සම්මා දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි ගැන කතා කළාට දෘෂ්ටිය කියන්නෙ මොකද්ද කියලා කතා කලොත් හොඳයි කියලා හිතුණෙ ඇයි?
- Dileep Thameera Raddella eka eka dakina widiya nowa oya drushtiya kiyanne,as 2n hamoma dakkta eka ekage hith ,dakapu ekama deyak diha hithin balanne eka eka widihata
- Dileep Thameera Raddella kanen ahena ewwath arahama thama honda naraka hama 2ma filter eka hitha thama,nahayata danena gandakata kwdwth suwndak kiyanne nane
- Chathura Dasanayaka දෘෂ්ටිය කියන්නේ දකින දේ. පෙනීම සහ දැකීම දෙකේ වෙනස බැලුවම දකින දේ හෙවත් දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියල පැහැදිලි වෙයි
- Chathura Dasanayaka මගේ දෘෂ්ටිය එච්චර ලොකු මෙව්වා එකක් නෙමෙයි. ඔය පංචෙන්ද්‍රිය කියල මෙව්වා පහක් තියෙනවලු නේ. මේ පන්චේන්දියෙන් එන මෙව්වා අපේ කලින් අත්දැකීම් එක්ක එක්කහු වෙලා අපි හිතනවා මෙතන උනේ මෙහෙව් එකක් කියල. උදාහරණයක් කිව්වම තේරෙයි.
ඔන්න මැජික් පෙන්නන ඩයල් එකක් ඉන්නවා. උගේ අතේ තියෙනවා බෝලයක්. ඌ බොලේ බස්සන්නේ නැතුව බෝලේ උඩ දානවා.
පලවෙනි අවස්තාව:
ඔන්න අපිට පේන දේ තමා බෝලේ උඩ යනවා. එතකොට අපි දන්නවා බෝලේ බිම වැටෙන බව. එතකොට අපි දකින දේ එක්ක දන්න දේ එකතු කරලා දෘෂ්ටියක් හදාගෙන තියෙනවා බෝලේ උඩ දැම්මම බිම වැටෙනවා කියල.
දෙවෙනි එක:
වැඩේ කියන්නේ මේක මැජික් එකක් නොවැ. බෝලේ උඩ ගිහිං බිම වැටෙනවා වෙනුවට උඩ කැරකි කැරකි තියෙනවා. අන්න අපි දන්න එකෙන් ඒ පෙනුන දේ පැහැදිලි කරන්න බෑ. ඔන්න ඔය වෙලාවට අපි එක එකා දන්න තරම අනුව ඔතන වෙච්චි දේ මේකයි කියල උපකල්පනයක් ගේනවා. හරි උපකල්පන ත් ගේනවා වැරදි ඒවත් තියෙනවා. ඔන්න පේන දේ අනුව දෘෂ්ටියක් ගත්ත. දැන් කොරන්නේ අනිත් පේන්න තියෙන සාධක එකතු කරගෙන අපි ගත්තු දෘෂ්ටිය හරිය කියල තර්ක කොරන එක.
1. ඔන්න සමහර තර්ක වැරදි නිසා බිඳ වැටෙනවා
2. තව සමහර තර්ක වැරදි උනත් පෙනෙන සාධක එක්ක ගැලපෙන නිසා ඒ දෘෂ්ටියේම ඉන්නවා
3. තව සමහර තර්ක හරි උනත් සාධක දකිනකොට ඇති කරගන්න දෘෂ්ටි නිසා පෙනෙන සාධකය දකින්නේ නැතුව බිඳ වැටෙනවා
4. තවත් සමහර තර්ක හරි වගේම පෙනෙන සාධක වලට ගලපන්න පුළුවන් නිසා රැඳිලා ඉන්නවා.
මට කම්පනා උනේ ඔය අවස්ථා හතර විතරයි. වෙන කෝටික එහෙම තියේ නම් එව්වා අල්ලගනිල්ල මං ඔව්වට නෑ
ඉතින් හතරදෙනාට වෙන වැඩේ බලමු
1. තර්කෙ බිඳ වැටුනා, මොලේ තියේ නම් තව කම්පනා කොරල වෙන දෘෂ්ටියකට ගිහිං අනිත් අවස්ථා තුනට වැටෙන්න පුළුවන්. කම්මැලි නම් වැඩේ අමතක කොර දාල නිකා ඉන්ට පුලුහන්.
