Friday, November 1, 2013

ආදරය, විරහව සහ ජීවිතය

ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කල විට හෝ ඒ වෙනුවෙන් තම අනාගතයම විනාශ කර ගත් විට එය උතුම් ආදරයක් බවට පත් වන බව මේ නෑම්බියන්ට හා නාම්බන්ට කියා දුන් මී ගොන් නාම්බා ඕප පාතිකයෙක් වන්නට ඇතැයි මට සිතෙන්නේ ඇයි?

By Lakmini MH
  • Damindra Lakmal Thennakoon ආදරය වෙනුවෙන් ජීවතය පූජාකරද්දි තමන්ගේ දෙමව්පියන් ගැන නොහිතෙන එක නම් ලොක පුදුමයක්. ලමයෙක් පිලිසිද ගත්ත දවසේ ඉදලා මැරෙනක් අම්මා තාත්තා කොච්චර දුක් විදිනවද. කොටින්ම මල මුත්‍රා ම කොච්චර නාන්න ඇද්ද. කොච්චර මහන්සි වෙලා හම්බ කරන්න ඇද්ද. කොච්චර බලාපොරොත්තු තියාගන්න ඇද්ද. කොච්චරකැපවීම් කරන්න ඇද්ද. මේ සේරම පැත්තක දාල ලබ්බක් හින්දා මැරෙන වානම් ඒ වගේ උන්ට දඩ ගහන්න ඕනෙ 

  • Sameera Rukshan Mendis කමෝන් දමින්ද්‍ර අයියා

  • Methmalie Dissanayake මේකයි දමින්ද්‍ර අයියේ ආදරයක් නැති වෙනවා කියන්නේ ජීවිතේ ඉස්සරහ ගැන මවපු හීන ඔක්කොම කැඩිලා බිඳිලා යන එක.ඒක දරාගන්න ගොඩක් අමාරුයි.අම්ම තාත්ත එක්ක අනාගතේ ප්ලෑන් කරන්නේ නෑ නෙ.ඒ නිසයි එහෙම හැසිරෙන්නේ මිනිස්සු..අපි කොච්චර පොර ටෝක් දුන්නත් අපිට එහෙම දෙයක් වුනොත් අපි කොහොම හැසිරෙයිද කියල කාටවත් අනාවැකි කියන්න බෑ.

  • Sameera Rukshan Mendis ඇත්ත.....
    ඒ උනාට ජීවිතය විනාස කරගන්නවා කියන එක සාධාරණීකරණය කරන්න බැ

  • Lakmini MH ගොඩක් අය අනිකා එක්ක අනාගතේ ප්ලෑන් කරනව නෙමෙයි අනිකා තමන්ගෙ ජීවිතේම කරගෙන එයින් තොර ලොවක් නෑ එයා නැති වුනොත් මට ජීවිතයක් නෑ කියල හිතන එක .

  • Nimesh Gamage ඇත්ත .. අනාගතේ මවන සිහින ඒවා සිහින විතරක් කියලා තේරුම් ගන්න .. සිහින කියන දේවල් අයේ දකින්න පුළුවන් කියන එක මතක තියා ගත යුතුය ... 
    අන්න හරි ලක්මිණි නගා .. 
    (ජීවිතය නැති කරගන්නා උන් ගැන වචන නාස්ති කිරීමත් අපරාධයකි )

  • Hansaka Wickramasinghe මම නම් ආදරය විනාශ කලා

  • Chandrika Yahampath තරුන වියේදී ඇතිවන ආදරය මොනයම් හේතුවක් නිසා නැතිවුනාම එය දරාගන්න අමාරුයි තමයි ඒත් ජීවිතය නැතිකරගන්නතරම් මෝඩවෙනවනම් ඒක තරම් විහිලුවක් තවත් නැහැ.....තමුන්ගේ නොවන අනුන්ගේ ආදරයකට

  • Damindra Lakmal Thennakoon Methmalie නගා හොදයි ඔය ප්ලෑන් ඒ විදිහටම වෙනවද. එහෙම වුනාද මෙච්චර දවස්, අඩුම තරමේ ගහපු ප්ලෑන්වත් මතක නෑ... ඒ වෙලාවට තමන්ට නැති වුන ආදරේ ගැන දුකෙන් බෙල්ලේ වැල දාගත්තට අර අහින්සක අම්මටයි තාත්තාටයි තිබුන එකම බලාපොරොත්වට මොක්ද වෙන්නේ. එයාල ජීවත් වෙලා ඉද්දිම තමන් මෙච්චර අවුරුදු ගානක් දුක් විදලා හදපු ලමයගේ මල කද දකිද්දි. ඒකත් ලෙඩක් දුකක් හින්දා නම් එයාල හිත හදා ගනී. අපිට 4 වසරේ උගන්වපු මිස් කෙනෙක්ගේ පුතෙක් කෙල්ල හින්දා කොච්චියට බෙල්ල තියලා මැරුනා. ඒ මිස් අදටත් අපි දකිද්දි ඉකි ගහගහ අඩනවා.ඒ සාපෙම ඇති ඒ කට.
    අපිව කොච්චර අමාරුවෙන් දුක් විදලා අපේ අම්මලා හැදුවද කියන්න මම දන්නේ නෑ. මොකද එතකොට මම පොඩී නේ. ඒත් අද මම දන්න අය තමන්ගේ පුන්චි දරුවවා මාස 2ක් වෙන්නේ කවද්ද මාස 5ක් වෙන්නේ කවද්ද ඉස්කෝල් යන්නේ කවද්ද කිය කිය ඇගිලි ගනිමින් මල මුත්‍රා නාමින් රෑ තිස්සේ ඇහඇරගෙන මාරුවෙන් මාරුවට බබාව බලා ගන්න හැටි දැක්කම අපේ අම්මල විදපු දුකත් මට මැවිලා පේනව.
    අපිට දෙයක් වුනාම කොහොම වෙයිද කියන එකට පෞද්ගලිකවනම් මට දෙන්න උත්තරයක් තියෙනව
    මම අවුරුදු 5ක් ආදරේ කරපු කෙල්ලත් වෙන එකෙක් බැන්දා. ජීවිතෙ කෙල්ලක් කියලා හිටියේ එයා විතරයි. මම රස්සවලින් අයින් වුනා.මාස දෙක තුනක් ෆුල් අවුල් එකෙන් හිටියා. ඒ හැම වෙලාවෙම දුක් විදපු දෙන්නෙක් හ්හිටිඋයා ඒ තමා අම්මයි අප්පච්චි...ත්මන්ගේ කෙල්ල කොල්ලා වෙනුවෙන් ඇගේ කොටසක් හරි දෙන එක වෙනම දෙයක්. ඒත් නැති වුනා කියලා මැරෙන එක නම් ඉතින් මම දන්නේ නෑ. ඒක හරි කියන අයත් ඉන්න්නවනම් මට හිනා යන්නෙත් නෑ

  • Methmalie Dissanayake හරි කිව්වේ නෑ.
    ඒ තැනට පත් වෙන්න හේතුවයි කිවේ.
    මම කොතනකවත් හරි කියල තියෙනවා කියල මට නම් පේන්නේ නෑ.මගේ ඇ ස් හරියට පේන්නේ නැති නිසාද අනේ මන්දා

  • Damindra Lakmal Thennakoon නෑ නෑ ඔයාට නෙවේ කිව්වේ එහෙම හරි කියලා කෙනෙක් කියනවනම් මට ඒක වැරදී කියන්න බෑ. අපි එකිනෙකාගේ හිත වෙනස් නේ. මට හරි දේ තව කෙනෙකුට වැරදි වෙන්න පුලුවන්. එකයි මම හිනායන්නෙත් නෑ කිව්වේ.

  • Methmalie Dissanayake ඔව්.එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස්නේ.මනුස්සයෙකුට පිටින් බලල කියන්න බෑ තව කෙනෙක් මෝඩයෙක් ද නුවණැත්තෙක් ද කියල.කෙනෙක් ආසාවට සුයිසයිඩ් කරගන්නේ නෑ.දරාගන්න පුළුවන් උපරිම සීමාවත් පැන්නට පස්සේ ඒ තත්වෙට පත් වෙන්නේ.මෝඩයා මෝඩයා නොකිය ඒ මනුස්සයාට එහෙම නොවී ඉන්න උදව්වක් කරනවානම් ඒක තමා වටින්නේ.

  • Lakmini MH අම්ම තාත්ත විදින දුක නොතේරෙන ඒ වගේ මනුස්සයෙක්ට අපි කිව්වට වැඩකුත් නෑ . එහෙම අය දන්නෙ අනේ අරය නැතුව මට ලෝකයක් නෑ කිය කිය ඉන්න විතරයි . එහෙම අය හිතන් ඉන්නව තමන්ට මොනව හරි වුනාම ඒ ලව් කල එකා හරි එකී හරි දුක් වෙයි , පසුතැවිලි වෙයි කියල . වැඩි දෙනෙක් තමන්ට හානි කර ගන්නෙ එකම ඒ හේතුව නිසා .
  • Damindra Lakmal Thennakoon ඔහොම කේස් එකකට මැරෙන්න හදන කෙනෙක්ව බේරගන්න එකම ක්‍රමය බොහෝ වෙලාවට පැනලා යන්න උදව් කරන් එක විතරහි හිකිස්. උන්ට එතනින් එහාට දෙයක් පේන්නේ නෑ. මට ඩොකෙක් කිව්වා එහෙම හුග දෙනක් මැරෙන්නේ එක්තරා හෝමෝනයක බලපෑමෙන්ලු. එයාල හිතනවලු මැරුනට පස්සේ හොද පාඩමක් අහවලී අහවලා ඉගෙන ගනී කියලා. එයලාට අම්මගැන තාත්තගන තියා තමන් ගනවත් හිතෙන්නේ නෑලු.

