්‍යසිංහ පුදුමයකි. ඔහු කිසිවිටක අභියෝග නොකල කිසිවක් සමග නොගැටී ජිවිත වන්දනාවක් කර ගත් යාත්‍රිකයෙකි. ඔහුට රාජධානියේ ඔබ මොබ සරන සමනලයෙකු සමග කියන්නට කතාවක් තිබුණද එහි යන එන දස දහස් ගනන් දෙස් විදෙස් ජනයාට කියන්නට කිසිත් නැත. විදී සරනා රාගී ලියන් ද, මැදුරු පුර වෙසගනන් ද ඇවිත් සරකානීගේ ලලිත උමතු පුරුෂ ආඛ්‍යානය විදින්නට තැත් කල විට ඔහු තෙමේ තම මැදුරු වතු උයන් ඔවුනට පවරා ස්වකීය පුරුෂ පිවිතුරුව රැක ගත්තේය. සුබවින් ම සුරාවට පිදූ සිරුර සරකානී කිසිවෙකුට පුදන්නට නොගියේ ය. පුරාව වු කලී, පුජාවක් කොට ස්ව සිරුරම එයට පුජා කරමින් සරකානී දිවි සරන්නට විය.

කාලය තව තිස් දෙවසරක් සංකල්පීයව ගෙවි ගියා. දිනෙක සද පහන නිවි ඉරමල පිපිදෙන යාමයේ සරකානී ශාක්‍යසිංහ කිඹුලවත් නුවර මල්මදාරා මාවතේ ගජමදාරා මල් ගොමුවක මියැදි සිටියහ. වංශයට කැළකත් වු ද, හුදි ජනතාවට පලක් නොවු ද, ඔහුගේ නිසළ සිරුර ඔහේ තිබිණ.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගම් සිය දහස් දුර ගෙවා ආනන්ද හිමියන් ද කැටුව කිඹුල්වත් නුවර මල් මදාරා මාවතට වැඩම කළහ. සරකානීගේ සිරුර තම දෝතින් ගෙන ගෞරවණියව මිහිදන් කළහ. ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර එයයි. එය සුරාලෝලියෙකුගේ ය.

එකල් හී මේ පුවතින් රටම කැළඹිණි. සදාචාරවාදීන් ඊනියා සුචරිත බලමුළු විදී බැස්සෝය. බුදුන් විනය විරෝධි අසංස්කෘතික අසම්මතයෙකු බවට බමුණු පුජක ගණයා තවත් හඩින් කියමින් පෙළපාලියකින් ආරාමය වට කළෝය. සුචරිතවාදීන්ගේ වියරු හඩ අරාම මළුව බිද නැගෙන්නට විය. ඔවුන් ඉදිරියට ම පියවර මැන වැඩම කල තථාගතයන් වහන්සේ මෙලෙස වදාරන්නට විය.

"සරකානී සෝවාන්ගාමී ය............ තොප සියල්ලන්ට ම ඥාණනය කල නොහැකි වු සදාචාරය දුටුවෙකි........... ඔහු බුද්ධ රාජ්‍යයේ පුරවැසියෙකි............."

සරකානී ශාක්‍යසිංහට‍ ගෞරවක් සේ ථෙරවාදි ත්‍රිපිටකය තුල අදත් මේ පුවත එ‍ලසම ලේඛාණාරූඪව ඇත. සියවස් ගණනාවක් මුළුල්ලේ පස්වන සිල්පදය වරදවා ගත් ජාතියටත්, සුරාවේ ඇරඹුම-ඉම නොදත් සියල් සුරා ලෝලීන්ට ද "සරකානී ශාක්‍යසිංහ කුමරු තෙමේ භාවනාවක් වේවා..."

ජනක
~අපි ශුද්ධ වූ සව්දිය පුරමු!...

චතුර
විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.

* සෝතාපන්න ආර්යයා නිසැක ව ම දන්නවා සියලු සංස්කාර ධර්ම අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි, යන බව.

* සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මජ්ජිම නිකායේ 115බහුධාතුක සූත්‍රයේ මේ කරුණ අඩංගු වෙනවා.

1. මව මැරීම

2. පියා මැරීම

3. රහතන් වහන්සේ නමක් මැරීම

4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

(එහෙත් මේ සියල්ල පෘථග්ජනයකු අතින් සිදුවිය හැකියි.)