2. තර්කෙ වැරදි දෘෂ්ටිය අත් අරගන්න ත් බෑ. සදා සොත්ති
3. තර්කය හරි උනාට අනිත් දේවල් දකින්නේ නෑ. අනිත් දේවල් දකින්න පුළුවන් වෙන දවසට කලින් උන්නු තැන හරි නේද කියල හරි පාරට වැටෙන්නත් පුළුවන්. නැත්තන් පණ්ඩිත වෙලා වැරදි දෘෂ්ටියකට ගිහින් කෙලෝගන්නත් පුළුවන්
4. දෘෂ්ටියත් හරි සාධකත් හරියට පේනවා. ටෙස් කොරල බලද්දී සීන් එක හරි අන්න පොර බුදු උනා
ඔන්න ඔයිට අමතරව තව එකෙක් ඉන්නවා මේ මැජික් එක බලන්ට ආපු. බුවා මීට කලින් ඔය මැජික් එකම බලල ඒ මැජික් එක දන්න එකෙක්ගෙන් අහගෙන ඇවිල්ල ඉන්නේ. ඌ බෝලේ උඩ යද්දීම දන්නවා ඊළඟට වෙන්නේ බෝලේ උඩ කැරකි කැරකි තියෙනවා කියන දේ ඌට කලින් එකෙක් කියා දීල ඌ දන්නවා. ඌ වෙන කොහෙන් හරි ඉගෙනගෙන හරි ඉන්නේ හරි දෘෂ්ටියේ. ඒ නිසා ඌ ත් ඇත්ත දකිනවා.
ඔන්න ඔහොමයි මම දකින්නේ. මේකත් දෘෂ්ටියක්. හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් මේකට කොමෙන්ට් කරන අනිත් උන්ගේ දෘෂ්ටි මේකත් එක්ක ගලපුනොත් උබ කියන දේ හරි කියයි. නැති උනොත් උබ කියන දේ වැරදි කියයි. හැබැයි ඒකත් දෘෂ්ටියක්
ඇති අප්පා.... - Buddhika Rodrigo චතුරගෙ උත්තරේම තමයි, වෙන විදිහකට දෙන්නේ.
දිට්ට, සුත, මුත, විඥ්ඥත කියලා පුරුදු හතරක් තියෙනවානේ. අලුතෙන් දකින දේ (මෙතන දකිනවා කියලා කියන්නේ ඇසෙන් පේන දැකීම පමණක් නෙවෙයි, කනෙන් ඇසෙන ඇසීම නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිවෙන් දැනෙන රස, කයෙන් දැනෙන ස්පර්ෂය, මනසින් සදාගන්නා ධර්මතා කියන දෙවලුත් අයිතියි.) ජෙර පුරුදු මත මැනීමක් සිදුකරමින් ගන්නා තීරණය තමයි දිට්ටි වෙන්නෙ. - Athula Siriwardhane .
http://sansaranee.blogspot.com/2013/01/blog-post_14.html
මගේ අත පිච්චුණා කියල
මම ඔබට ෆෝන් එකෙන් කිව්වොත්
ඒක බොරුවක් වෙන්නත් පුලුවන්.
ඒ ප්‍රකාශය
ඔබට දෘෂ්ඨියක්ද නැද්ද?..
මම එහෙම කිව්වෙ
ඇත්තටම මගේ අත පිච්චිලා නම්
ඒක ඇත්ත කියල ඔබට පෙනෙනවා නම්
ඒක සම්‍යක් දෘෂ්ඨියක්ද?
මිථ්‍යා දෘෂ්ඨියක්ද?
මම එහෙම කිව්වෙ
මගේ අත පිච්චෙන්නෙ නැතුව
බොරුවට නම්
ඒක ඇත්ත කියල ඔබ හිතනවා නම්
ඒක සම්‍යක් දෘෂ්ඨියක්ද?
මිථ්‍යා දෘෂ්ඨියක්ද?
මට අත පිච්චීම ගැන
හරි දැක්මක් තියෙද නැද්ද?
- Hansaka Wickramasinghe Buddhika Rodrigo දිට්ට, සුත, මුත, විඥ්ඥත කියන්නෙ පිලිවෙලින් Chathura Dasanayaka කියපු 1 - 4 දක්වා කාරණා කියලා ගන්න මං හිතනවා. හරිද?
- Chathura Dasanayaka මගේ දෘෂ්ටියේ හැටියට
දිට්ට - කලින් කතා කරා, අපි දකින හැටි
සුත - දන්න (හෝ දන්න යයි සිතන) කෙනෙක් ගෙන් ලබාගන්න දැනුම
ඉස්කෝලේ ටීච උගන්නන එක ඉගෙනගෙන දැනුම වැඩි කරගන්න පුළුවන් නේ. හැබැයි ඉන්න දෘෂ්ටිය අනුව හරියට ඇහෙන දේ උනත් වැරදියට අහු වෙන්න හෝ වැරදියට ඇහෙන දෙයක් හරියට අහුවෙන්න හෝ හරියට ඇහෙන දෙයක් හරියට අහු වෙන්න හෝ වැරදියට ඇහෙන දෙයක් වැරදියට අහු වෙන්න පුළුවන්
මුත - ටෙස් කොරල හොයාගන්න දැනුම. බටහිර විද්‍යාව වගේ කියන්න පුළුවන්. මේකත් අර සුත එකේ කිව්වා වගේම හතර ආකාර වෙන්න පුළුවන්
විඥ්ඥත - ඕක පැහැදිලි කොරන්ට මගේ දෘෂ්ටියට තේරෙන්නේ නෑ - Hansaka Wickramasinghe .