  • Lakmini MH සමාජය කරන වැරැද්දකුත් තියෙනව . ඒ වගේ අය සාධාරණී කරනය කරන එක . ඒකා හරි ඒකී හරි ජීවිතේ විනාස කර ගන්නෙ අහ වලා හරී වලී හරි නිසා කියල අනිකට බනින එක . අම්මෝ ඉතින් අර ආදරේ කල විදියට ආයේ ජීවිතයක් ගැන හිතන්නද , අරූ හරි අරකි හරි තමයි මේකා හී මේකී මරා ගත්තෙ වැනි ප්‍රකාශ නිකුත් කිරීම . මේ වගේ දේවල් වලින් අර අවේ ඇහැට ඇගිල්ලෙන් අනිනකම් බලන් ඉන්න අය ප්‍රොමෝට් වෙනවා . කවුරු හරි දාල ගියාම අනික දුකක් නෑ වගේ ජීවිතේ ඉස්සරහට ගියා ඌ හෝ ඒකී හෝ හරියට ලව් කරල නෑ කියල හැගීමක් ඇති වෙනව . සමහරු වහ බොන්නෙ මැරෙන්නම නෙමෙයි , පෙන්නන්න .

  • Damindra Lakmal Thennakoon Lakmini nagaage kathawata ekaga wemi

  • Waruna RK  මගෙ අදහස මිට වෙනස්. සමා වෙන්න. මෙහෙමයි අපෙ අම්ම තාත්ත කසද බැන්දෙත් ලව් කොරලලු. තාත්තට අම්ම අකමැතිලු. තාත්ත කරල තියෙන්නෙ සීයව ශෙප් කරන එකලු. කොහොමින් හරි දෙන්න බැන්ද නිසා මම ඉපදුනා මිස මාව හදන්න බලාන් එයාල බැන්දෙ නෑ. එහෙම බැලුවම අම්ම තත්ත වුනත් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාලගෙ සිතුම් ඇතුම් ඉශ්ට සිදධ කරගන්න. අම්ම කිරි දිල හැදුව නිසා එයා මට තන්හාවයි. තාත්ත නැහිගෙන හම්බකරෙ පුතා ලොක්කෙක් කරල සමාජෙ ඉන්නව දකින්න එයා ආස නිසා. නැත්නම් එයාගෙ තත්වෙ මම රකිනව ඒක තන්හවක්.බලන්න. අපි වුනත් දකින්නෙ අපේ හින ද, . ? අම්ම තාත්ත අපිට පෙන්නපු හීන ද. අපෙ හීන එයාලගෙ හීන නෙවි. ජිවිතෙ නැති කර ගන්නෙ නම් අනුවන කමකට. කෙල්ලො කවදවත් පුද්ගලයට නෙවි ආදරේ කරන්නෙ උන් ආදරේ. . ආදරේට .ාඅදරේට නහින්න එපා ඒකත් තාවකාලියකයි. ඒක තණ්හාවක්

  • Achela Manesh පුංචි දෙයක් එකතු කරන්නම් මේ සංවාදයට, ලොකු මානසික පීඩනයකට පත් වුනාම අම්මා තාත්තත් අමතක වෙනවා. ඒ වෙලාවට හිතට නැගෙන දේ ක්ෂණික ක්‍රියාවට නංවනවා. ඒක ඒ මනුස්සයගෙ මෝඩ කම නෙවෙයි. පීඩනයක් ඇති වෙලාවට මනස පාලනයක් සහිතව පවත්වාගැනීම පහසු නෑ..

  • Lakmini MH කොල්ලො නම් නහින්නෙ කෙල්ලන්ට නේද වරුණ අයිය .  හැමෝම අනිත් කෙනාගේ මොකක් හරි දේකට තමයි කැමති වෙන්නෙ . හැබැයි ඒ වෙනුවෙන් ජීවිතේ විනාස කර ගන්නව නම් මෝඩ කම තමයි . 
    අචෙල අයියෙ පීඩනයක් ඇති වෙන්නෙ හීන මවන නිසයි . අම්ම තාත්ත නැති වුඔත් ඔහොම පීඩනයක් එනවද ? නෑ නේ...
  • Achela Manesh පීඩනයේ ප්‍රමාණය නෙවෙයි වැදගත් ඒ පීඩනයට මුහුණ දෙන්නෙ කොහොම ද කියන එක.. අනතුරකට ලක් වුන අම්මගෙ කඳින් වෙන්වුන ඔළුව දෝතින් අරන් වැලපුන කාන්තාවගෙ video එක ඔයා දැකල ඇති.. ආදරේ වර්ග කරන්න මම දන්නෙ නෑ..

  • Hansaka Wickramasinghe  අන්න හරි ලක්මිණි නංගි. අම්මා, තාත්තා එක්කෙනයි ඉන්නෙ. සහකාරයෙක්/සහකාරීයක් හොයගන්න පුලුවන් එක්කෙනක් නැතිවුනොත්. අම්ම තාත්තා එහෙම බෑ. ඒත් අම්ම තාත්ත නැතිවුණාමත් නොඑන පීඩනය එහෙනම් ඒ කෙනා වෙනුවෙන් එන්නෙ ඇයි? ජීවිතේ නැති කරගන්න, විනාශ කර ගන්න තරම්.

    තමංව දාල
    ා ගියා කියන හීනමානය තමා බොහෝ දුරට මෙවැනි දේවල් වලට හේතුව. ඔයා දාලා ගියත් මං එහෙම නෑ, මං එක හිතින් ඉන්නවා ඔයා වෙනුවෙන් කියලා ඒ හීන මානයට ප්‍රතිවිරුද්ධව තමන් ගැන අධි මානයක් ඇති කරගන්නවා. ඒ නිසා තමයි ඔය ගැටලු.

  • Lakmini MH ඒකනේ අයියේ,අචල අයියේ, අම්මා තාත්තා නැති වුනාම කී දවසක් දුක් වෙයිද ? ඒත් කොල්ලෙක් නැති වුනාම ඊට වඩා කොච්චර ජීවිතේ විනාස කරගන්නවද ? ආදරේ නෙවෙයි ඒක නම් කෑදරේ 

  • Achela Manesh ආදරේ නිසා ජීවිතේ නැති කර ගතයුතු නැත.එය සැබැවි.එනමුත් එසේ දිවි තොර කරගන්නා සියල්ලෝ නාම්බන් හෝ නෑම්බියන් නොවෙති.. මව්පියන්ගෙන් වෙන්වූ විට දැනෙන දුක සංකාවට, පෙම්වතා හෝ පෙම්වතියගේ වියෝවක දී කේන්තිය, හීනමානය මෙන්ම ආතතිය ද එකතු වේ. එවන් අවස්තාවක දුර්වල තීරණ වලට එලැඹීම අරුමයක් නොවේ..

  • Lakmini MH අන්න ඒ කතාව නම් හරි . දුක සාංකාවට වඩා අර දෙක නම් එහෙම කෙනෙක්ගෙ තියෙනව . ආදරේ අයිති කර ගැනීම විතරක් වුනාම අහිමි වීම දරා ගන්න බෑ . හැබැයි ඉතින් ආදරේ අන්ධයි , අපිත් එහෙමයි කියල අනික් කෙනා සෑහෙන්න විශ්වාස කරන් දවසක අහිමි වුනොත් යන සිතුවිල්ලක් නැතුව ඔහේ .... ආදරේ කරගෙන කරගෙන යන අය තමන්ටම හානි කර ගන්නකොට එයාලට වෙන දෙයක් කියන්න තේරෙන්නෙ නෑ . ඒක ලොකු වැඩක් කියලනෙ එයාල හිතන්නෙ. අනික් කෙනාට ආදරේ පෙන්වන්න තමන්ටම හානි කර ගන්න අය ඕනෙ තරම් . ඔය කියන දුක සාංකාවට වඩා පලි ගැනීම අරමුණ කරගෙන ජීවිතේ නැති කර ගන්න අයත් ඕනෙ තරම් .

  • Udara S C Wilathgamuwa ආ ඒක ලොකු වැඩක් නෙමෙයි ද? 

  • Lakmini MH අම්මප සෑහෙන ලොකු වැඩක් අයියෙ . තමන්ට ආදරේ කල අය සේරම දාල 1ක හීනයක් වෙනුවෙන් ජීවිතේම නාස්ති කර ගන්නව කියන්නෙ මර ආතල් වැඩක් නේ...

  • Udara S C Wilathgamuwa එහෙම කිව්වට දිවි නසා ගන්නත් මාර ආත්ම ධෛර්යයක් තියෙන්න ඕන 

  • Hansaka Wickramasinghe ආත්ම ධෛර්යයක් ඔනෙ නෑ. පිස්සුවක් තිබුනම ඇති

  • Udara S C Wilathgamuwa එහෙනම් එකෙක් කිව්වේ මට දිවි නසා ගන්නවත් ආත්ම ධෛර්යයක් නැහැ කියලා 

  • Achela Manesh ආදරේ අන්ධ නෑ සුදූ.. ආදරේ මුලාවෙන් රාගයට වහල් වෙච්චි ඈයො තමයි අන්ධ..

  • Achela Manesh හංසක අයියේ, ඔයාට ආත්ම ධෛර්ය සහ පිස්සුව කියන දෙක පැහැදිලිව වෙන් කර හඳුනාගන්න බැරි අවස්ථා හමුවෙලා නැද්ද?

  • Shanika Harshani PatikiriKorala ආදරේ අන්ධ නෑ සුදූ.. ආදරේ මුලාවෙන් රාගයට වහල් වෙච්චි ඈයො තමයි අන්ධ..2

  • Udara S C Wilathgamuwa උඹ ගාව රාගේ නැතිවුනොත් ආදරේ තියෙයි ද?

  • Shanika Harshani PatikiriKorala රාගෙට වඩා තණ්හාව තියෙන්නේ 

  • Hansaka Wickramasinghe පිස්සුව හැදුන කෙනා හිතන්නෙ මැරෙන එක ආත්ම ධෛර්ය කියලා. ඒක පිස්සුවෙ හැටි.

