Saturday, April 27, 2013

නිදාගන්න කිට්ටු වෙලා තේ, කෝපි වගේ පානයන් බොන්න එපා කියන්නේ ඇයි?




ජනක රාජපක්ෂ විසින් 2012.01.30

හිරුන්ද
කෝපි බිව්වම නම් නිදි මත නැතුව යනව

සංජය
ඔව්

දිල්මි
නින්දේදී ශරීරයේ වකුගඩු, හදවත, අක්මාව, පෙනහලු ආදී අවයවවල ක්‍රියාකාරීත්වයද නැවුම් වේ.මේ නින්දට විවිධ බාධා ඇතිවිය හැක. කෝපි ශරීරය උනුසුම් කරවන පානයකි.මෙමඟින් ශරීරය උත්තේජනය කරයි.මෙම උත්තේජක මඟින් ශරීරය උත්තේජනය කොට ශරීරයෙන් නින්ද පලවා හරියි. තේවල හා කෝපිවල CAFFAIN (කැෆේයින්) සහ (ෆොලේවනොයිඩ්ස්‌) නැමති රසායනික සංයෝගය අන්තර්ගතව ඇත. මෙම රසායනික සංයෝග මගින් ස්‌නායු පද්ධතිය උත්තේජනයට ලක්‌කිරීමක්‌a සිදුවෙනවා. තේ බීම ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුවත් එයට ඇබ්බැහි වීම සුදුසු නැහැ. ඕනෑම කෙනෙකු තේ හෝ කෝපි සඳහා ඇබ්බැහි වීමක්‌ සිදුවීමට පුළුවන්. ඒ ගැන ඔබ තරමක්‌ සැලකිළිමත් විය යුතුයි. ඕනෑම දෙයක්‌ ඕනෑවට වඩා වඩා සුදුසු නොවේ යෑයි අප අතර කියමනක්‌ තිබෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කිරීම වැදගත්.

තේ, කෝපිවල අඩංගුව ඇති (ෆෙලේවනොයිඩ්ස්‌) රසායනිකය මගින් අප ශරීරයේ ඇති (රුධිරයේ) කෘඛ (කොලෙස්‌ටරෝල්) නැති කිරීමද සිදු කරනවා.

එමෙන්ම තේ හා කෝපිවල ඇති කෙදිමය ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් අවශෝෂණය අඩු කිරීමද එහි ප්‍රතිඔක්‌සිකාරක ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් විනාශ කිරීමද සිදුවේ. මේ නිසා තේ පානය හෘද රෝගීන්ට වඩාත් හිතකරවේ. සමහර අය

තේ එක රසකර ගැනීමට විවිධ උපක්‍රම හා රසකාරක භාවිත කරන්නට නිතතින්ම පෙළඹේ. ඔබේ තේ බදුනට දෙහි ඇඹුල් ස්‌වල්aපයක්‌ මිශ්‍ර කිරීමෙන් ඊට රසයක්‌ එක්‌කර ගත හැකිය. ෆෙලේවනොයිඩ්ස්‌ නිසා රුධිරයට Fe 3 + (අයන් ) වැඩිපුර අවශෝෂණය කිරීමද සිදුවේ. එමෙන්ම ශරීරයට විෂ සහිත රසායනික කාණ්‌ඩ වලින් අපේ සිරුර ආරක්‌ෂා කර ගැනීමේ හැකියාවක්‌ද තිබේ. එමෙන්ම මෙය බැක්‌ටීරියා වයිරස්‌වලට ප්‍රතිශක්‌තියක්‌ ලෙසද ක්‍රියා කරයි. ඒනිසා වයිරස්‌ හා බැක්‌ටීරියාවලට එසේ ක්‍රියා කිරීමට අප සිරුරේ ප්‍රතිශක්‌තියක්‌ද වඩවයි.

තේ හෝ කෝපි බීමෙන් මානසික උද්දීපනයක්‌ මෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට ශාරිරික උත්තේජනයක්‌ද ලැබේ. ඒ නිසා වැඩ කරන කෙනෙකුගේ කාර්යක්‌ෂමතාවය වැඩි දියුණු කරයි.