මගෙ ඉතින් බෞද්ධ දැනුම අතිශයින් දුර්වලයි. මගෙ දෘෂ්ටියට අනුව මගෙ වචන පාවිච්චි කරලා මේ ටික ලියන්නෙ.
ඉන්ද්‍රියන් හයෙන් දැණුන දේ, එනම් ලැබුව දැනීම් සියල්ල,
මං කියනවා දැනුම කියලා.
මේ අර්ථ දැක්වීම, සම්මත ව්‍යවහරයේ හැටියට ඕනැම කෙනෙක් මෙතෙක් තමන් ලබාගෙන තියෙන දැනුම යනුවෙන් කිව්වොත් වැරදි නෑ කියලයි මට පේන්නෙ.
ඊලඟට යම් අයෙක් ක්‍රියා කරන්න පුරුදු පුහුණ කර ගත්ත (හිතීමත් ඇතුලුව) විවිධ අකාර තියෙනවා.
මං ඒ සියල්ලට කියනවා සංස්කෘතිය කියලා. පුරුද්ද යනුවෙන් බුද්ධික අදහස් කරන්නෙත් ඒක විය යුතුයි.
(සංස්කෘතිය යන වචනෙට වෙනත් තේරුමක් ඇති ඇතැම් විට. අර්ථය කුමක් වුනත් කෘත්‍යන් සියල්ල එක්ව හැදෙන දේ යනුවෙන් මංම ඒකට අර්ථ ගක්වා ගන්නවා)
තුන්වනුව මතු ලබන දැනීමක් (අලුත්),
එතෙක් තමන් තුල වූ දැනුම හා ඇතිකරගෙනසිටින සංස්කෘතිය (හෝ පුරුද්ද) මත විග්‍රහ කරගන්න හදන එකට මං කියනවා දෘෂ්ඨිය කියලා.
දැනුම, සංස්කෘතිය හා දෘෂ්ඨිය යන 3න් එකක් සැලකුවොත් ඒකට සැමවිටම ඉතිරි දෙකෙන් බලපෑම් ඇති කෙරනවා. - Athula Siriwardhane Hansaka Wickramasinghe [[[ එතකොට සම්‍යක් හෝ මිත්‍යා හෝ නොවන දෘෂ්ටි තියෙන්න බැරිද?]]]
දෘෂ්ඨියක් කියන්නෙ
තිබෙන දේ නොදැක
දැකීමක්..
ඇත්තටම තියන එහෙත්
ප්‍රත්‍ය්ක්ෂ නොවුණ දේ
ප්‍රත්‍යක්ෂ කරගත් කෙනෙක්ගෙන්
අසා දැනගෙන ඇති කරගන්නෙ
සම්‍යක් දෘෂ්ඨියක්.
ඔහුට යම් දවසක පසක් කළ හැකියි.
කාන්තාරයක පෙනෙන වතුර වගෙයි.
නොපවතින දෙයක්
පවතිනවා කියල හෝ
පවතින දෙයක් නැහැ කියල
ඇති දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨියක්..
කාන්තාරයක මිරිඟුව වගෙයි. - Hansaka Wickramasinghe .
//ප්‍රත්‍යක්ෂ කරගත් කෙනෙක්ගෙන්
අසා දැනගෙන ඇති කරගන්නෙ
සම්‍යක් දෘෂ්ඨියක්.//
කියන කෙනා එය ප්‍රත්‍යක්ෂ කරගත් කෙනෙක් දැයි ප්‍රත්‍යක්ශ කරගන්නෙ කෙසේද?
ඒ බව ප්‍රත්‍යක්ශ කරගන්න බැරිනම් එම දෘශ්ටිය තවදුරටත් සම්‍යක් දෘශිටියක් විය හැකිද? - Hansaka Wickramasinghe ඇත්ත, නමුත් ඊට අතර මැදී බොහෝ ගැටලු මතුවෙනවා. කියන කෙනාට කියයුතු දෙය හරියටම කිව හැකිද, තමන් මෙතෙක් සිටින තත්වය මත එක කොයි විදියට අර ගනීද යනාදී.
දෙවනුව කිහිපදෙනෙක් කීප දෙයක් කිව්වොත් හෝ එකම දෙය කිහිප ආකරයකට කිව්වොත් උත්සාහ කිරීම වැරදි පාරේ යනවා නේද? අපට ඒ හැම එකක්ම ප්‍රත්‍යක්ෂ කරගන්න හෝ ප්‍රතික්ශේප කරගන්න උත්සහා දරන්න අමාරුයි නේද? - Buddhika Rodrigo දිට්ට, සුත, මුත, විඥ්ඥත කියන්නේ පුරුදු හතරක්.