    ආත්ම ධෛර්ය නැතිවෙන්නෙ ඇති වෙච්ච දුක දරාගන්න. ඒ දුක අපිමයි හදාගන්නෙ. ඒ දරාගන්න බැරිකමට කෙනෙක් මැරෙනවා නම් ඒක ආත්ම ධෛර්ය වෙන්නෙ නෑ.


    පලය එකම වුවත් හේතුව වෙනස් නම් කරණා දෙක දෙකක්.

  • Achela Manesh තියෙනවා උදාරයා ..

    ප්‍රේමයේ නගරයයි

    සිත මගේ 
    මාවතක් හෝ නොවූ
    රාගයේ.. 

  • Hansaka Wickramasinghe තන්හාව ඇති වෙන්නෙ රාගය නිසා නෙමේද ශානිකා? රාගය යනු රතියට කියන තවත් නමක් නොවන බව කරුණාවෙන් සලකන්න

  • Shanika Harshani PatikiriKorala දන්නවා තන්හාව නිසා රාගය ඇතිවෙන්නෙ මම හිතන්නෙ එත් දෙකම එකයි ලගින් යන සමනකම් තියෙනව

  • Achela Manesh වේදනාව ඉවසන්න ආත්ම ධෛර්ය අවශ්‍ය නැති ද හංසක අයියේ?

  • Hansaka Wickramasinghe මොන වේදනාවද?

  • Achela Manesh මානසික හෝ ශාරීරික

  • Hansaka Wickramasinghe ඉතිං ඇයි සුලු කාලීන වේදනාව තෝර ගන්නෙ ආත්ම ධෛර්ය තියෙනවා නම්.

  • Sameera Rukshan Mendis නියමම කතාව වරුණ අයියා

  • Achela Manesh හරි.. ටිකකට ආදරේ, විරහව අමතක කරමු. පුංචි උදාහරණයක් දෙන්නම්, යම් අවස්තාවක උග්‍ර විසක් ශරීර ගත වෙනවා.ඇඟිල්ලකින් කියමු. ක්ෂණිකව ඇඟිල්ල කපා දැමුවොත් ජීවිතය රැක ගත හැකි නම්, වෙන යමක් කරන්න කාලයකුත් නැත්නම්, ඔබේ ඇඟිල්ල ඔබ විසින්ම කපා දමන්න ආත්ම ධෛර්යක් අවශ්‍ය නොවේ ද?

  • Udara S C Wilathgamuwa වරුණ ගෙ කතාවෙන් අම්මා තාත්තාට සළකන එක වැඩක් නෑ වගේ එකක් යම් හිපාටුවෙක්  ට හිතුනොත්. ඇයි ඒ ගොල්ල එක් වුනේ ලිංගික ක්‍රියාවකට මිසක් මං වෙනුවෙන් නෙමෙයි නෙ කියලා

  • Hansaka Wickramasinghe පලය එකම වුවත් හේතුව වෙනස් නම් කරණා දෙක දෙකක්.

    අචල කිව්ව කාරණාවට මූලිකව බලපාන්නේ ආත්ම ධෛර්යට වඩා මරණ භය නේද?

  • Achela Manesh ඒ කියන්නෙ මරණබය නිසාවත් ආත්ම ධෛර්යක් ඇති වෙන්නෙ නැද්ද?

  • Hansaka Wickramasinghe අචල අහිංසක බල්ලෙකුට එක දිගට ගහන්න. ඌට පැනලා යන්න විදියක් නැතිනම් ඌ ඔබව හපාකයි. ඒකට ආත්ම ධෛර්‍යයක් කියලා කියන්න පුලුවන්ද?

  • Waruna RK අම්මත තාත්තට නොසලකන්න හිතන එක නරකයි. එයාල අපි පිළිබඳව නොයෙක් තන්හා සිතුවිලි ඇති කරගෙන තමයි අපිව ලොකු මහත් කරන්න උපාය සපයා දෙන්නේ... මවගෙ ලේ කිරි වෙන්නේ දරුවට තියෙන ආදරේට.. ඒ ආදරේ වෙන දරුවෙකුට නෑ.. වෙන දරුවෙක් වෙනුවෙන් කිරි එරෙන අම්මල ඉතා විරලයි. ළදරු පාසලේ ළමයි දෙන්න ගහ ගත්තොත් අම්ම කියන්නේ මගේ එකාට අරු ගහල... එතකොට අම්මල දෙන්න වෙන වෙනම සිතන්නේ එකම විදියට. තමන්ගේ කුසයෙන් එලියට ඈ නිසා මවක් දරුවෙකුට සෙනෙහස දක්වන විදිය හදාගන්න දරුවෙකුට ඒ අම්මගෙන් නෑ... ඒ තණ්හාව නිසා... මු කොහොම හරි මට ඕන මගට යොමු කරන්න හිතන්නෙත් ඒ තණ්හාව නිසාමයි. නමුත් පිළිසිඳ ගත්තට පස්සේ තමයි අම්මල මම මෙන්න මේවිදියට දරුවෙක් හදල මෙන්න මෙහෙම කරනවා කියල සිතුවිල්ල හිතන්නේ... එතකොට දරුවා හැදීමට මුලින් වෙන සිතුවිල්ලක් තියෙන්නේ

  • Achela Manesh හරි. කරුණාකර ඔබේ වචනයෙන් ආත්ම ධෛර්ය නිර්වචනය කරනු මැනවි.. ජංගමයෙන් සිංහල කෙටිල්ල පහසු නැති හෙයින්..

  • Udara S C Wilathgamuwa වරුණ, අම්මා කෙනෙක් ගේ ආදරේ මත තමයි මිනිහෙක් ගෙ ජීවිතේ ගොඩ නැගෙන්නෙ. ඔබ ඔය කියන ගැඹුරට ගිහිල්ලා මෙතනදි කතා කළොත් ඒක අම්මට කරන අසාධාරණයක්..ඔය මා පියෝ කියන කතාවේදි බුදු හාමුදුරුවො උනත් සම්මුතිය මත ඉඳලා අනුසාශනා කළා මිසක් වැඩිපුර පරමාර්ථයට ගාවන්න ගියේ නෑ මහිතෙ. ඕක පරමාර්ථ වශයෙන් ඇත්ත උනත් බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕන තැනක්. මොන තණ්හාවෙන් උනත් අම්ම තාත්තට බ්‍රහ්ම පදවි දුන්නේ ඒ නිසා නේද?

  • Nileeka Deshani Wickramasinghe මගෙ අදහස නම් මෙකයි.ආදරය කියන්නෙ තන්හාවට කියන තවත් නමක්.තදින් අල්ලාගෙන ඉන්න ‍යමක් තමන්ගෙන් ගිලිහුනාම හරි එ දැඩි බැදිම කවුරුහරි ආයාසයකින් කඩන්න උත්සහ කලොත් හරි එ අවස්තාවට මුහුන දෙන්න තරම් ශක්තියක් නැති උනම තමා ජිවිතෙ නැති කරගන්න තරම් දුර්වල තීරන ගන්නෙ සමහරු.මොකද ප්‍රශ්න වලට මුහුන දෙනවට වඩා ප්‍රශ්නවලින් පැනල නිදහස් වෙන්නයි බහුතරය කැමති.ආදරය තන්හාවක් වුනත් පෘතග්ජනයා රැදෙන්නෙත්.මෙ ලොකෙ පවතින්නෙත් එ මත.ආදරෙ උතුම් දෙයක් කරන්න පුලුවන් ජිවත් වෙලා.හැම බාදකයකටම සාර්තකව මුහුන දීලා.මැරුනොත් වැඩිම උනොත් දවස් 7ය් මතක තියෙන්නෙ.ඊට පස්සෙ වල දාපු තැන් හොයන්නත් බෑ.

  • Sameera Rukshan Mendis අම්මටසිරි, මෙකි මෙව්වා වෙලා තියන තරම්

  • Shanika Harshani PatikiriKorala ශා නිලිකා 

  • Lakmini MH  ඇති වරුණ අයිය කිව්වෙ නැතුව අම්මට කිරි එරෙන්නෙ ශාරීරික ක්‍රියාවලියක් නිසා කියල 
    අයිය සෝවාන් වෙලා කියල මට හිතෙන

  • Nadeesha Kasun Withanage Anyhow i'm not so foolish to die because of a broken love affair. As a business man I always have many options.

  • Udara S C Wilathgamuwa කවුද බං මේ නීලිකා කියන්නෙ. කවුරු නමුත් බුද්ධිමත් කෙල්ලෙක්. සමීර උඹ හඳුනනවාද? 

  • Lakmini MH මම හිතන්නෙ සමීරය වාසනාවන්තයි අම්බානකට . 

Sunday, June 9, 2013

කලාව සමාජය සහ කලාව.......



කළාවෙන් සමාජයත්, සමාජයෙන් කළාවත් ප්‍රතිපෝෂණය වෙනවනම්... ලංකාවේ විතරක් ඒක වෙන්නේ නැත්තේ ඇයි?

Hasitha Dayarathna


Asanka Hendahewa
කලාව කාලනේ...ඒක නිසා සමාජය පෝෂනය වෙන්නේ විකෘතියට..ඊටපස්සේ විකෘති සමාජයෙන් බිහි වෙන්නේ විකෘති කලාවක්

Ashean Mendis
ලංකාව තුල පැහැදිලි නිර්ණායක නොමැති කම නේ

Asanka Hendahewa
නිර්ණායක නෑ කිව්වේ?

Sanjaya Dissanayake
ඉතිං අපි ඒක වෙනස් කරමුකෝ..

Asanka Hendahewa
කොතනින්ද? ටිකක් අමාරුයි මේ රවුම බිදගෙන පනින්න

Ashean Mendis
කලාව සහ සමාජය අතර ඇති සම්බන්දය මොනාද ? අද ලංකාවේ බිහිවෙන කලත්මක දේවල් සමාජයට ගැලපෙනවාද? වර්තාමානයේ බිහිඋන වැදගත් යමක් තියෙනවද? එසේ නම් කලාවක් බිහිවිය යුත්තේ සමාජය යට ගැල පෙනෙන ලෙස නොවේද ?? කෝ මේ සම්බන්දව නිර්ණායක ??

