By Lakmini MH
- You, Nimesh Gamage, Shanika Harshani PatikiriKorala, Hasarali Fernandoand 12 others like this.
- Damindra Lakmal Thennakoon ආදරය වෙනුවෙන් ජීවතය පූජාකරද්දි තමන්ගේ දෙමව්පියන් ගැන නොහිතෙන එක නම් ලොක පුදුමයක්. ලමයෙක් පිලිසිද ගත්ත දවසේ ඉදලා මැරෙනක් අම්මා තාත්තා කොච්චර දුක් විදිනවද. කොටින්ම මල මුත්‍රා ම කොච්චර නාන්න ඇද්ද. කොච්චර මහන්සි වෙලා හම්බ කරන්න ඇද්ද. කොච්චර බලාපොරොත්තු තියාගන්න ඇද්ද. කොච්චරකැපවීම් කරන්න ඇද්ද. මේ සේරම පැත්තක දාල ලබ්බක් හින්දා මැරෙන වානම් ඒ වගේ උන්ට දඩ ගහන්න ඕනෙ
- Methmalie Dissanayake මේකයි දමින්ද්‍ර අයියේ ආදරයක් නැති වෙනවා කියන්නේ ජීවිතේ ඉස්සරහ ගැන මවපු හීන ඔක්කොම කැඩිලා බිඳිලා යන එක.ඒක දරාගන්න ගොඩක් අමාරුයි.අම්ම තාත්ත එක්ක අනාගතේ ප්ලෑන් කරන්නේ නෑ නෙ.ඒ නිසයි එහෙම හැසිරෙන්නේ මිනිස්සු..අපි කොච්චර පොර ටෝක් දුන්නත් අපිට එහෙම දෙයක් වුනොත් අපි කොහොම හැසිරෙයිද කියල කාටවත් අනාවැකි කියන්න බෑ.
- Lakmini MH ගොඩක් අය අනිකා එක්ක අනාගතේ ප්ලෑන් කරනව නෙමෙයි අනිකා තමන්ගෙ ජීවිතේම කරගෙන එයින් තොර ලොවක් නෑ එයා නැති වුනොත් මට ජීවිතයක් නෑ කියල හිතන එක .
- Nimesh Gamage ඇත්ත .. අනාගතේ මවන සිහින ඒවා සිහින විතරක් කියලා තේරුම් ගන්න .. සිහින කියන දේවල් අයේ දකින්න පුළුවන් කියන එක මතක තියා ගත යුතුය ...
අන්න හරි ලක්මිණි නගා ..
(ජීවිතය නැති කරගන්නා උන් ගැන වචන නාස්ති කිරීමත් අපරාධයකි ) - Chandrika Yahampath තරුන වියේදී ඇතිවන ආදරය මොනයම් හේතුවක් නිසා නැතිවුනාම එය දරාගන්න අමාරුයි තමයි ඒත් ජීවිතය නැතිකරගන්නතරම් මෝඩවෙනවනම් ඒක තරම් විහිලුවක් තවත් නැහැ.....තමුන්ගේ නොවන අනුන්ගේ ආදරයකට
- Damindra Lakmal Thennakoon Methmalie නගා හොදයි ඔය ප්ලෑන් ඒ විදිහටම වෙනවද. එහෙම වුනාද මෙච්චර දවස්, අඩුම තරමේ ගහපු ප්ලෑන්වත් මතක නෑ... ඒ වෙලාවට තමන්ට නැති වුන ආදරේ ගැන දුකෙන් බෙල්ලේ වැල දාගත්තට අර අහින්සක අම්මටයි තාත්තාටයි තිබුන එකම බලාපොරොත්වට මොක්ද වෙන්නේ. එයාල ජීවත් වෙලා ඉද්දිම තමන් මෙච්චර අවුරුදු ගානක් දුක් විදලා හදපු ලමයගේ මල කද දකිද්දි. ඒකත් ලෙඩක් දුකක් හින්දා නම් එයාල හිත හදා ගනී. අපිට 4 වසරේ උගන්වපු මිස් කෙනෙක්ගේ පුතෙක් කෙල්ල හින්දා කොච්චියට බෙල්ල තියලා මැරුනා. ඒ මිස් අදටත් අපි දකිද්දි ඉකි ගහගහ අඩනවා.ඒ සාපෙම ඇති ඒ කට.