දිට්ට = අපිට ඇසෙන් දැකලා පුරුද්දක් තියනවා.
සුත = අපිට කනෙන් අහලා පුරද්දක් තියනවා
මුත = අපිට දිවෙන්, නාසයෙන්, කයෙන් විඳලා පුරුද්දක් තියනවා.
විඥ්ඥත = මනසින් හිතලා පුරුද්දක් තියනවා.
ඒ කියන පුරුදු අපිට තියනවා. එහෙමම තියෙන කොට වර්තමානයේ අපිට දකින්නට ලැබෙනවා ලස්සන රූපයක්.
අපිට ඇහෙන් දැකලා පුරුද්දක් තියෙන නිසා අපි ඒ රූපය කෙරෙ බැඳෙනවා.
“චක්කුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්කු විඥ්ඥානං“
අහෙන් කරන ක්‍රියාව කරලා තියන පුරුද්ද නිසා දැක්ක ඒ ලස්සන රූපය ගැන කැමැත්තෙන් බැඳුනම චක්කු විඥ්ඥානයක් හටගන්නවා.
“තීනං සංගති ඵස්සෝ සංපස්සජා වේදනා“
ඇසෙන් කරන ක්‍රියාව, ඒකට කැම්ත්තෙන් බැඳීම, ලැබෙන රූපය කියන තුනම “දිට්ට“ කියන පෙර දැකලා පුරුද්ද කියන කුලකය තුළ පවතිනවා. ඒවා එකිනෙක ස්පර්ශ වීම නිසා වේදනාව හටගන්නවා. ඉන් අනතුරුව,
වේදනා පච්චයා තන්හා
තන්හා පච්චයා උපාදාන
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා,මරණ ව්‍යාධි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන තත්ත්වයන්ට පව්වෙනවා.
මෙහෙම වෙන්නේ අපිට පෙර තිබ්බ දැකලා පුරුද්ද වර්තමානයේ දකින දේ සමග ස්පර්ශවීමක් නිසා. ඉතින් මේ සිදුවන පටිච්ච සමුප්පාදය කෙනෙක් තුන් ආකාරයකින් නැවත දකිනවා.
ඒ තමයි අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදය, අවිජ්ජාමූල නිරෝධ පටිච්ච සමුප්පාදය, කුසල මූල පටිච්ච සමුප්පාදය කියලා.
මෙතනදි දකින ආකාරය අනුව තමයි අවිජ්ජා මූලය, නිරෝධය, කුසල මූලය කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ.
මිච්ඡා දිට්ටික පුද්ගලයා, අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක කරගන්නවා.
එයින් මිදුනුකෙනා ලෞකික ආර්යඅශ්ටාංගික මග යනවා. අවිද්‍යාමූල නිරෝධයට උත්සාහ දරනවා. මාර්ගඵල ලබන්නට උත්සාහ දරන්නා ලෝකෝත්තර ආර්ය අශ්ටාංගික මග ගමන් කරමින් කුසල මූල පටිච්ච සමුප්පාදය වඩමින් ඒ මාර්ගයෙයනවා.
මෙන්න මේ තමන් යන පාර තීරණය වන්නෙත් දෘෂ්ටිය මත කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. - Buddhika Rodrigo Hansaka Wickramasinghe දෘෂ්ටිය කියන වචනෙ ඒ තරම් සංකීර්ණයි. ඒක මේ සෑම ආකාරයෙන්ම තේරුම් ගත්තමා සෝවාන් ඵලයට පත්වෙනවා කියන්නෙ ඒකයි. මම එතන නැති නිසා මා කියූ දේවලද අඩුපාඩු බොහෝ ඇති බැවින් තම දැනුමට ගලපා බලා හරි නම් පිළිගන්නට ද වැරැදි නම් බැහැර කරන්නට ද ඕ නෑම අයෙකුට තම නිදහස තිබේ.
- Hansaka Wickramasinghe ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා අහන්න. (කිව්වට එච්චර නෑ, නමුත් එකකින් පසු එකක් යයි සෑහෙන දුර)
නමුත් මේ අවස්ථාවේ මගේ මනස පැහැදිලිව ක්‍රියා කරන්නෙ නෑ මේ කාරණය සාකච්ඡා කරන්න තරම්. පුරුද්දෙන් පමණක් මං කතා කරයි එතකොට. එයින් මට ලැබෙන ප්‍රයෝජනය වගේම කෙනෙකුට ගත හැකි ප්‍රයෝජනද අඩුවෙයි.
ස්තූතියි හැමෝටම
No comments:
Post a Comment