Saturday, May 18, 2013

මහවැලිය ගැන නොඇසු කතා...........








අවුරුදු 30 කට සැලසුම් කර තිබූ "මහවැලි සංවර්ධන ව්‍යාපාරය", අවුරුදු 06ක "කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය" බවට පත්කිරීමේ අනිටු ප්‍රථිඵල අද රටේ ජනතාව විඳිනවා කියන්නේ ඇයි?



Waruna Ratnayake
අවුරුදු 30ක් කියන්නේ දිගු කාලයක්. වසර 30ක් පුරා ක්‍රමක්‍රමයෙන් හැඩගැසීමට තිබු පරිසරය ක්ෂණයෙන් වෙනස් වීම නිසා පොලවේ හැඩ ගැසීමේ පටන් කුරුල්ලන්,මාලුන්,උරගයන් වැනි සත්ව කොටඨාෂ වලට පවා මෙමගින් විශේෂ බලපෑම් සිදුව ඇත.අද වනවිට යාන් ඔයක් දක්නට නැත.ජල ගැලීම් වැනි විනාශයන් වැඩි වී ඇත.වික්ටෝරියා කොත්මලේ ආදි ජලාශ බලාපොරොත්තු වූ මට්ටමින් 20%ක්වත් පවත්වා ගත නොහැකිව ඇත.අමාත්‍යාංශයක් සහ අනෙකුත් ආයතන වල අපේක්ෂිත අරමුනු ඉටුකරග නොහැකි වී ඇති අතර ඒවා සුදු අලින් වී ඇත


Dilmi Dilunika
පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක්‌ ලෙස අධික ලෙස රොන්මඩ තැන්පත්වීම නිසා මහවැලි ජලාශවල අපේක්‍ෂිත ධාරිතාව දැන් වන විට අධික ලෙස අඩුවී ඇත. මෙය 40-60% ත් අතර ප්‍රමාණයකි. එසේම ජලවිදුලි උත්පාදන හැකියාව ද අධික ලෙස අඩුවී ඇත. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ සුවිශාල මුදල් සම්භාරය හා සැසදීමේදී මෙම ව්‍යාපෘතිය අපේක්‍ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාදුන්නා දැයි ගැටලුවකි.


Dilmi Dilunika
 කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආදීනව ප්‍රකාශිත වන්නේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන පාරිසරික විනාශයත් සමගයි. මෙය ප්‍රධාන දෙයාකාරයකින් සිදුවිණි.

පළමුවැන්න නම් චිරාත් කාලයක්‌ රජරට ආශ්‍රිතව පැවති "වැව-ගම්මානය-කුඹුරුයාය හා වෙනත් ගොඩ ඉඩම්- වන ලැහැබ" නම් ඒ සුවිශේෂ පරිසර පද්ධතිය කඩිනම් මහවැලියේ බුල්ඩෝසර හා බැකෝ යන්ත්‍රවලින් වැනසී යැමයි.

දෙවැන්න නම් එමගින් සිදු කළ "ඇළ" මගින් "වැව" විස්‌ථාපනය කිරීමේ ක්‍රියාවලියයි. පාරම්පරික වාරි කර්මාන්තයේ "වැව" සුවිශේෂ පාරිසරික පද්ධතියක්‌ විය. එය ඇත්තවශයෙන්ම එකිනෙකට සම්බන්ධතාවකින් යුතු වූ වැව් පද්ධතියක්‌ වූ අතර "එල්ලංගාව" හෝ "ආගාර පාර" (Cascade) ලෙස එය හඳුන්වනු ලැබීය. වාරි කටයුතු සහ පරිභෝජන කටයුතු සඳහා පමණක්‌ නොව සතුන්ගේ අවශ්‍යතාවන් හා පාරිසරික සමතුලිතතාව රැකීම අතින් ද මෙම වැව් පද්ධතිය සුවිශේෂ මෙහෙවරක්‌ සිදු කරන ලදී. (මේ පිළිබඳ මනා විස්‌තරයක්‌ උදුල බණ්‌ඩාර අවුසදහාමි රචිත "වැව" පොත මගින් සැපයේ). එසේම භූගත ජල මට්‌ටම රැකීම ද මෙම වැව් පද්ධතිය මගින් සිදුවිය. වැඩකට නැති වැව් යන මතයේ පිහිටා කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා එල්ලංගාවන් විශාල ගණනක්‌ විනාශ කරන ලද අතර, මහවැලි H කලාපයේ පමණක්‌ වැව් 200 කට වැඩි ගණනක්‌ විනාශ කර ඇත. මෙමගින් මේ ප්‍රදේශවල සාම්ප්‍රදායික ජල කළමනාකරණයට මෙන්ම භූගත ජල මට්‌ටමට ද සිදුවූ හානිය අතිමහත් විය.