අපිව කොච්චර අමාරුවෙන් දුක් විදලා අපේ අම්මලා හැදුවද කියන්න මම දන්නේ නෑ. මොකද එතකොට මම පොඩී නේ. ඒත් අද මම දන්න අය තමන්ගේ පුන්චි දරුවවා මාස 2ක් වෙන්නේ කවද්ද මාස 5ක් වෙන්නේ කවද්ද ඉස්කෝල් යන්නේ කවද්ද කිය කිය ඇගිලි ගනිමින් මල මුත්‍රා නාමින් රෑ තිස්සේ ඇහඇරගෙන මාරුවෙන් මාරුවට බබාව බලා ගන්න හැටි දැක්කම අපේ අම්මල විදපු දුකත් මට මැවිලා පේනව.
අපිට දෙයක් වුනාම කොහොම වෙයිද කියන එකට පෞද්ගලිකවනම් මට දෙන්න උත්තරයක් තියෙනව
මම අවුරුදු 5ක් ආදරේ කරපු කෙල්ලත් වෙන එකෙක් බැන්දා. ජීවිතෙ කෙල්ලක් කියලා හිටියේ එයා විතරයි. මම රස්සවලින් අයින් වුනා.මාස දෙක තුනක් ෆුල් අවුල් එකෙන් හිටියා. ඒ හැම වෙලාවෙම දුක් විදපු දෙන්නෙක් හ්හිටිඋයා ඒ තමා අම්මයි අප්පච්චි...ත්මන්ගේ කෙල්ල කොල්ලා වෙනුවෙන් ඇගේ කොටසක් හරි දෙන එක වෙනම දෙයක්. ඒත් නැති වුනා කියලා මැරෙන එක නම් ඉතින් මම දන්නේ නෑ. ඒක හරි කියන අයත් ඉන්න්නවනම් මට හිනා යන්නෙත් නෑ - Methmalie Dissanayake හරි කිව්වේ නෑ.
ඒ තැනට පත් වෙන්න හේතුවයි කිවේ.
මම කොතනකවත් හරි කියල තියෙනවා කියල මට නම් පේන්නේ නෑ.මගේ ඇ ස් හරියට පේන්නේ නැති නිසාද අනේ මන්දා - Damindra Lakmal Thennakoon නෑ නෑ ඔයාට නෙවේ කිව්වේ එහෙම හරි කියලා කෙනෙක් කියනවනම් මට ඒක වැරදී කියන්න බෑ. අපි එකිනෙකාගේ හිත වෙනස් නේ. මට හරි දේ තව කෙනෙකුට වැරදි වෙන්න පුලුවන්. එකයි මම හිනායන්නෙත් නෑ කිව්වේ.
- Methmalie Dissanayake ඔව්.එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස්නේ.මනුස්සයෙකුට පිටින් බලල කියන්න බෑ තව කෙනෙක් මෝඩයෙක් ද නුවණැත්තෙක් ද කියල.කෙනෙක් ආසාවට සුයිසයිඩ් කරගන්නේ නෑ.දරාගන්න පුළුවන් උපරිම සීමාවත් පැන්නට පස්සේ ඒ තත්වෙට පත් වෙන්නේ.මෝඩයා මෝඩයා නොකිය ඒ මනුස්සයාට එහෙම නොවී ඉන්න උදව්වක් කරනවානම් ඒක තමා වටින්නේ.
- Lakmini MH අම්ම තාත්ත විදින දුක නොතේරෙන ඒ වගේ මනුස්සයෙක්ට අපි කිව්වට වැඩකුත් නෑ . එහෙම අය දන්නෙ අනේ අරය නැතුව මට ලෝකයක් නෑ කිය කිය ඉන්න විතරයි . එහෙම අය හිතන් ඉන්නව තමන්ට මොනව හරි වුනාම ඒ ලව් කල එකා හරි එකී හරි දුක් වෙයි , පසුතැවිලි වෙයි කියල . වැඩි දෙනෙක් තමන්ට හානි කර ගන්නෙ එකම ඒ හේතුව නිසා .