Sanjaya Dissanayake
නිර්ණායක දන්න අය ඉදිරිපත් කොරන්න.

Janaka Rajapaksha ~
කලාව කන්නද ඕයි?...

Sanjaya Dissanayake
 ඔව්. බං, ඒක සමහරු උයන,අපේ සමහරු කනවා.. ඉතිං අපිත් කමු බං

Ashean Mendis
මගේ දැක්කම නම් ලංකාව තුල සමාජයෙන් කලාවට ප්‍රතිපෝෂණය k නැත්තේ, අප රට තුල බිහි වෙන නිර්මාණ හුදක් "අඩු ආයෝජන වැඩි ප්‍රතිලාබ" නියාමය දරන නිසාය , සිනමාවට ලැදි නොව , එයට පුරුදු වූ පරිසක් ඇත. මේ පුරුදු වූ පිරිසට එලිදැක්වීම් කරමින් "අඩු ආයෝජන වැඩි ප්‍රතිලාබ" නියාය පමණක් කියත්මක කරයි. මේ නිසා ගුණාත්මක නිර්මාණයක් උවද එහී ගුණාත්මක බවය නිසි ලෙස නොලැබේ , ඒ නිසා හොදම දේ විය යුත්තේ ලංකාව තුල උසස් නිර්මාණ බිහිවීමට අවශෂ තාක්සනය ලාබ දීමය , එය රජයට කර නොහැකි නම් , පෞද්ගලික අංශ වලට හෝ ලබාදීම යුහුසුරු වේ.....

Sanjaya Dissanayake
ඇයි පෙන්නගන්න විදියක් නෑ කියන්නේ..

Ashean Mendis
යා ඇයි එහෙම කියන්නේ ? පෙන්නගන්න විදියක් නෑ kiyala Mihikala Dharmaprema

Sanjaya Dissanayake
මිහිකලාගෙ කතාව ඇත්ත. හොද චිත්‍රපට කීපයක්ම තිබුනා වැඩි කාලයක් පෙන්නුවෙ නැති..

Janaka Rajapaksha ~
කලාව යනු ආනන්දයෙන් ප්‍රඥාවට යනුවෙන් අර්ථ දැක්වූවද, ප්‍රඥාවක් නැතිව ලැබිය හැකි ආනන්දයද අවර ගනයේ එකක්ම වෙයි. එවන් නොපැසුළු පොදුජන විඥ්ඥානයකට රන් දෙපැය වැනි කාලකන්ණි සංකල්ප විනා ප්‍රබුද්ධ සංවාද වැදගත් නැත. මෙය මා දකින්නේ සැලසුම් සහගත ලෙස හැඟීම් මාර්කට් කරන්නට පිඹුරුපත් සැකසූ ජරාජීර්ණ අධ්‍යාපන ක්‍රමයක අවසන් ශේෂපත්‍රය හැටියටය....

Sanjaya Dissanayake
ජනක ඒකනං සහතික ඇත්ත. ඒත් අපේ සමහර උන් ඒක දැන දැනත් ඒ රාමුවෙන් මිදිල නෑ..

Sanjaya Dissanayake
බලනව නෙවේ බං බලෝනවා..

Hasitha Dayarathna
මිහිකලා සමජයෙන් නිර්මාණයට වස්තුබීජයක් ගැනීමම කළාව පෝෂණය වීමක් ලෙසයි මම දකින්නේ... සමාජයෙන් කළාවත් කළාවෙන් සමාජයත් ප්‍රතිපෝෂණය වෙමින් කොච්චර දුර ගිහිල්ලද කිව්වොත් හඳටම ගිහිල්ලා තියෙන්නේ.. හැබැයි හඳේ වෙන දේවල් වලින් පමාජයට කිසි බලපෑමකුත් නෑ.... ඇයි මෙහෙම වෙන්නේ?

Janaka Rajapaksha ~
හොඳ මට්ටමේ නිර්මාණ බිහිවෙන්නේ ඒවාට පැවැත්මක් තියෙනවනම් විතරයි. ප්‍රේක්ෂකාගාරය හිස් නම් කොච්චර සම්භාව්‍ය නිර්මාණයක් කළත් වැඩක් වෙන්නේ නෑ පාරිභෝජනවාදී සමාජයක. ඒ මොකද කලාකරුවන්වත් මේ ක්‍රමය ඇතුලේ තීරණය වෙච්ච මිලකට විකිණෙනවා.

නැත්තම් ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, රෝහණ බැද්දගේ, සුනිල් එදිරිසිංහ, ටී.එම් වගේ ස්වතන්ත්‍ර නිර්මාණ කරුවෝ රාජ්‍ය අනුග්‍රහයෙන් සියලුම අවශ්‍යතා ඉටුකරල දීල නිර්මාණකරණයට පමණක් ඔවුන්ව නිදහස් මනසකින් තියන්න ඕනෙ.

එහෙම උනත් ඒ සුභාවිත නිර්මාණ රස විඳිය හැකි රසාඥතාවයක් හා ආර්ථික, සමාජයීය නිදහසක් රටේ පොදුජන මනස තුල නැත්නම් මේ මොනව කළත් වැඩක් වෙන්නෙත් නෑ.....

Sanjaya Dissanayake
 // නැත්තම් ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, රෝහණ බැද්දගේ, සුනිල් එදිරිසිංහ, ටී.එම් වගේ ස්වතන්ත්‍ර නිර්මාණ කරුවෝ රාජ්‍ය අනුග්‍රහයෙන් සියලුම අවශ්‍යතා ඉටුකරල දීල නිර්මාණකරණයට පමණක් ඔවුන්ව නිදහස් මනසකින් තියන්න ඕනෙ. //

නිර්මාණ කරනයට පමණක් යන්නෙන් අදහස් කලේ ඉහත නිර්මාණකරුවන්ට එවැනි නිදහසක් නෑ කියන එකද?.. ඔවුන්ට නිර්මාණ කරණයේදී බලපෑම් එනව කියන එකද?

Janaka Rajapaksha
සංජය දිසානායක
මම අදහස් කළේ වෙළඳපල ඉලක්ක නොකර, සැබැවින්ම ඉහල මට්ටමේ නිර්මාණයක් කරන්න නම් කලාකරුවෙකුට වෙනත් මානසික පීඩනයන් තියෙන්න බෑ. විශේෂයෙන් ඔහු හා ඔහුගේ යැපෙන්නන් වෙනුවෙන් ආර්ථික අතින් යුද්ධයක් කරන්න වෙනතාක් නිර්මාණ කරුවෙක් තමන්ගෙ නිර්මාණයේ ගුණාත්මක භාවයට වඩා ඒකේ මාර්කට් එක ගැන හිතනවා.

කපුගේලා සන්ෆ්ලවර් වේදිකාවට නැංගේ ඒ නිසා, ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු නැවැත්තුවේ ඒ නිසා [අහන්නට ලැබුණ තොරතුරු අනුව], විජේරත්න වරකාගොඩ ටීවී ඇඩ් වලට විකිණුනේ ඒ හින්දා. තව ඕනතරම් උදාහරණ තියෙනවා... ..

Sampath Sagara
ලංකාවෙ කලාවට සම්බන්ධ ගොඩක් දෙනා ලංකාවෙ සංස්කෘතියට සම්බන්ධ අය නොවෙන නිසා...

Hasitha Dayarathna
මේ හැම තැනම තියෙන්නේ දැනට පවත්නා සංස්කෘතිය. සම්පත් සංස්කෘතිය කියලා අදහස් කලේ මොකක්ද?

Shadisa Dharmaprema
ලංකාවේ හරියට කලාව අදුරගත්ත මිනිස්සුන්ට ලංකාව තුල ඉනනව .. එත් ජනප්‍රියසංස්කෘතිය කියල බහුටරය ඇදගෙන ඉන්න ගොනා හා සමාන දේ අස්සේ එලියට එන්න අමාරුයි ... ඒ වගේම කලාව එක්ක දේශපාලනීකරණය ඇවිත් තියන නිසා හැබැවටම කලාකාරයෝයයි කියන්න පුළුවන් අය නිහඩයි.

Shadisa Dharmaprema
කලාව කියන්නේ නිදහසේ හිතන්න සමාජේ එක්ක ගැටිලා සැමගේ එක්ක ජීවත්වෙලා බිහිකරන්න ඕනේ එකක් නැතුව රෝද හතරක් උඩ ඉදන් කලාව බිහිකරන්න බෑ

Chandrika Yahampath
අද කලාවත් දේශපාලනීකරනය වෙලා....හොද නිර්මාන පෙන්වන කාලය අඩුයි.... වැඩකට නැති දේවලට කාලය වැඩියි.... නිතරම අහෙන්නෙ පේන්නෙ හරයක් නැති දේවල් නිසා සමාජය වල්මත් වෙලා.... කලාවෙ තියන සුන්දරත්වය යට ගිහින් වානිජමය වෙලා විතරයි.....බලපුලුවන් කාරකම් අනුව...

Saturday, May 18, 2013

මහවැලිය ගැන නොඇසු කතා...........








අවුරුදු 30 කට සැලසුම් කර තිබූ "මහවැලි සංවර්ධන ව්‍යාපාරය", අවුරුදු 06ක "කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය" බවට පත්කිරීමේ අනිටු ප්‍රථිඵල අද රටේ ජනතාව විඳිනවා කියන්නේ ඇයි?