තේ සහ කෝපි බදුන මගින් ශරීරයට පෝෂණයක්‌ ලැබේ. තේ හා කෝපි පානය කිරීමේදී සීනි ද භාවිත කරන නිසා ශක්‌ති ප්‍රමාණයක්‌ද සිරුරට ලැබේ. එම නිසා බඩගිනි වෙලාවට තේ හෝ කෝපි කෙටි ආහාර වේලක්‌ ලෙසද පානය කළ හැකිය.

වැඩිහිටියන්ට පමණක්‌ නොව මාස හය පමණ සිට කුඩා දරුවන්ටද තේ කහටවලට සීනි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දීමද සුදුසුයි.

පාසල් දරුවන්ට පැණි බීම බීමට දෙනවාට වඩා තේ පානය කිරීමට දීමද අහිතකර නොවේ. පාඩම් කටයුතුවල යෙදීසිටින දරුවන්ට මෙන්ම නිදිමරාගෙන වැඩ පලෙහි යෙදන අයටද තේ හා කෝපි බීමෙන් මානසික උත්තේජනයක්‌ ශාරීරික උත්තේජනයක්‌ ලබා ගත හැකියි.

පෝෂණ විද්‍යාඥ වෛද්‍ය සෙලි ප්‍රනාන්දුගේ ලිපියක් ඇසුරිනි
හිරුන්ද

මේක ටයිප් කරන්න කොච්චර වෙලා ගියාද... ගොඩක් වටිනව...
අසංක

මට තේකක් නොබි නින්ද යන්නේ නෑ...
සිතුමි
මටත් නිදාගන්න දත් මදින්න කලින් කිරි කොපි එකක් බොන්නම ඔනේ නැත්නම් නින්ද යන්නේ නැහැ.

මූලාශ්‍රය





Thursday, April 25, 2013

බ්ලොග් අවකාශයට පිවිසෙන අපි


~~ අපි කවුද ~~

තාක්ෂණය හමුවේ විශ්ව ගම්මානයක් වු ලෝකය පුරා විහිදුණු ශ්‍රි ලංකේය සහෝදරත්වය සනිටුහන් කරමින්, FaceBook සමාජ ජාල අඩවිය ඔස්සේ එක් වුණු ඇයි???|WHY??? සමූහය



~~ මොනවද කරන්නේ ~~

සෑම දෙයක්ම විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරිමට සකසා දුන් ඉඩක, එදිනෙදා අපිට හමුවන සමාජීය,දේශපාලනික,ආගමික,අධ්‍යාපනික,කලා, සංස්කෘතිකමය,හාස්‍යමය වැනි පුළුල් පරාසයක ස්වයං විනයක් සහිතව මාතෘකා සාකච්චාවට බදුන් කරයි 


~~ ඇයි බ්ලොග් එකක් ~~

Face Book තුළට පමණක් සීමාවු අපේ සමූහය තුළ රැඳෙන දැනුම සමස්ත සිංහල සයිබර් අවකාශය තුළ සැරිසරන්නා වූ බ්ලොග් කියවන ලියන සහෘදයන් සමගද බෙදාගැනීමට සහ දවසකට පෝස්ට් 10කට වඩා පළවෙන, සාකච්ඡාවෙන තැනක යට ගිය පෝස්ට් එකක් නැවත සොයාගැනීමට සිදුවෙන අපහසුතාව මගහැර ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට


~~ මොනවද බ්ලොග් එකේ තියෙන්නේ ~~

අපි කාට හරි මතුවෙච්ච නමුත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙච්ච හෝ ගොඩක් දෙනෙක්ට දැනුමක් ලබාගන්න පුළුවන් විදියේ පොස්ට් සහ එහි කොමෙන්ට් එක පොස්ට් එකකට ගොනු කරලා මසැසින් දැක මනැසට උකහා ගැනීමට දෙයක්




අපි