- Damindra Lakmal Thennakoon ඔහොම කේස් එකකට මැරෙන්න හදන කෙනෙක්ව බේරගන්න එකම ක්‍රමය බොහෝ වෙලාවට පැනලා යන්න උදව් කරන් එක විතරහි හිකිස්. උන්ට එතනින් එහාට දෙයක් පේන්නේ නෑ. මට ඩොකෙක් කිව්වා එහෙම හුග දෙනක් මැරෙන්නේ එක්තරා හෝමෝනයක බලපෑමෙන්ලු. එයාල හිතනවලු මැරුනට පස්සේ හොද පාඩමක් අහවලී අහවලා ඉගෙන ගනී කියලා. එයලාට අම්මගැන තාත්තගන තියා තමන් ගනවත් හිතෙන්නේ නෑලු.
- Lakmini MH සමාජය කරන වැරැද්දකුත් තියෙනව . ඒ වගේ අය සාධාරණී කරනය කරන එක . ඒකා හරි ඒකී හරි ජීවිතේ විනාස කර ගන්නෙ අහ වලා හරී වලී හරි නිසා කියල අනිකට බනින එක . අම්මෝ ඉතින් අර ආදරේ කල විදියට ආයේ ජීවිතයක් ගැන හිතන්නද , අරූ හරි අරකි හරි තමයි මේකා හී මේකී මරා ගත්තෙ වැනි ප්‍රකාශ නිකුත් කිරීම . මේ වගේ දේවල් වලින් අර අවේ ඇහැට ඇගිල්ලෙන් අනිනකම් බලන් ඉන්න අය ප්‍රොමෝට් වෙනවා . කවුරු හරි දාල ගියාම අනික දුකක් නෑ වගේ ජීවිතේ ඉස්සරහට ගියා ඌ හෝ ඒකී හෝ හරියට ලව් කරල නෑ කියල හැගීමක් ඇති වෙනව . සමහරු වහ බොන්නෙ මැරෙන්නම නෙමෙයි , පෙන්නන්න .
- Waruna RK මගෙ අදහස මිට වෙනස්. සමා වෙන්න. මෙහෙමයි අපෙ අම්ම තාත්ත කසද බැන්දෙත් ලව් කොරලලු. තාත්තට අම්ම අකමැතිලු. තාත්ත කරල තියෙන්නෙ සීයව ශෙප් කරන එකලු. කොහොමින් හරි දෙන්න බැන්ද නිසා මම ඉපදුනා මිස මාව හදන්න බලාන් එයාල බැන්දෙ නෑ. එහෙම බැලුවම අම්ම තත්ත වුනත් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාලගෙ සිතුම් ඇතුම් ඉශ්ට සිදධ කරගන්න. අම්ම කිරි දිල හැදුව නිසා එයා මට තන්හාවයි. තාත්ත නැහිගෙන හම්බකරෙ පුතා ලොක්කෙක් කරල සමාජෙ ඉන්නව දකින්න එයා ආස නිසා. නැත්නම් එයාගෙ තත්වෙ මම රකිනව ඒක තන්හවක්.බලන්න. අපි වුනත් දකින්නෙ අපේ හින ද, . ? අම්ම තාත්ත අපිට පෙන්නපු හීන ද. අපෙ හීන එයාලගෙ හීන නෙවි. ජිවිතෙ නැති කර ගන්නෙ නම් අනුවන කමකට. කෙල්ලො කවදවත් පුද්ගලයට නෙවි ආදරේ කරන්නෙ උන් ආදරේ. . ආදරේට .ාඅදරේට නහින්න එපා ඒකත් තාවකාලියකයි. ඒක තණ්හාවක්
- Achela Manesh පුංචි දෙයක් එකතු කරන්නම් මේ සංවාදයට, ලොකු මානසික පීඩනයකට පත් වුනාම අම්මා තාත්තත් අමතක වෙනවා. ඒ වෙලාවට හිතට නැගෙන දේ ක්ෂණික ක්‍රියාවට නංවනවා. ඒක ඒ මනුස්සයගෙ මෝඩ කම නෙවෙයි. පීඩනයක් ඇති වෙලාවට මනස පාලනයක් සහිතව පවත්වාගැනීම පහසු නෑ..