සෝවාන් වූ අය අතින් අකැමැත්තෙන් සිදු වන අකුසල් පටිවිරතෝ ගණයට යි, අයත් වන්නේ. රහත් නො වූ, එ නම් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමි අය ගේ සීලය පටිවිරතෝලෙස හඳුන්වන්නේ ඔවුන් අතින් කිසියම් මට්ටමකට අකුසල් සිදු වන්නට හැකි නිසා යි. ඒත් රහත් වූ අයට සීලය පිහිටන්නේ වේරමණීලෙස යි. එවැනි උතුමන් අතින් එම සීලය බිඳෙන්නේ ම නැහැ.

සෝවාන් වූ කෙනකු අතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යම් කුඩා පාපයක් කෙරෙන්න පුළුවන්. ඒත් පාප ගති ලක්‍ෂණයට පත්වෙලා අගතිගාමි වෙන්නේ නැහැ. තිරිසන්, නිරය, ප්‍රේත තත්ත්වයට පත් වන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක දැක වරද සකස් කර ගනිමින් මත්තෙහි දී සංවරයේ පිහිටන්නට බලනවා. මෙය හඳුන්වන්නේ ආයති සංවරය යනුවෙන්.

අතේ වණයක් තුවාලයක් නොමැති ව විස ඇල්ලූ විට ඒ විස ශරීරයට ඇතුළු නො වන්නාක් සේ සතර අපා ගතවන ප්‍රබල පාප චේතනා දුරු කළ සෝවාන් ඵල ලාභියා සතර අපා ගතවන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

එහෙත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම, සංඝ භේදය සහ නිවන් සඳහා අන්‍ය ශාස්තෘවරුන් සරණ යෑම යන මේ කාරණා හය කවර ම ආකාරයෙන් වත් සිදු නො වන බව නිසැක ව ම අප දැන ගත යුතු කාරණයක්.

සක්විති රජ කෙනකුටත් වඩා, ධ්‍යාන ලැබූ පුද්ගලයකුටත් වඩා, සෝවාන් වූ පුද්ගලයා ආශ්චර්යවත් වන්නේ ඔහු තම සසර ගමන ඉදිරි භව හතකට සීමා කරගෙන - කෙටි කරගෙන ඇති නිසාත්, ඔහු සාක්‍ෂාත් කර ගනු ලැබූ ආර්ය මාර්ග ඵලය කවර හේතුවක් නිසා වත් භව ගමන මුළුල්ලේ ම පිරිහෙන්නේ නැති නිසාත්, ම යි. අප ඉතා ඕනෑකමින් යුතු ව පුන පුනා - යළි යළිත් නැවත නැවතත් හැම විට මත් පසු කරන චිත්ත ක්ෂණයක් පාසාමත්, සිහියේ තබා ගත යුත්තේ සෝවාන් ඵලයට පත් වීම අපට ලබන්නට අපහසු දෙයක් නො වන බව යි.

භාරතයේ හින්දු දේව පුරාණයෙහි දැක්වෙන පරිදි දුර්වාසස් නමැති සෘෂිවරයා ගේ ශාපයක් නිසා දුබල වූ ඉන්ද්‍ර, අසුරයනට එරෙහි වකළ සටනේ දී පරාජයට පත් ව සුරසේනා පිරිවරා විෂ්ණු දෙවියන් වෙත ගොස් පිහිට අයැද තිබේ. එ විට විෂ්ණු දෙවියන් ගේ උපදෙස වූයේ අමරණීය වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුª බව ය. විෂ්ණු දෙවියන් ගේ් උපදෙස් අනුව සුරයන් හා අසුරයන් එක් වී මන්දාර පර්වතය මත්ථන දණ්ඩක් ලෙස ගෙන කිරි මුහුද කළඹා අමෘත නමැති අමරණීය පානය ලබා ගත්තේ ය. එ සේ ලොවට බිහි වූයේ යැයි සැලැකෙන අමෘත හෙවත් සූරාව අතීත හින්දුවරුන් සිය ආගමික පූජාවන් සඳහා යොදා ගත් බව ද පැවැසේ.

එහෙත්, ශ්‍රී ලාංකිකයන් සුරා පානයට ඇබ්බැහි වූයේ ඉන්දු - ලංකා සබඳතා නිසා නො වේ.