Waruna Ratnayake
අවුරුදු 30ක් කියන්නේ දිගු කාලයක්. වසර 30ක් පුරා ක්‍රමක්‍රමයෙන් හැඩගැසීමට තිබු පරිසරය ක්ෂණයෙන් වෙනස් වීම නිසා පොලවේ හැඩ ගැසීමේ පටන් කුරුල්ලන්,මාලුන්,උරගයන් වැනි සත්ව කොටඨාෂ වලට පවා මෙමගින් විශේෂ බලපෑම් සිදුව ඇත.අද වනවිට යාන් ඔයක් දක්නට නැත.ජල ගැලීම් වැනි විනාශයන් වැඩි වී ඇත.වික්ටෝරියා කොත්මලේ ආදි ජලාශ බලාපොරොත්තු වූ මට්ටමින් 20%ක්වත් පවත්වා ගත නොහැකිව ඇත.අමාත්‍යාංශයක් සහ අනෙකුත් ආයතන වල අපේක්ෂිත අරමුනු ඉටුකරග නොහැකි වී ඇති අතර ඒවා සුදු අලින් වී ඇත


Dilmi Dilunika
පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක්‌ ලෙස අධික ලෙස රොන්මඩ තැන්පත්වීම නිසා මහවැලි ජලාශවල අපේක්‍ෂිත ධාරිතාව දැන් වන විට අධික ලෙස අඩුවී ඇත. මෙය 40-60% ත් අතර ප්‍රමාණයකි. එසේම ජලවිදුලි උත්පාදන හැකියාව ද අධික ලෙස අඩුවී ඇත. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ සුවිශාල මුදල් සම්භාරය හා සැසදීමේදී මෙම ව්‍යාපෘතිය අපේක්‍ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාදුන්නා දැයි ගැටලුවකි.


Dilmi Dilunika
 කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආදීනව ප්‍රකාශිත වන්නේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන පාරිසරික විනාශයත් සමගයි. මෙය ප්‍රධාන දෙයාකාරයකින් සිදුවිණි.

පළමුවැන්න නම් චිරාත් කාලයක්‌ රජරට ආශ්‍රිතව පැවති "වැව-ගම්මානය-කුඹුරුයාය හා වෙනත් ගොඩ ඉඩම්- වන ලැහැබ" නම් ඒ සුවිශේෂ පරිසර පද්ධතිය කඩිනම් මහවැලියේ බුල්ඩෝසර හා බැකෝ යන්ත්‍රවලින් වැනසී යැමයි.

දෙවැන්න නම් එමගින් සිදු කළ "ඇළ" මගින් "වැව" විස්‌ථාපනය කිරීමේ ක්‍රියාවලියයි. පාරම්පරික වාරි කර්මාන්තයේ "වැව" සුවිශේෂ පාරිසරික පද්ධතියක්‌ විය. එය ඇත්තවශයෙන්ම එකිනෙකට සම්බන්ධතාවකින් යුතු වූ වැව් පද්ධතියක්‌ වූ අතර "එල්ලංගාව" හෝ "ආගාර පාර" (Cascade) ලෙස එය හඳුන්වනු ලැබීය. වාරි කටයුතු සහ පරිභෝජන කටයුතු සඳහා පමණක්‌ නොව සතුන්ගේ අවශ්‍යතාවන් හා පාරිසරික සමතුලිතතාව රැකීම අතින් ද මෙම වැව් පද්ධතිය සුවිශේෂ මෙහෙවරක්‌ සිදු කරන ලදී. (මේ පිළිබඳ මනා විස්‌තරයක්‌ උදුල බණ්‌ඩාර අවුසදහාමි රචිත "වැව" පොත මගින් සැපයේ). එසේම භූගත ජල මට්‌ටම රැකීම ද මෙම වැව් පද්ධතිය මගින් සිදුවිය. වැඩකට නැති වැව් යන මතයේ පිහිටා කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා එල්ලංගාවන් විශාල ගණනක්‌ විනාශ කරන ලද අතර, මහවැලි H කලාපයේ පමණක්‌ වැව් 200 කට වැඩි ගණනක්‌ විනාශ කර ඇත. මෙමගින් මේ ප්‍රදේශවල සාම්ප්‍රදායික ජල කළමනාකරණයට මෙන්ම භූගත ජල මට්‌ටමට ද සිදුවූ හානිය අතිමහත් විය.

ඇමරිකාවේ "ටෙනසි නිම්න් මොඩලය" (Tennese valley Model) අනුගමනය කෙරෙමින් විශාල පාරිසරික හානියක්‌ සමග ක්‍රියාත්මක වූ මෙම "සංවර්ධන" ක්‍රියාවලිය මගින් උත්සුක වුණේ සම්ප්‍රදායිකව කෙරුණු ප්‍රාදේශීය (regional) ජලය රැස්‌කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවට ආනයනික (Imported) ජලය රජරටට ගෙනමේ ක්‍රමවේදයකටය.

සැතපුම් සිය ගණනක්‌ දුරබැහැර සිට මහවැලි ජලය රජරටට ගෙනඑන ලදී. මෙම ජලය ප්‍රවාහනය කිරීමේදී "ඇළ" ප්‍රධාන මාධ්‍යය විය. එයද පුරාතනව භාවිත කළ වක්‍රාකාර ගමන් මාර්ගයක, සෙමින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය (යෝධ ඇළ මීට කදිම නිදසුනකි) වෙනුවට කෙටි කාලයකදී, වැඩි දුරක්‌ ගෙන යැමේ අධිවේගී ක්‍රමවේදයක්‌ ඔස්‌සේය. පුරාතනයේදී භාවිත කළ යම් දුරක්‌ ජලයේ වක්‍රාකාර මාර්ගයක්‌ ඔස්‌සේ සෙමින් ගෙනයැමේ ක්‍රියාවලිය තුළ ජලයේ තිබූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය යනාදිය පතුලේ තැන්පත්වීම හෝ ඉවුරේ තිබූ ඕලු, කුමුදු, කෙකටිය වැනි ජලජ ශාක මගින් අවශෝෂණ කිරීම සිදුවිය. නූතන වාරි ක්‍රමවේද මගින් ජලය අධිවේගයෙන් ගෙනයැම තවත් පහසු කිරීමටත්, ඉවුරු මගින් සිදුවන ජල කාන්දුව අවම කිරීමට කෙරුණු ඉවුරු කොන්ක්‍රීට්‌ කිරීම මගිනුත් ජලයට මුසුවූ බැර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය හා වෙනත් විෂදායක ද්‍රව්‍ය අධිවේගයෙන් ඉහළ සිට පහළට ගලාඒම සිදුවිය.


Dilmi Dilunika
මහවැලි පෝෂක ප්‍රදේශය වනාහි වර්ග කි. මී. 10,000 ට වැඩි ප්‍රදේශයකි. එනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/6 පමණ වපසරියකි. මෙය මධ්‍යම කඳුකරයේ සිට පහළට විහිදෙන්නකි. විශේෂයෙන් මධ්‍ය කඳුකරයේ සිදුවන වන විනාශයන් හා තේ, අර්තාපල් හා වෙනත් එළවළු බෝග වගාවනට වන නැඹුරුව සමග කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස යොදවන තත්ත්වයනට පත්වේ. වන විනාශයට සමගාමීව සිදුවන පස සෝදාපාලුව සමග මේ රසායනික වස විස අවසානයේදී මහවැලි ජලය හා මුසුවේ.


මෙම රසායනික යෙදවුම් අතුරින් ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ (TSP) සුවිශේෂ වේ. මෙය කැඩ්මියම් යන බැර ලෝහයෙන් බහුලය. අද රජරට වෙලාගත් වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ ද මෙම කැඩ්මියම්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් බණ්‌ඩාර මහතාගේ පර්යේෂණවලට අනුව කැඩ්මියම් මහවැලි ගඟේ තලවකැලේ ප්‍රදේශයේ සිට වැලිමඩ දක්‌වා විවිධ ස්‌ථානවල ප්‍රධාන ගංගාවේ හා අතු ගංගාවන්ගෙන් ලබාගන්නා ලද ජල සාම්පල සියල්ලකම අධික ප්‍රමාණවලින් හඳුනාගෙන ඇත. (දි අයිලන්ඩ් - 2009 අප්‍රේල් 25).

එසේම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ සිටින ප්‍රදේශ ගණනාවක්‌ ද වැව් ජලය පර්යේෂණයට භාජන කළ මහාචාර්ය බණ්‌ඩාර මහතා විශාල ලෙස කැඩ්මියම් ජලයට එක්‌වී ඇති සැටි ඔප්පු කර ඇත.

කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ආගමනයෙන් සිදුවන පරිසර විනාශයත්, ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ හරහා එකතුවන අධි කැඩ්මියම් ප්‍රමාණයත් රජරට වකුගඩු රෝගයට සෘජුවම බලපෑ මූලික සාධක දෙක බව සඳහන් කිරීමට අපහට යොමුවිය හැකි අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ "කාලය" හා එහි ඇති සම්බන්ධතාව. වකුගඩු රෝගය කාලාන්තරයක්‌ තිස්‌සේ දිගටම සිදුවන තත්ත්වයක්‌ නිසා ඇති වන්නකි. මේ අතින් බලනවිට මේ සංසිද්ධීන් නොනැවතී දිගටම දශක දෙකකට වැඩි කාලයක්‌ රජරට ජනතාව අතර ක්‍රියාත්මකවීමෙන් 2000 දශකයේ මුල් භාගය වන විට එහි අනිසි ප්‍රතිඵල දෘෂ්‍යමානවීම ඉතා විද්‍යාත්මක නිරීක්‍ෂණයකි.

~ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි

Dilmi Dilunika
 2000 දශකයේ මුල් වකවානුවේ සිට ක්‍රමයෙන් කරලියට ආ "රජරට වකුගඩු රෝගය" වැළඳුණු රෝගීන් මේ වන විට පදවිය, ශ්‍රීපුර, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, මහවිලච්චිය, තන්තිරිමලේ, එප්පාවල, මැදිරිගිරිය, වැලිකන්ද, අරලගන්විල, වැලිඔය, ගිරාඳුරුකෝට්‌ටේ වැනි අනුරාධපුර, පොළොන්නරු දිස්‌ත්‍රික්‌ක පමණක්‌ නොව අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කයන්ට ද පවා අයත් ප්‍රදේශවලින් ද හඳුනාගෙන ඇත.