- Lakmini MH කොල්ලො නම් නහින්නෙ කෙල්ලන්ට නේද වරුණ අයිය . හැමෝම අනිත් කෙනාගේ මොකක් හරි දේකට තමයි කැමති වෙන්නෙ . හැබැයි ඒ වෙනුවෙන් ජීවිතේ විනාස කර ගන්නව නම් මෝඩ කම තමයි .
අචෙල අයියෙ පීඩනයක් ඇති වෙන්නෙ හීන මවන නිසයි . අම්ම තාත්ත නැති වුඔත් ඔහොම පීඩනයක් එනවද ? නෑ නේ... - Achela Manesh පීඩනයේ ප්‍රමාණය නෙවෙයි වැදගත් ඒ පීඩනයට මුහුණ දෙන්නෙ කොහොම ද කියන එක.. අනතුරකට ලක් වුන අම්මගෙ කඳින් වෙන්වුන ඔළුව දෝතින් අරන් වැලපුන කාන්තාවගෙ video එක ඔයා දැකල ඇති.. ආදරේ වර්ග කරන්න මම දන්නෙ නෑ..
- Hansaka Wickramasinghe අන්න හරි ලක්මිණි නංගි. අම්මා, තාත්තා එක්කෙනයි ඉන්නෙ. සහකාරයෙක්/සහකාරීයක් හොයගන්න පුලුවන් එක්කෙනක් නැතිවුනොත්. අම්ම තාත්තා එහෙම බෑ. ඒත් අම්ම තාත්ත නැතිවුණාමත් නොඑන පීඩනය එහෙනම් ඒ කෙනා වෙනුවෙන් එන්නෙ ඇයි? ජීවිතේ නැති කරගන්න, විනාශ කර ගන්න තරම්.
තමංව දාලා ගියා කියන හීනමානය තමා බොහෝ දුරට මෙවැනි දේවල් වලට හේතුව. ඔයා දාලා ගියත් මං එහෙම නෑ, මං එක හිතින් ඉන්නවා ඔයා වෙනුවෙන් කියලා ඒ හීන මානයට ප්‍රතිවිරුද්ධව තමන් ගැන අධි මානයක් ඇති කරගන්නවා. ඒ නිසා තමයි ඔය ගැටලු. - Lakmini MH ඒකනේ අයියේ,අචල අයියේ, අම්මා තාත්තා නැති වුනාම කී දවසක් දුක් වෙයිද ? ඒත් කොල්ලෙක් නැති වුනාම ඊට වඩා කොච්චර ජීවිතේ විනාස කරගන්නවද ? ආදරේ නෙවෙයි ඒක නම් කෑදරේ
- Achela Manesh ආදරේ නිසා ජීවිතේ නැති කර ගතයුතු නැත.එය සැබැවි.එනමුත් එසේ දිවි තොර කරගන්නා සියල්ලෝ නාම්බන් හෝ නෑම්බියන් නොවෙති.. මව්පියන්ගෙන් වෙන්වූ විට දැනෙන දුක සංකාවට, පෙම්වතා හෝ පෙම්වතියගේ වියෝවක දී කේන්තිය, හීනමානය මෙන්ම ආතතිය ද එකතු වේ. එවන් අවස්තාවක දුර්වල තීරණ වලට එලැඹීම අරුමයක් නොවේ..
- Lakmini MH අන්න ඒ කතාව නම් හරි . දුක සාංකාවට වඩා අර දෙක නම් එහෙම කෙනෙක්ගෙ තියෙනව . ආදරේ අයිති කර ගැනීම විතරක් වුනාම අහිමි වීම දරා ගන්න බෑ . හැබැයි ඉතින් ආදරේ අන්ධයි , අපිත් එහෙමයි කියල අනික් කෙනා සෑහෙන්න විශ්වාස කරන් දවසක අහිමි වුනොත් යන සිතුවිල්ලක් නැතුව ඔහේ .... ආදරේ කරගෙන කරගෙන යන අය තමන්ටම හානි කර ගන්නකොට එයාලට වෙන දෙයක් කියන්න තේරෙන්නෙ නෑ . ඒක ලොකු වැඩක් කියලනෙ එයාල හිතන්නෙ. අනික් කෙනාට ආදරේ පෙන්වන්න තමන්ටම හානි කර ගන්න අය ඕනෙ තරම් . ඔය කියන දුක සාංකාවට වඩා පලි ගැනීම අරමුණ කරගෙන ජීවිතේ නැති කර ගන්න අයත් ඕනෙ තරම් .