ඇමරිකාවේ "ටෙනසි නිම්න් මොඩලය" (Tennese valley Model) අනුගමනය කෙරෙමින් විශාල පාරිසරික හානියක්‌ සමග ක්‍රියාත්මක වූ මෙම "සංවර්ධන" ක්‍රියාවලිය මගින් උත්සුක වුණේ සම්ප්‍රදායිකව කෙරුණු ප්‍රාදේශීය (regional) ජලය රැස්‌කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවට ආනයනික (Imported) ජලය රජරටට ගෙනමේ ක්‍රමවේදයකටය.

සැතපුම් සිය ගණනක්‌ දුරබැහැර සිට මහවැලි ජලය රජරටට ගෙනඑන ලදී. මෙම ජලය ප්‍රවාහනය කිරීමේදී "ඇළ" ප්‍රධාන මාධ්‍යය විය. එයද පුරාතනව භාවිත කළ වක්‍රාකාර ගමන් මාර්ගයක, සෙමින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය (යෝධ ඇළ මීට කදිම නිදසුනකි) වෙනුවට කෙටි කාලයකදී, වැඩි දුරක්‌ ගෙන යැමේ අධිවේගී ක්‍රමවේදයක්‌ ඔස්‌සේය. පුරාතනයේදී භාවිත කළ යම් දුරක්‌ ජලයේ වක්‍රාකාර මාර්ගයක්‌ ඔස්‌සේ සෙමින් ගෙනයැමේ ක්‍රියාවලිය තුළ ජලයේ තිබූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය යනාදිය පතුලේ තැන්පත්වීම හෝ ඉවුරේ තිබූ ඕලු, කුමුදු, කෙකටිය වැනි ජලජ ශාක මගින් අවශෝෂණ කිරීම සිදුවිය. නූතන වාරි ක්‍රමවේද මගින් ජලය අධිවේගයෙන් ගෙනයැම තවත් පහසු කිරීමටත්, ඉවුරු මගින් සිදුවන ජල කාන්දුව අවම කිරීමට කෙරුණු ඉවුරු කොන්ක්‍රීට්‌ කිරීම මගිනුත් ජලයට මුසුවූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය හා වෙනත් විෂදායක ද්‍රව්‍ය අධිවේගයෙන් ඉහළ සිට පහළට ගලාඒම සිදුවිය.


Dilmi Dilunika
මහවැලි පෝෂක ප්‍රදේශය වනාහි වර්ග කි. මී. 10,000 ට වැඩි ප්‍රදේශයකි. එනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/6 පමණ වපසරියකි. මෙය මධ්‍යම කඳුකරයේ සිට පහළට විහිදෙන්නකි. විශේෂයෙන් මධ්‍ය කඳුකරයේ සිදුවන වන විනාශයන් හා තේ, අර්තාපල් හා වෙනත් එළවළු බෝග වගාවනට වන නැඹුරුව සමග කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස යොදවන තත්ත්වයනට පත්වේ. වන විනාශයට සමගාමීව සිදුවන පස සෝදාපාලුව සමග මේ රසායනික වස විස අවසානයේදී මහවැලි ජලය හා මුසුවේ.