මෙම නගර හා ගම් ලැයිස්‌තුව වකුගඩු රෝගීන් බහුලව හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ලැයිස්‌තුවක්‌ පමණක්‌ වන අතර, ඉන් එය එම ප්‍රදේශවලට පමණක්‌ සීමා වූවක්‌ බව වටහාගත යුතු නැත. (මෑතකදී හසලක ප්‍රදේශය ආශ්‍රිතව ද මෙම වකුගඩු රෝගයට භාජන වූ රෝගීන් ගණනාවක්‌ හඳුනාගත් බවට දැනගන්නට ලැබිණි.) මෙම නගර හා ගම් ලැයිස්‌තුව සැලකීමේදී ප්‍රත්‍යෂ කරගත යුතු අනෙක්‌ ප්‍රධානතම කරුණ වනුයේ පුළුල් ලෙස සිදුවී ඇති රෝගයේ ව්‍යාප්තියයි. එය දෙස සැලකිල්ලෙන් බැලීමේදී පෙනී යන අනෙක්‌ වැදගත් කරුණ වනුයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය හා මෙම රෝගය අතර ඇති කිට්‌ටු සමපාතභාවයයි. මේ හඳුනාගත් ප්‍රදේශ සියල්ලම පාහේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියට නතුවූ ප්‍රදේශ වේ.

~වෛද්‍ය ප්‍රසන්න කුරේ විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි...........


Sampath Sagara
 ඇත්ත... ඒක අවුරුදු 30 න් කරන්න හිටියනම් දැන් දවසකට පැය 5-6 ක් විතර විදුලි බලය නැතිව අපේ රට්ටුන්ට ඉන්න තිබුන..ඒත් දැන් පැය 24 ම විදුලිය ලැබෙනව (ඒක තමා කඩිනම් මහවැලියෙ ප්‍රධානම අනිටු ඵලය)


Sampath Sagara
 දැන් පැය 24 ම විදුලිය සාපේක්ෂව අඩු මුදලකට ලැබෙන නිසා හැමෝම ඒ පැත්ත අමතක කරනව

Dilmi Dilunika
 ඒකෙත් ඇත්තක් තියෙන්වා...ඒත් ඕකෙ බලපෑම විඳින්නෙ රජරට මිනිස්සු..

Sampath Sagara
 ඒ කඩිනම් මහවැලියෙ වරද නෙමේ... කෘමිනාශක භාවිතයේ අතුරු ඵල...

Janaka Rajapaksha
~සංවර්ධන ව්‍යාපාරයක හොඳ හෝ නරක තීරණය කරන්න වෙන්නෙ ඒකෙන් ලැබෙන කෙටිකාලීන හා දීර්ඝ කාලීන ප්‍රථිලාභ දිහා බලලා. අවුරුදු තිහකට ඔය ව්‍යාපාරය සැලසුම් කළේ සංවර්ධනයත් සමඟ ඇතිවන පරිසර හානි සහ අනෙකුත් අහිතකර බලපෑම් සමතුලිත කරගනිමින් අවම හානියක් යටතේ වැඩි ප්‍රථිලාභ ප්‍රමාණයක් ලබාගන්න. නමුත් දේශපාලන වාසි සහ බලලෝභය නිසා ඒක අවුරුදු 06 කට සීමා කරල කඩිනම් ව්‍යාපාරයක් ගැන පිඹුරුපත් හැදුවෙ කෙටිකාලීන ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන්. මැජික් පෙන්නුවට යතාර්ථය ඊට වඩා වෙනස්....


Janaka Rajapaksha
 ~හොඳ හැම දේකටම නරකයි කියලා කෑ ගහන අය වගේම හැම නරක දේකටම හොඳයි කියන අයත් ඉන්නවා. කෙටි කාලීනව ලයිට් දල්වගෙන කට්ටිය සපාන් එකේ ඉන්නව එක්කම ඒකේ අහිතකර ප්‍රථිඵල නිසා අපේම තවත් විශාල සහෝදර ජනතාවක් අනාථ වෙලා ඉන්න එක හොඳයි නම් සිංහරාජෙත් විකුණලා ගහමුකො න්‍යෂ්ටික බලාගාරයක්!.....

Janaka Rajapaksha
 ~අනවශ්‍ය විදියට කල් ගතකරන්නේ නැතිව ඉක්මනින් වැඩක් කෙරෙනවනම් ඒක හැම අතින්ම හොඳයි. නමුත් ඒ ඉක්මන නිසා අද අනිටු විපාක පමණක් විතරක්ම නෙවෙයි, ඒකෙන් අරමුණු කරපු ප්‍රථිලාභ ටිකවත් ලැබිලා නැහැ. එසේ නම් එය සාර්ථක ද?...

කියන්නට තිබුණ කරුණු දිල්මි විසින් දක්වා ඇත. ස්තූතියි දිල්මි....!


Udara S C Wilathgamuwa
 මම මේක ගැන ද්න්නෙ නෑ. ඒක ට 'තදියම්' මහවැලි ව්‍යාපාරය යන නම ගැළපෙනව ද?





Monday, May 13, 2013

සමහරු පන්සලේ විවාහ වෙන්නේ ඇයි ? එකට හාමුදුරුවොත් ඉඩ දෙන්නේ ඇයි ? එක වැරදි දෙයක් නෙමේද ?


නිමේෂ් ගමගේ විසින් 2013.05.


Ayesha Dilhani
නැහැ ! කතෝලික අයට පල්ලිය විවාහ වෙන්න විවුර්තයි .. ඒ නිසා මම නං හිතන්නේ පන්සලේ විවාහ වෙන්න දෙනවා නං ඒක ලොකු වටිනාකමක් කියල !

Methmalie Dissanayake
ගිහියෝන්ගේ ආවාහ විවාහ සම්බන්ධතා වල හාමුදුරුවරු මැදිහත් වීම විනය විරෝධී කටයුත්තක් ද..? පිච්ච මල පොතේ රාහුල හාමුදුරුවෝ එහෙම කියනවා කියල මතකයක් තියෙනවා මට.

Nimesh Gamage
Ayesha පන්සල කියන්නේ ගිහි බැඳීම් අත අරින තැනක් .. එහෙම තැනක ගිහි බැදීම් ඇති කරන එක තාර්කිව හරි මට වැරදි දෙයක් ලෙස පෙන්නේ ...

Ayesha Dilhani බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නැහැ ගිහි බැඳීම් අත් හරින්න කියල !! කොහෙද කියල තියෙන්නේ ?? ඒ පැවිදි කට්ටියට !

Fiqri Ismail
පැවිදි අයට විශේෂ නීති පැනව්වා... උන්වහන්සේ දේශනා කලේ ගිහි ගෙදර ගින්නක් කියලා ආයේ බැඳීම් ගැන කියන්න දෙයක් නැහැ.. ඒ වගේන නිමේෂ් කිව්වා කියන්නේ පන්සල කියන්නේ ඒකට සුදුසු තැනක් නෙමෙයි...

Sachithra Darshana
නිමා පටලගන්න එපා.. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ගිහියන්ට හා පැවිද්දන්ට වෙන වෙනම ධර්මය දේශණාකොට තිබෙනවා.. ඔය තර්කයම තමයි. මිනිහෙක් උනාම එක්කෝ පවුලක් වෙන්න ඕනේ නැත්නම් පන්සලක් වෙන්න ඔනේ කියලා ගැමි ව්‍යවහාරයේ එන්නෙත්... ඔය දෙකටම නැතිව ගෙවන එවුන් ඉස්සල්ලම ඒ ගැන දැනුවත් උනා නම් හරි. මගේ පෞද්ගලික මතය පන්සල විවාහයකට සුදුසු තැනක්... තමන්ගේ ජීවිතේ අළුතෙන් පටන් ගැනීම හාමුදුරු කෙනෙකුගේ ආශීර්වාද මැද ආගමික වතාවත් හරහා පටන් ගැනීම ඉතා හොඳයි.. නමුත් වෙන්නේ පන්සල වෙඩින් හෝල් එකක් වෙලා උත්සවයක් යන එක නම් මම ඒකට එකඟ නෑ ඒ සඳහා වෙනම තැන් තියෙනවා. ඔය සම්ප්‍රදාය මතක විදිහට රැල්ලක් විදිහට ගෙනාවේ ප්‍රවීණ නළු කමල් අද්දරාරච්චිගේ දැනට පවතින විවාහයයි. දැන් එය රැල්ලක් වෙලා....

Ayesha Dilhani
අන්න ඕක තමයි මම ත් කියන්න ගියේ .. මේ කාලේ විවාහ උත්සව ගන්න විදියට පන්සලේ ගත්තෝ ත් නං ඉතින් ඉවරයි !! විවාහය පමණක් පන්සලේ කරලා උත්සවේ වෙන තැනක දාගන්න ඕනේ !!

Hasangi Kollure
මෙහෙමයි...පන්සලකට ගිහින් ආශිර්වාද ගැනීම වෙනයි,පන්සලේ උත්සවය පැවැත්වීම වෙනයි...

Fiqri Ismail
විවාහය පන්සලට සුදුසු තැනක් නෙමෙයි... ඒක ගිහියන්ගේ උත්සවයක්.. අබ්‍රහ්මචරියාවේ වෙසන පැවදි උතුමන් ඉන්න තැනක් පන්සල කියන්නේ.. ඔය බටහිර අභාෂයෙන් ආපු විකාර නිසා තමයි පන්සලේ විවාහ උත්සව... බුදුමැදුරේ ෆොටොග්‍රැපි වගේ ඒවා එන්නේ...

