Saturday, May 4, 2013

ශාක්‍ය වාංශික සරකානි සෝවාන් මාර්ගපලය ලබාගත්තද සුරාපානය අත් නොහළේ ඇයි?




චතුර දසනායක විසින් 2012.03.07


නිපුන්
ඕන් මම නම් දන්නෙ නෑ එයාගෙන් අහල බලමු

චතුර
සරකානි කවුද කියල නොදන්නවා නම් සරකානි කියන්නේ සුද්දෝදන රජුගේ බාල සහෝදරයා ශාක්‍ය වාංශික මහානාම ගේ පුතා.

සිදුහත් කුමරු බුදු උනා. රාහුල කුමරුත් පැවිදි උනා සුද්දෝදන රජුගේ බාල සහෝදර අමිතෝදන රජුගේ පුතා අනුරුද්ධ කුමාරයත් පැවිදි උනා. රජ කමට උරුමය ලැබුන සරකානි අධික මත්පැන් ලෝලියෙක් නිසා එයාට රජකම එපා කියලත් කිව්වලු.

අසංක
අම්මපා??????? ඌ මාර යකෙක්නේ

උදාර
මෝඩයෙක් උනත් හිත හොඳ මිනිහෙක් හැඩයි.

චතුර
ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර සරකානිගේ බව දන්නවාද

එකල්හි කපිලවස්තු නුවර සොබා මධු ලෝලියා වුයේ සරකානී ශාක්‍යසිංහය. උයන්තලා මල් ගොමු අතර වැතිර සුරා මී දියෙන් ලවන් පොගමින් ඔහු ගී ගැයුවා. ඒ හී ඔහුගේමය. තවත් කලක සදපාහන පයා පතිත රාත්‍රියක රෝහිණී නදී ඉවුරට විත් තම සළු උනා නිරුවත් වුනා. ශක්‍යසිංහයන්ටම උරුම කහ රෝස කමනීය පුරුෂ ලාලිත්‍යයෙන් අනූන තම සිරුර සද දියට තෙමෙන්නට ඉඩ දී සරකානී කිවේ, හෙතෙම සද දියේ බැස රමණයේ යෙදෙන බවකි. තව විටක ගණපත අදුරු රැයක ඔහු රන්තරු මැල බදින අහස සමග රාග සුව වින්දේය. පුදුමය සරකානී කිසි කලෙක කුමරී පහසක් හෝ කුමර පහසක් රාග බන්ධනයේ නොවු හැටිය. සැබවින්ම සරකානීගේ රාග බැදීම මධූ මී ය. මේ සියල්ල අතර ඔහුගේ දිවිය සපුරා සුරාව සමග මුසුව සෙබා දහමට සහාවාස වු ප්‍රණිත සංතර්පණයකි.

මේ සරකානී කිඹුල්වත් නුවර රමණිය රුක් ගොමු අතර වැද ලලිත කතා ගෙත්තම් බැන්දේය. දිවිය සහ එහි අරුත සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම බැව් ඔහු, ඔහු තුලම අත්වින්දේය. එත් ඔහුට කන් දුන්නේ ගහ කොළ, ඇල දොළ, මල් පියළි, සතා සීපාවා සහ සද තරු විතරම ය. තම අභිමානවත් වංශය විසින් ඔහුට උරුම කල විසල් දේපල අතහැර දැමු සරකානී කෙතරම් සුරාවට පෙම් වැන්දේදයත් ඔහුට ශාක්‍යසිංහ කිරුළ හිමි වු කල එයද ප්‍රතික්ෂේප කළේය.

ඒ තෙමේ සුරාවට බැදී ප්‍රේමණිය බව නිසාම එතැන් පටන් සරකානී උමතු මිනිසෙකු ලෙස සමාජය දුටුවේය. ශාක්‍යන් පවා සරකානීව පිළිකුල් කරන්න පටන් ගති. ඒ ඔහු දොඩන්නට පටන් ගත්තේ සංකල්ප වලින් ඔබ්බට දිවෙන කමනීය දර්ශණයක භා‍විථාර්තයක සෞන්දර්්‍යාශයක් නිසාය. කෙසේ වෙතත් සංතෘප්ත නුතනවාදී මගධ භාරත සමාජය තුලින් සිතුවිල් කැරැල්ල පටන් ගෙන තිබු මේ සමයෙහි සිතුවිලි ඇති හැමෝම බල කදවුරු බදිද්දී සරකානී සිතුවිලි සමග රමණයේ යෙදෙමින් පා වෙන්න පටන් ගත්තේය.