- Lakmini MH අම්මප සෑහෙන ලොකු වැඩක් අයියෙ . තමන්ට ආදරේ කල අය සේරම දාල 1ක හීනයක් වෙනුවෙන් ජීවිතේම නාස්ති කර ගන්නව කියන්නෙ මර ආතල් වැඩක් නේ...
- Achela Manesh හංසක අයියේ, ඔයාට ආත්ම ධෛර්ය සහ පිස්සුව කියන දෙක පැහැදිලිව වෙන් කර හඳුනාගන්න බැරි අවස්ථා හමුවෙලා නැද්ද?
- Shanika Harshani PatikiriKorala ආදරේ අන්ධ නෑ සුදූ.. ආදරේ මුලාවෙන් රාගයට වහල් වෙච්චි ඈයො තමයි අන්ධ..2
- Hansaka Wickramasinghe පිස්සුව හැදුන කෙනා හිතන්නෙ මැරෙන එක ආත්ම ධෛර්ය කියලා. ඒක පිස්සුවෙ හැටි.
ආත්ම ධෛර්ය නැතිවෙන්නෙ ඇති වෙච්ච දුක දරාගන්න. ඒ දුක අපිමයි හදාගන්නෙ. ඒ දරාගන්න බැරිකමට කෙනෙක් මැරෙනවා නම් ඒක ආත්ම ධෛර්ය වෙන්නෙ නෑ.
පලය එකම වුවත් හේතුව වෙනස් නම් කරණා දෙක දෙකක්. - Hansaka Wickramasinghe තන්හාව ඇති වෙන්නෙ රාගය නිසා නෙමේද ශානිකා? රාගය යනු රතියට කියන තවත් නමක් නොවන බව කරුණාවෙන් සලකන්න
- Shanika Harshani PatikiriKorala දන්නවා තන්හාව නිසා රාගය ඇතිවෙන්නෙ මම හිතන්නෙ එත් දෙකම එකයි ලගින් යන සමනකම් තියෙනව
- Achela Manesh හරි.. ටිකකට ආදරේ, විරහව අමතක කරමු. පුංචි උදාහරණයක් දෙන්නම්, යම් අවස්තාවක උග්‍ර විසක් ශරීර ගත වෙනවා.ඇඟිල්ලකින් කියමු. ක්ෂණිකව ඇඟිල්ල කපා දැමුවොත් ජීවිතය රැක ගත හැකි නම්, වෙන යමක් කරන්න කාලයකුත් නැත්නම්, ඔබේ ඇඟිල්ල ඔබ විසින්ම කපා දමන්න ආත්ම ධෛර්යක් අවශ්‍ය නොවේ ද?
- Udara S C Wilathgamuwa වරුණ ගෙ කතාවෙන් අම්මා තාත්තාට සළකන එක වැඩක් නෑ වගේ එකක් යම් හිපාටුවෙක් ට හිතුනොත්. ඇයි ඒ ගොල්ල එක් වුනේ ලිංගික ක්‍රියාවකට මිසක් මං වෙනුවෙන් නෙමෙයි නෙ කියලා
- Hansaka Wickramasinghe පලය එකම වුවත් හේතුව වෙනස් නම් කරණා දෙක දෙකක්.
අචල කිව්ව කාරණාවට මූලිකව බලපාන්නේ ආත්ම ධෛර්යට වඩා මරණ භය නේද? - Hansaka Wickramasinghe අචල අහිංසක බල්ලෙකුට එක දිගට ගහන්න. ඌට පැනලා යන්න විදියක් නැතිනම් ඌ ඔබව හපාකයි. ඒකට ආත්ම ධෛර්‍යයක් කියලා කියන්න පුලුවන්ද?