Nimesh Gamage
ගිහි බැඳීම් අත අරින්න කියලා නැති උනාට බැඳීමක් කියන්නේ සංසාරේ දික් කර ගැනීමක් ...
Sachithra අනිවාර්යයෙන්ම හාමුදුරුවන්ගේ ආශීර්වාදය මත අරඹන එක හොඳයි.. ඒ හින්දාම තමා අපේ අක්කාගේ වේදඩ්න් එකට කලින් අපි ගෙදර වරු පිරිතක් කියලා ආශීර්වාද ගත්තේ.. නමුත් පන්සලේ විවාහය ගන්නවා කියන්නේ එකනම් අනුමත කරන්නේ නැ

Sachithra Darshana
ඒක තමයි බන් කියලා තියෙන්නේ.. පන්සලේ විවාහය ආගමානුකූලව කරලා දානය පිලිගන්නවලා ඒ විදිහට ජීවිතය පටන්ගත්ත යාළුවෙක් මට ඉන්නවා... ඌගේ වෙඩිම මට නම් පට්ට.. අපිට තිබුනේ දානයක් එක මසක්වත් තිබුනේ නෑ.. ඇලකොහොල් නෑ... බොන එවුන් ආවෙත් නෑ.

Ayesha Dilhani
මම නං කියන්නේ විවාහ වෙන නැකත විතරක් පන්සලේ තියලා ඊට පස්සේ කන්න බොන්න දෙන දෙයක් හෝල් එකේ දෙන්න කියල !

Nimesh Gamage
ෆික්රි කියපු දේට තව දෙයක් එකතු කලොත් ..ගිහි ගේ අත ඇරලා නිවන් මාර්ගය හොයාගෙන යන හාමුදුරුවන්ට අපි ලස්සනට ඇඳලා පැලදලා ගියාම ඒ ගොල්ලන්ගේ සිත් සසල වෙනවා නේද ...

Hansaka Wickramasinghe
විවාහය යනු හුදෙක් ගිහි කටයුත්තක්. එය පංසලේ පැවැත්විය යුතු නෑ. එමෙන්ම එය නිදහසේ කරන්නත් පංසලේ ඉඩක් නෑ. මේක බටහිරින් ආපු තවත් අන්ඩරයක් විතරයි. ඕනෙනම් බැඳලා ඉවරවෙලා පංසලට ගිහින් හමුදුරුවන්ගේ ආශීර්වාද අරගන්න එකයි කරන්න තියෙන්නෙ.

පල්ලියෙ විවාහ විම කතෝලික අයට එසේම විය යුතුයි. මොකද එයාලගේ විවාහය දෙවියන් හා බැඳී තියෙනවා.

බෞද්ධයො කියන්නෙ කතෝලික අය කියනවා වගේ පාපයෙන් උපදින අය නෙමේ. මනුශ්‍යය ජන්මයක් ලබන එකත් වාසනාවක්. පංසල ආගමික කටයුතු වලට තියලා ගිහි උත්සව ගෙවල් හෝ වෙනත් තැනක තියා ගන්නවා නම් තමා හොඳ.

Udara S C Wilathgamuwa
ඔය විවාහය පන්සලේ සුට්ටක් ගමු කියලා කියලා දැන් මහ වසංගතයක් වෙලා,නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ.පේන්නැද්ද මානෙල්වත්ත පන්සල..මෙහෙණින් වහන්සේලා පෙළට වඩිනවා.මගුල් කාර් පේලියට නවත්තලා..මගුල් ජෝඩු පේළියට ෆොටෝ ගන්නවා..ඒකට කියන්නෙ සහජීවනයද? මන්දා,.රාගය සහිත හිත් නොසැලේද

Sachithra Darshana
මන් අදහස් කලේ උත්සව ගැනීමකින් තොරව දානමය පිංකමක් හා ධර්ම දේශනාවක් සමඟ සිදුවන විවාහයක් මිස පන්සල තුල විවාහ උත්සව ගැනීම පිලිබඳව නොවෙයි. අත්දැකීමක් මත කෙරුනු අදහස් දැක්වීමක් පමණි.

Nimesh Gamage
ඉතින් මචෝ ඕක විවාහ වෙන දවසටම කරන්න ඕනේ ද ? අර මං කලින් කිවා වගේ විවාහයට දවස් 2-3 කට පෙර සතියකට පෙර වගේ ඕකම කරන්න පුළුවන් නේ බං

Fiqri Ismail නිමෙෂ් කියන විදිහට තමයි පෙර බෞද්ධයෝ කලේ.. විවාහයට පෙර දානමාන දීලා අවසර අරගෙන .. පසුව ගෙදර විවාහය ගත්තේ.. ඒක්‍රමයට බොහෝ පින්වත් අය ගැබට එනවා..

Hansaka Wickramasinghe
අවසර අරගෙන ? අවසර ගන්නෙ ඇයි ෆික්‍රි?

Udara S C Wilathgamuwa
අපේ අයගෙ අනන්‍යාතාවයන් ඉතා පැහැදිලිව අනෙක් අය හොරාගනිද්දි අනෙක් අයගෙ කසිකබල් දේවල් අරගෙන අපේ අනන්‍යතාවය විකෘති කරගනිමින් යන ගමනේ තවත් එක් විජ්ජුම්බරයකි.

දර්ශන විමුක්ති
මට නම් හිතෙන්නෙ ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි පන්සලක හැසිරෙන්න ඕන ආකාරය දන්නවනෙ.

දර්ශන විමුක්ති
තායිලන්තයේ මල ගෙවල් නෑ. මැරුණම අදාහන කටයුතු කරන්නෙ පන්සලේ. කෑම බීමත් පන්සලෙන්. හැබැයි බිලක් දානව වියදම් වලට.

Nimesh Gamage
අවමගුලකදී මචං කොහොමත් පන්සල අපෙත් ලොකු දායකතාත්වයක් දෙනවා නේ ... වෙනස පන්සලේ ම අදාහන කටයුතු කරන එක

දර්ශන විමුක්ති
ඉතිං මගුලට දායක උනාම වරද මොකද්ද ?

Hansaka Wickramasinghe
අවමගුලක් ප්‍රිති ජනක, නැටුම් ගැයුම් තියෙන උත්සවයක්ද?
විවාහයක් මරණයක් මෙන් අනිත්‍යය මෙනෙහි කරන, සත්‍යාවබෝධයට යන්තමින් වත් පොටක් පාදගන්න බලන අවස්ථාවක්ද?
Chandrika Yahampath
අනෙක් හැම බෞද්ද රටකම විවාහ වෙන්නෙ පන්සලේ....ප්‍රමුක තැන දෙන්නෙ පන්සලට.... එහි ඇති වරදක් නැහැ...අපි හැම සුබ දෙයක්ම කරන්න පෙර පන්සල් යනව දානමාන දෙනව..එහෙමනම් විවාහය සිදුවන්න උවමනාත් පන්සලක තමයි.... බොරු දේවල් වලින් ගොඩක් තෙර වෙනව එහෙම කරනවනම්.... දැන් දැන් බොහෝ දෙනෙක් එහෙම කරනව ෆන්ශන් එකක් හෝටලයක ගන්නව....හැබැයි එය විකාරයක් කරනොගත යුතුයි.....පන්සලකට සුදුසු විදියට යායුතුයි....

දර්ශන විමුක්ති
පන්සලට යන්න ඕනි දුකට විතරද ?

Hansaka Wickramasinghe
දැං කණකර පුරෝගෙන පැශන් එකට පංසල් යන්න ගියාම හොඳද චන්ද්‍රිකා. පංසලේ විවාහය තිබීමම පැශන් එකක් කරගෙන නෙ තියෙන්නෙ.

Hansaka Wickramasinghe
දුකට වත් සැපටවත් නෙමෙයි, පංසලට යන්න ඕනේ ..
http://en.wikipedia.org/wiki/Buddhist_view_of_marriage 

Hansaka Wickramasinghe
Chandrika Yahampath තායිලන්තෙ එහෙම පිරිමියෙක් අවුරුද්දක්ද කොහෙද මහණ වී සිටිය යුතුයි. ඉතින් ඇයි ඒ වගේ සාධනීය දේවල් මෙහෙට ගේන්න හදන්නෙ නැතුව පංසල්වල විවාහය විතරක් ගේන්න හදන්නේ. ඉස්සෙල්ලා ගේන්න ඕනෙ අර වගේ දේවල්නේ..

Waruna Ratnayake
පන්න+ශාලා = පන්සල. පන් හෙවිලි කල මඩුවක් තමා පන්නශාලා වෙන්නෙ. එහි වැඩ වසන්නෙ අපිස් ජිවිත ගතකරල මොක්ශය පතන අය. ඒවයේ සිත් ඇද බැඳගන්න දේ තිබ්බෙ නෑ. විවාහය බැඳීමක්. ඒ සඳහා පන්සලක් කිසි සේත්ම නුසුදුසුයි. පෙර කල හුන් අඹුසැමියන් පවා පන්සලට ගියෙ වෙන වෙනම. අත් වැල් අල්ලගෙන ගිහින් එක මලක් දෙන්නමපුජා කරල ජාති ජාති මගෙ වෙන්න කියල ප්‍රාර්තනා කලේ නෑ.මේක හින්දු වරු, ක්‍රිස්තියානිවරු, මුස්ලිම් වරු කරන දෙයක්. මේක හීනෝ, ගම්මො, පොඨුජ්ජනිකො, අනරියො, අනත්ත හිතෝ වෙන සිද්ධියක්.

Udara S C Wilathgamuwa
මමත් තේරෙන සිංහලෙන් කිව්වා.ඔය මොක කිව්වත් ආයෙම එකෙක් කියයි අවුලක් නැ කියල.ඒවා කියවනවද මන්දා අපේ වචන නාස්ති වේ..

Fiqri Ismail
<<පන්න+ශාලා = පන්සල. පන් හෙවිලි කල මඩුවක් තමා පන්නශාලා වෙන්නෙ.>> මේකට එකඟ නැති වුනාට අනෙක් කාරණාවලට මම වරුණ එක්ක එකඟයි...