මෙම රසායනික යෙදවුම් අතුරින් ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ (TSP) සුවිශේෂ වේ. මෙය කැඩ්මියම් යන බැර ලෝහයෙන් බහුලය. අද රජරට වෙලාගත් වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ ද මෙම කැඩ්මියම්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් බණ්‌ඩාර මහතාගේ පර්යේෂණවලට අනුව කැඩ්මියම් මහවැලි ගඟේ තලවකැලේ ප්‍රදේශයේ සිට වැලිමඩ දක්‌වා විවිධ ස්‌ථානවල ප්‍රධාන ගංගාවේ හා අතු ගංගාවන්ගෙන් ලබාගන්නා ලද ජල සාම්පල සියල්ලකම අධික ප්‍රමාණවලින් හඳුනාගෙන ඇත. (දි අයිලන්ඩ් - 2009 අප්‍රේල් 25).

එසේම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ සිටින ප්‍රදේශ ගණනාවක්‌ ද වැව් ජලය පර්යේෂණයට භාජන කළ මහාචාර්ය බණ්‌ඩාර මහතා විශාල ලෙස කැඩ්මියම් ජලයට එක්‌වී ඇති සැටි ඔප්පු කර ඇත.

කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආගමනයෙන් සිදුවන පරිසර විනාශයත්, ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ හරහා එකතුවන අධි කැඩ්මියම් ප්‍රමාණයත් රජරට වකුගඩු රෝගයට සෘජුවම බලපෑ මූලික සාධක දෙක බව සඳහන් කිරීමට අපහට යොමුවිය හැකි අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ "කාලය" හා එහි ඇති සම්බන්ධතාව. වකුගඩු රෝගය කාලාන්තරයක්‌ තිස්‌සේ දිගටම සිදුවන තත්ත්වයක්‌ නිසා ඇති වන්නකි. මේ අතින් බලනවිට මේ සංසිද්ධීන් නොනැවතී දිගටම දශක දෙකකට වැඩි කාලයක්‌ රජරට ජනතාව අතර ක්‍රියාත්මකවීමෙන් 2000 දශකයේ මුල් භාගය වන විට එහි අනිසි ප්‍රතිඵල දෘෂ්‍යමානවීම ඉතා විද්‍යාත්මක නිරීක්‍ෂණයකි.

~ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි

Dilmi Dilunika
 2000 දශකයේ මුල් වකවානුවේ සිට ක්‍රමයෙන් කරලියට ආ "රජරට වකුගඩු රෝගය" වැළඳුණු රෝගීන් මේ වන විට පදවිය, ශ්‍රීපුර, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, මහවිලච්චිය, තන්තිරිමලේ, එප්පාවල, මැදිරිගිරිය, වැලිකන්ද, අරලගන්විල, වැලිඔය, ගිරාඳුරුකෝට්‌ටේ වැනි අනුරාධපුර, පොළොන්නරු දිස්‌ත්‍රික්‌ක පමණක්‌ නොව අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කයන්ට ද පවා අයත් ප්‍රදේශවලින් ද හඳුනාගෙන ඇත.


මෙම නගර හා ගම් ලැයිස්‌තුව වකුගඩු රෝගීන් බහුලව හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ලැයිස්‌තුවක්‌ පමණක්‌ වන අතර, ඉන් එය එම ප්‍රදේශවලට පමණක්‌ සීමා වූවක්‌ බව වටහාගත යුතු නැත. (මෑතකදී හසලක ප්‍රදේශය ආශ්‍රිතව ද මෙම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් ගණනාවක්‌ හඳුනාගත් බවට දැනගන්නට ලැබිණි.) මෙම නගර හා ගම් ලැයිස්‌තුව සැලකීමේදී ප්‍රත්‍යෂ කරගත යුතු අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ පුළුල් ලෙස සිදුවී ඇති රෝගයේ ව්‍යාප්තියයි. එය දෙස සැලකිල්ලෙන් බැලීමේදී පෙනී යන අනෙක්‌ වැදගත් කරුණ වනුයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය හා මෙම රෝගය අතර ඇති කිට්‌ටු සමපාතභාවයයි. මේ හඳුනාගත් ප්‍රදේශ සියල්ලම පාහේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියට නතුවූ ප්‍රදේශ වේ.