- Waruna RK අම්මත තාත්තට නොසලකන්න හිතන එක නරකයි. එයාල අපි පිළිබඳව නොයෙක් තන්හා සිතුවිලි ඇති කරගෙන තමයි අපිව ලොකු මහත් කරන්න උපාය සපයා දෙන්නේ... මවගෙ ලේ කිරි වෙන්නේ දරුවට තියෙන ආදරේට.. ඒ ආදරේ වෙන දරුවෙකුට නෑ.. වෙන දරුවෙක් වෙනුවෙන් කිරි එරෙන අම්මල ඉතා විරලයි. ළදරු පාසලේ ළමයි දෙන්න ගහ ගත්තොත් අම්ම කියන්නේ මගේ එකාට අරු ගහල... එතකොට අම්මල දෙන්න වෙන වෙනම සිතන්නේ එකම විදියට. තමන්ගේ කුසයෙන් එලියට ඈ නිසා මවක් දරුවෙකුට සෙනෙහස දක්වන විදිය හදාගන්න දරුවෙකුට ඒ අම්මගෙන් නෑ... ඒ තණ්හාව නිසා... මු කොහොම හරි මට ඕන මගට යොමු කරන්න හිතන්නෙත් ඒ තණ්හාව නිසාමයි. නමුත් පිළිසිඳ ගත්තට පස්සේ තමයි අම්මල මම මෙන්න මේවිදියට දරුවෙක් හදල මෙන්න මෙහෙම කරනවා කියල සිතුවිල්ල හිතන්නේ... එතකොට දරුවා හැදීමට මුලින් වෙන සිතුවිල්ලක් තියෙන්නේ
- Achela Manesh හරි. කරුණාකර ඔබේ වචනයෙන් ආත්ම ධෛර්ය නිර්වචනය කරනු මැනවි.. ජංගමයෙන් සිංහල කෙටිල්ල පහසු නැති හෙයින්..
- Udara S C Wilathgamuwa වරුණ, අම්මා කෙනෙක් ගේ ආදරේ මත තමයි මිනිහෙක් ගෙ ජීවිතේ ගොඩ නැගෙන්නෙ. ඔබ ඔය කියන ගැඹුරට ගිහිල්ලා මෙතනදි කතා කළොත් ඒක අම්මට කරන අසාධාරණයක්..ඔය මා පියෝ කියන කතාවේදි බුදු හාමුදුරුවො උනත් සම්මුතිය මත ඉඳලා අනුසාශනා කළා මිසක් වැඩිපුර පරමාර්ථයට ගාවන්න ගියේ නෑ මහිතෙ. ඕක පරමාර්ථ වශයෙන් ඇත්ත උනත් බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕන තැනක්. මොන තණ්හාවෙන් උනත් අම්ම තාත්තට බ්‍රහ්ම පදවි දුන්නේ ඒ නිසා නේද?
- Nileeka Deshani Wickramasinghe මගෙ අදහස නම් මෙකයි.ආදරය කියන්නෙ තන්හාවට කියන තවත් නමක්.තදින් අල්ලාගෙන ඉන්න යමක් තමන්ගෙන් ගිලිහුනාම හරි එ දැඩි බැදිම කවුරුහරි ආයාසයකින් කඩන්න උත්සහ කලොත් හරි එ අවස්තාවට මුහුන දෙන්න තරම් ශක්තියක් නැති උනම තමා ජිවිතෙ නැති කරගන්න තරම් දුර්වල තීරන ගන්නෙ සමහරු.මොකද ප්‍රශ්න වලට මුහුන දෙනවට වඩා ප්‍රශ්නවලින් පැනල නිදහස් වෙන්නයි බහුතරය කැමති.ආදරය තන්හාවක් වුනත් පෘතග්ජනයා රැදෙන්නෙත්.මෙ ලොකෙ පවතින්නෙත් එ මත.ආදරෙ උතුම් දෙයක් කරන්න පුලුවන් ජිවත් වෙලා.හැම බාදකයකටම සාර්තකව මුහුන දීලා.මැරුනොත් වැඩිම උනොත් දවස් 7ය් මතක තියෙන්නෙ.ඊට පස්සෙ වල දාපු තැන් හොයන්නත් බෑ.
- Lakmini MH ඇති වරුණ අයිය කිව්වෙ නැතුව අම්මට කිරි එරෙන්නෙ ශාරීරික ක්‍රියාවලියක් නිසා කියල
අයිය සෝවාන් වෙලා කියල මට හිතෙන - Nadeesha Kasun Withanage Anyhow i'm not so foolish to die because of a broken love affair. As a business man I always have many options.