ජිවිතයේ ඉම, මායාව සමග කැලතී ඇති බව කියමින් සරකානී සුරාවෙන් මායාව විනිවිද ජිවිතය වින්දනය කල අපුරු මිනිසා විය. ඔහුට දේශණ කරන්නට හෝ ලියන්නට දර්ශණයක් නොවිණි. ඔහු දර්ශණය තුමුම වින්දනය කරමින් පරම ප්‍රිතී ප්‍රහර්ෂය අත් දුටුවේය.

විටක තම ලොකු තාත්තාගේ රාජධාණියේ ම විදියක සුරාවෙන් කිමිද සුවසේ නිදන්නේ ය. තවත් විටක සොහොන් බිමක වැද නිදි සුව වින්දේ ය. එක් දිනෙක ශාක්‍ය කෝලීය දෙවංශය ජාතිවාදයෙන් පුපුරා රෝහිණි නදී දියවරට යුධ වදින්නට විය. එවිට සරකානී ඒ නිල් ගගුලේ කිමිද කිමිද මධු මී බොමින් පාව ගියා.
තවත් කලෙක නුවර විදී කාණු වල බැස ඔහු ගී මුමුණමින් නිදන්නේ ය. පුදුමය තවත් කාලයක සරකානී මල් උයනක වැද පරමල් ඇතුරු යහනක සැතපී සුරා මී තොල ගාමින් කල් ගත කල අපුරුවය. වස්ත්‍ර, ආහාර, නිතීරිතී තබා ඔහුට දින කාල වන් කිසිදු සංකල්පයක්වත් වැදගත් වුයේ නැත.

සරකානී ශාක්‍යසිංහ පුදුමයකි. ඔහු කිසිවිටක අභියෝග නොකල කිසිවක් සමග නොගැටී ජිවිත වන්දනාවක් කර ගත් යාත්‍රිකයෙකි. ඔහුට රාජධානියේ ඔබ මොබ සරන සමනලයෙකු සමග කියන්නට කතාවක් තිබුණද එහි යන එන දස දහස් ගනන් දෙස් විදෙස් ජනයාට කියන්නට කිසිත් නැත. විදී සරනා රාගී ලියන් ද, මැදුරු පුර වෙසගනන් ද ඇවිත් සරකානීගේ ලලිත උමතු පුරුෂ ආඛ්‍යානය විදින්නට තැත් කල විට ඔහු තෙමේ තම මැදුරු වතු උයන් ඔවුනට පවරා ස්වකීය පුරුෂ පිවිතුරුව රැක ගත්තේය. සුබවින් ම සුරාවට පිදූ සිරුර සරකානී කිසිවෙකුට පුදන්නට නොගියේ ය. පුරාව වු කලී, පුජාවක් කොට ස්ව සිරුරම එයට පුජා කරමින් සරකානී දිවි සරන්නට විය.

කාලය තව තිස් දෙවසරක් සංකල්පීයව ගෙවි ගියා. දිනෙක සද පහන නිවි ඉරමල පිපිදෙන යාමයේ සරකානී ශාක්‍යසිංහ කිඹුලවත් නුවර මල්මදාරා මාවතේ ගජමදාරා මල් ගොමුවක මියැදි සිටියහ. වංශයට කැළකත් වු ද, හුදි ජනතාවට පලක් නොවු ද, ඔහුගේ නිසළ සිරුර ඔහේ තිබිණ.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගම් සිය දහස් දුර ගෙවා ආනන්ද හිමියන් ද කැටුව කිඹුල්වත් නුවර මල් මදාරා මාවතට වැඩම කළහ. සරකානීගේ සිරුර තම දෝතින් ගෙන ගෞරවණියව මිහිදන් කළහ. ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර එයයි. එය සුරාලෝලියෙකුගේ ය.

එකල් හී මේ පුවතින් රටම කැළඹිණි. සදාචාරවාදීන් ඊනියා සුචරිත බලමුළු විදී බැස්සෝය. බුදුන් විනය විරෝධි අසංස්කෘතික අසම්මතයෙකු බවට බමුණු පුජක ගණයා තවත් හඩින් කියමින් පෙළපාලියකින් ආරාමය වට කළෝය. සුචරිතවාදීන්ගේ වියරු හඩ අරාම මළුව බිද නැගෙන්නට විය. ඔවුන් ඉදිරියට ම පියවර මැන වැඩම කල තථාගතයන් වහන්සේ මෙලෙස වදාරන්නට විය.