~වෛද්‍ය ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි...........


Sampath Sagara
 ඇත්ත... ඒක අවුරුදු 30 න් කරන්න හිටියනම් දැන් දවසකට පැය 5-6 ක් විතර විදුලි බලය නැතිව අපේ රට්ටුන්ට ඉන්න තිබුන..ඒත් දැන් පැය 24 ම විදුලිය ලැබෙනව (ඒක තමා කඩිනම් මහවැලියෙ ප්‍රධානම අනිටු ඵලය)


Sampath Sagara
 දැන් පැය 24 ම විදුලිය සාපේක්ෂව අඩු මුදලකට ලැබෙන නිසා හැමෝම ඒ පැත්ත අමතක කරනව

Dilmi Dilunika
 ඒකෙත් ඇත්තක් තියෙන්වා...ඒත් ඕකෙ බලපෑම විඳින්නෙ රජරට මිනිස්සු..

Sampath Sagara
 ඒ කඩිනම් මහවැලියෙ වරද නෙමේ... කෘමිනාශක භාවිතයේ අතුරු ඵල...

Janaka Rajapaksha
~සංවර්ධන ව්‍යාපාරයක හොඳ හෝ නරක තීරණය කරන්න වෙන්නෙ ඒකෙන් ලැබෙන කෙටිකාලීන හා දීර්ඝ කාලීන ප්‍රථිලාභ දිහා බලලා. අවුරුදු තිහකට ඔය ව්‍යාපාරය සැලසුම් කළේ සංවර්ධනයත් සමඟ ඇතිවන පරිසර හානි සහ අනෙකුත් අහිතකර බලපෑම් සමතුලිත කරගනිමින් අවම හානියක් යටතේ වැඩි ප්‍රථිලාභ ප්‍රමාණයක් ලබාගන්න. නමුත් දේශපාලන වාසි සහ බලලෝභය නිසා ඒක අවුරුදු 06 කට සීමා කරල කඩිනම් ව්‍යාපාරයක් ගැන පිඹුරුපත් හැදුවෙ කෙටිකාලීන ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන්. මැජික් පෙන්නුවට යතාර්ථය ඊට වඩා වෙනස්....


Janaka Rajapaksha
 ~හොඳ හැම දේකටම නරකයි කියලා කෑ ගහන අය වගේම හැම නරක දේකටම හොඳයි කියන අයත් ඉන්නවා. කෙටි කාලීනව ලයිට් දල්වගෙන කට්ටිය සපාන් එකේ ඉන්නව එක්කම ඒකේ අහිතකර ප්‍රථිඵල නිසා අපේම තවත් විශාල සහෝදර ජනතාවක් අනාථ වෙලා ඉන්න එක හොඳයි නම් සිංහරාජෙත් විකුණලා ගහමුකො න්‍යෂ්ටික බලාගාරයක්!.....

Janaka Rajapaksha
 ~අනවශ්‍ය විදියට කල් ගතකරන්නේ නැතිව ඉක්මනින් වැඩක් කෙරෙනවනම් ඒක හැම අතින්ම හොඳයි. නමුත් ඒ ඉක්මන නිසා අද අනිටු විපාක පමණක් විතරක්ම නෙවෙයි, ඒකෙන් අරමුණු කරපු ප්‍රථිලාභ ටිකවත් ලැබිලා නැහැ. එසේ නම් එය සාර්ථක ද?...

කියන්නට තිබුණ කරුණු දිල්මි විසින් දක්වා ඇත. ස්තූතියි දිල්මි....!


Udara S C Wilathgamuwa
 මම මේක ගැන ද්න්නෙ නෑ. ඒක ට 'තදියම්' මහවැලි ව්‍යාපාරය යන නම ගැළපෙනව ද?





No comments:

Post a Comment