"සරකානී සෝවාන්ගාමී ය............ තොප සියල්ලන්ට ම ඥාණනය කල නොහැකි වු සදාචාරය දුටුවෙකි........... ඔහු බුද්ධ රාජ්‍යයේ පුරවැසියෙකි............."

සරකානී ශාක්‍යසිංහට‍ ගෞරවක් සේ ථෙරවාදි ත්‍රිපිටකය තුල අදත් මේ පුවත එ‍ලසම ලේඛාණාරූඪව ඇත. සියවස් ගණනාවක් මුළුල්ලේ පස්වන සිල්පදය වරදවා ගත් ජාතියටත්, සුරාවේ ඇරඹුම-ඉම නොදත් සියල් සුරා ලෝලීන්ට ද "සරකානී ශාක්‍යසිංහ කුමරු තෙමේ භාවනාවක් වේවා..."

ජනක
~අපි ශුද්ධ වූ සව්දිය පුරමු!...

චතුර
විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.

* සෝතාපන්න ආර්යයා නිසැක ව ම දන්නවා සියලු සංස්කාර ධර්ම අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි, යන බව.

* සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මජ්ජිම නිකායේ 115බහුධාතුක සූත්‍රයේ මේ කරුණ අඩංගු වෙනවා.

1. මව මැරීම

2. පියා මැරීම

3. රහතන් වහන්සේ නමක් මැරීම

4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

(එහෙත් මේ සියල්ල පෘථග්ජනයකු අතින් සිදුවිය හැකියි.)

සෝවාන් වූ අය අතින් අකැමැත්තෙන් සිදු වන අකුසල් පටිවිරතෝ ගණයට යි, අයත් වන්නේ. රහත් නො වූ, එ නම් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමි අය ගේ සීලය පටිවිරතෝලෙස හඳුන්වන්නේ ඔවුන් අතින් කිසියම් මට්ටමකට අකුසල් සිදු වන්නට හැකි නිසා යි. ඒත් රහත් වූ අයට සීලය පිහිටන්නේ වේරමණීලෙස යි. එවැනි උතුමන් අතින් එම සීලය බිඳෙන්නේ ම නැහැ.

සෝවාන් වූ කෙනකු අතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යම් කුඩා පාපයක් කෙරෙන්න පුළුවන්. ඒත් පාප ගති ලක්‍ෂණයට පත්වෙලා අගතිගාමි වෙන්නේ නැහැ. තිරිසන්, නිරය, ප්‍රේත තත්ත්වයට පත් වන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක දැක වරද සකස් කර ගනිමින් මත්තෙහි දී සංවරයේ පිහිටන්නට බලනවා. මෙය හඳුන්වන්නේ ආයති සංවරය යනුවෙන්.

අතේ වණයක් තුවාලයක් නොමැති ව විස ඇල්ලූ විට ඒ විස ශරීරයට ඇතුළු නො වන්නාක් සේ සතර අපා ගතවන ප්‍රබල පාප චේතනා දුරු කළ සෝවාන් ඵල ලාභියා සතර අපා ගතවන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

එහෙත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම, සංඝ භේදය සහ නිවන් සඳහා අන්‍ය ශාස්තෘවරුන් සරණ යෑම යන මේ කාරණා හය කවර ම ආකාරයෙන් වත් සිදු නො වන බව නිසැක ව ම අප දැන ගත යුතු කාරණයක්.

සක්විති රජ කෙනකුටත් වඩා, ධ්‍යාන ලැබූ පුද්ගලයකුටත් වඩා, සෝවාන් වූ පුද්ගලයා ආශ්චර්යවත් වන්නේ ඔහු තම සසර ගමන ඉදිරි භව හතකට සීමා කරගෙන - කෙටි කරගෙන ඇති නිසාත්, ඔහු සාක්‍ෂාත් කර ගනු ලැබූ ආර්ය මාර්ග ඵලය කවර හේතුවක් නිසා වත් භව ගමන මුළුල්ලේ ම පිරිහෙන්නේ නැති නිසාත්, ම යි. අප ඉතා ඕනෑකමින් යුතු ව පුන පුනා - යළි යළිත් නැවත නැවතත් හැම විට මත් පසු කරන චිත්ත ක්ෂණයක් පාසාමත්, සිහියේ තබා ගත යුත්තේ සෝවාන් ඵලයට පත් වීම අපට ලබන්නට අපහසු දෙයක් නො වන බව යි.

භාරතයේ හින්දු දේව පුරාණයෙහි දැක්වෙන පරිදි දුර්වාසස් නමැති සෘෂිවරයා ගේ ශාපයක් නිසා දුබල වූ ඉන්ද්‍ර, අසුරයනට එරෙහි වකළ සටනේ දී පරාජයට පත් ව සුරසේනා පිරිවරා විෂ්ණු දෙවියන් වෙත ගොස් පිහිට අයැද තිබේ. එ විට විෂ්ණු දෙවියන් ගේ උපදෙස වූයේ අමරණීය වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුª බව ය. විෂ්ණු දෙවියන් ගේ් උපදෙස් අනුව සුරයන් හා අසුරයන් එක් වී මන්දාර පර්වතය මත්ථන දණ්ඩක් ලෙස ගෙන කිරි මුහුද කළඹා අමෘත නමැති අමරණීය පානය ලබා ගත්තේ ය. එ සේ ලොවට බිහි වූයේ යැයි සැලැකෙන අමෘත හෙවත් සූරාව අතීත හින්දුවරුන් සිය ආගමික පූජාවන් සඳහා යොදා ගත් බව ද පැවැසේ.

එහෙත්, ශ්‍රී ලාංකිකයන් සුරා පානයට ඇබ්බැහි වූයේ ඉන්දු - ලංකා සබඳතා නිසා නො වේ.

12 comments:

  1. මෙය ඉතාම කදිම ලිපියකි.

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි....තව ඒවා දෙන්නම්

      Delete
  2. කන බොන එකාගේ හිත හොඳයි....

    ReplyDelete
    Replies
    1. කෑවා බීවා කියලා නිවනට බාධාවක් නෑ

      Delete
  3. අමෘත යනු සූරාව ද?


    https://www.facebook.com/groups/IQ.Knowledge/permalink/239554452853587/

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අමෘතය කියන්නේ සුරාවටද බං?....
    ෂිහ්.. මාරයි ආ...
    මේක ගැන වෙනමම ලිපියක් ගියොත් හොදා නේහ්...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. එළැ. මේක අද අපි කතා කර කර හිටිය ප්‍රශ්නෙක කොටසක්. සුරාව බෞද්ධ ඉතිහාසයටත් වඩා ගොඩක් පරණයි එවකට සුරා සහ මුද්‍රික ලෙස මධ්‍යසාර කාණ්ඩ දෙකක් තිබු බව සදහන් සාහිත්‍යයේ පමණක් නොවේ - ඓතිහාසික උදාහරණ වලින් කියවෙන්නේ සුරාව ලංකාවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම විනෝද අවස්ථාවල භාවිතා කල බව සදහන් වෙනවා. මුද්‍රක පානය වශයෙන් සැලකෙන්නේ වයින් වර්ග - අනෙක්වා සුරා

    ReplyDelete
  8. අපේ උන්ගෙ ප්‍රතිචාර. මේ ලිපිය ගැන:

    …Subhaga Herath: පට්ට ලිපියක්නේ Cricheck Jay-k

    Cricheck Jay-k: වයි ගෲප් එකේ බ්ලොග් එක.

    Kus Fernando: චීන වූෂු සටන් කළාවේ ඩ්‍රන්කන් ස්ටයිල් කියලා ශෛල්‍යයක් තියනවා.. ඒක හමුදුරුවරුත් කරනවා...

    Violet Rooks: අනේ මේ බොන අය හිත හදාගෙන බොන්න කොයිතරම් රසවත් විදියට මේ ගැන වර්ණා කරලා තියෙනවද

    Kus Fernando: මරු ලිපියක්නේ.... සදාචාරවාදීන් අනාතයි....

    ReplyDelete
  9. මා මේ ගැන දන්නේ අදය..බුදුන් වහන්සේ මෙවන් පිංකම් කල බවක්වත් අපේ හාමුදුරුවරු කියන්නේ නැහැ නෙව..

    ReplyDelete