Methmalie Dissanayake
Fiqri අයියේ..ගිහියන්ගේ ආවාහ විවාහ බැඳීම වලට හාමුදුරුවරු මැදිහත් වෙන එක විනය විරෝධී දෙයක් ද..?

Fiqri Ismail
විනය හැටියට.. ස්වාමින්වහන්සේ කෙනෙකුට ගිහියෙකුට බට පතුරක් දෙන තරමට හෝ සම්බන්ධයක් තියාගන්න බැහැ..

Udara S C Wilathgamuwa
විනය පැත්තක තිබ්බත්,සාමාන්‍ය බොදු අනන්‍යතාව ගැන හිතුවත් මෙක පට්ට මෝඩ වැඩක්

Fiqri Ismail
ආනන්ද හාමුදුරුවෝ බුදුන්වහන්සේගෙන් එකතරා අවස්ථාවකට අහනවා ස්වාමිනී මේ කාන්තාවන් සම්බන්ධව අපි කෙසේ හැසිරිය යුතුද .. කියලා.. එවිට උන්වහන්සේ කියනවා "ඇහැට නොදකින තරමට හොඳයි.." කියල.. ඉතින් පන්සලේ වෙඩිං ගන්න එක ගැන කවර කතාද..
Methmalie Dissanayake
එහෙනම් ඉතින් කොහොමත් පන්සලක විවාහයක් ගන්න එක සුදුසු නෑ..අනිත් තර්ක විතර්ක කෙසේ වෙතත්.
මට මතකයි පිච්ච මල පොතේ රාහුල හාමුදුරුවෝ ලඟට ගෑනු කෙනෙක් එනවා එයාගේ පුතා ට ව්වාහ කරලා දෙන්න බලාපොරොත්තු වෙන ගෑනු ළමයාගේ ගෙදර අයට ඒ කොල්ල ගැන විස්තර කියන්න පුලුවන්ද කියල අහන්න.
එතකොට තමා රාහුල හාමුදුරුවෝ කියන්නේ ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්න විනයෙන් ඉඩක් නෑ කියල.

Dushmantha Nuwan Bandara
වෙඩිම්ක් ගන්න මෙච්චර තැන් තියෙද්දි මොකටද පන්සල අස්සට රින්ගන්න හදන්නේ ?? එතන ඉන්නේ සසර කෙටි කරන උත්සහා කරන පිරිසක්.. ඒ කොහොම උනත් ඒ නිස්සුත් තාම පෘතක්ජනයෝ.. එහෙම මනුස්සයෙක්ගේ සීලයට හානියක් නෙවෙයිද වෙන්නේ ඕකෙන්.. අනික අපේ මිනිස්සු වෙන රටකින් ආවොත් බදාගන්නෙම කුප්ප ඇවතුම් පැවතුම් මිසක් හොද දෙයක් නෙවෙයි ... මගේ පුද්ගලික මතය පන්සල ඔය වැඩේට කොහෙත්ම සුදුසු නෑ.. අර කට්ටිය කිවුවා වගේ ඕකට පස්සේ හරි කලින් හරි ගිහින් වැද පුදාගන ආශිර්වාද ගන්න එක වෙනම කතාවක්.. ඒකටත් රොත්ත පිටින් යන්නයි දෙන්නා ගිහින් එක මල පුදලා සසරේ එකට ඉන්න පතන එකයි නම් විහිලුවක්.. මොකද එකට ඉන්න ලැබෙන එක කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක්.. අනික බුදු දහමේ හරය සසරේ එකට ඉන්නවා කියන එක නෙවෙයි සසර කෙටි කරගන්න එක...

Chandrika Yahampath
පන්සලක විවාහ ගිවිසගන්නවා පමනයි නේද එහෙම විවාහවෙනකවුරුත් කරන්නෙ....අපේ රටේ මිට පෙර සිරිතනම් විවාහයට පෙර ගෙදර වරුපිරිතක් හරි කියල දානයක් දීල තමයි බොහෝවිට විවාහයක් සිදුවන්නෙ...එහෙම නැතත් පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියල පිරිත් නූලක් එහෙම බැදගෙන එනව ආශිර්වාද අරන්..බොහෝ දුරට දැන් හැමදෙයක්ම විලාසිතාවක් වෙනව පමනයි...


http://www.facebook.com/groups/why.socialnetwork/permalink/584421648257828/


Saturday, May 4, 2013

ශාක්‍ය වාංශික සරකානි සෝවාන් මාර්ගපලය ලබාගත්තද සුරාපානය අත් නොහළේ ඇයි?




චතුර දසනායක විසින් 2012.03.07


නිපුන්
ඕන් මම නම් දන්නෙ නෑ එයාගෙන් අහල බලමු

චතුර
සරකානි කවුද කියල නොදන්නවා නම් සරකානි කියන්නේ සුද්දෝදන රජුගේ බාල සහෝදරයා ශාක්‍ය වාංශික මහානාම ගේ පුතා.

සිදුහත් කුමරු බුදු උනා. රාහුල කුමරුත් පැවිදි උනා සුද්දෝදන රජුගේ බාල සහෝදර අමිතෝදන රජුගේ පුතා අනුරුද්ධ කුමාරයත් පැවිදි උනා. රජ කමට උරුමය ලැබුන සරකානි අධික මත්පැන් ලෝලියෙක් නිසා එයාට රජකම එපා කියලත් කිව්වලු.

අසංක
අම්මපා??????? ඌ මාර යකෙක්නේ

උදාර
මෝඩයෙක් උනත් හිත හොඳ මිනිහෙක් හැඩයි.

චතුර
ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර සරකානිගේ බව දන්නවාද

එකල්හි කපිලවස්තු නුවර සොබා මධු ලෝලියා වුයේ සරකානී ශාක්‍යසිංහය. උයන්තලා මල් ගොමු අතර වැතිර සුරා මී දියෙන් ලවන් පොගමින් ඔහු ගී ගැයුවා. ඒ හී ඔහුගේමය. තවත් කලක සදපාහන පයා පතිත රාත්‍රියක රෝහිණී නදී ඉවුරට විත් තම සළු උනා නිරුවත් වුනා. ශක්‍යසිංහයන්ටම උරුම කහ රෝස කමනීය පුරුෂ ලාලිත්‍යයෙන් අනූන තම සිරුර සද දියට තෙමෙන්නට ඉඩ දී සරකානී කිවේ, හෙතෙම සද දියේ බැස රමණයේ යෙදෙන බවකි. තව විටක ගණපත අදුරු රැයක ඔහු රන්තරු මැල බදින අහස සමග රාග සුව වින්දේය. පුදුමය සරකානී කිසි කලෙක කුමරී පහසක් හෝ කුමර පහසක් රාග බන්ධනයේ නොවු හැටිය. සැබවින්ම සරකානීගේ රාග බැදීම මධූ මී ය. මේ සියල්ල අතර ඔහුගේ දිවිය සපුරා සුරාව සමග මුසුව සෙබා දහමට සහාවාස වු ප්‍රණිත සංතර්පණයකි.

මේ සරකානී කිඹුල්වත් නුවර රමණිය රුක් ගොමු අතර වැද ලලිත කතා ගෙත්තම් බැන්දේය. දිවිය සහ එහි අරුත සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම බැව් ඔහු, ඔහු තුලම අත්වින්දේය. එත් ඔහුට කන් දුන්නේ ගහ කොළ, ඇල දොළ, මල් පියළි, සතා සීපාවා සහ සද තරු විතරම ය. තම අභිමානවත් වංශය විසින් ඔහුට උරුම කල විසල් දේපල අතහැර දැමු සරකානී කෙතරම් සුරාවට පෙම් වැන්දේදයත් ඔහුට ශාක්‍යසිංහ කිරුළ හිමි වු කල එයද ප්‍රතික්ෂේප කළේය.

ඒ තෙමේ සුරාවට බැදී ප්‍රේමණිය බව නිසාම එතැන් පටන් සරකානී උමතු මිනිසෙකු ලෙස සමාජය දුටුවේය. ශාක්‍යන් පවා සරකානීව පිළිකුල් කරන්න පටන් ගති. ඒ ඔහු දොඩන්නට පටන් ගත්තේ සංකල්ප වලින් ඔබ්බට දිවෙන කමනීය දර්ශණයක භා‍විථාර්තයක සෞන්දර්්‍යාශයක් නිසාය. කෙසේ වෙතත් සංතෘප්ත නුතනවාදී මගධ භාරත සමාජය තුලින් සිතුවිල් කැරැල්ල පටන් ගෙන තිබු මේ සමයෙහි සිතුවිලි ඇති හැමෝම බල කදවුරු බදිද්දී සරකානී සිතුවිලි සමග රමණයේ යෙදෙමින් පා වෙන්න පටන් ගත්තේය.

ජිවිතයේ ඉම, මායාව සමග කැලතී ඇති බව කියමින් සරකානී සුරාවෙන් මායාව විනිවිද ජිවිතය වින්දනය කල අපුරු මිනිසා විය. ඔහුට දේශණ කරන්නට හෝ ලියන්නට දර්ශණයක් නොවිණි. ඔහු දර්ශණය තුමුම වින්දනය කරමින් පරම ප්‍රිතී ප්‍රහර්ෂය අත් දුටුවේය.

විටක තම ලොකු තාත්තාගේ රාජධාණියේ ම විදියක සුරාවෙන් කිමිද සුවසේ නිදන්නේ ය. තවත් විටක සොහොන් බිමක වැද නිදි සුව වින්දේ ය. එක් දිනෙක ශාක්‍ය කෝලීය දෙවංශය ජාතිවාදයෙන් පුපුරා රෝහිණි නදී දියවරට යුධ වදින්නට විය. එවිට සරකානී ඒ නිල් ගගුලේ කිමිද කිමිද මධු මී බොමින් පාව ගියා.
තවත් කලෙක නුවර විදී කාණු වල බැස ඔහු ගී මුමුණමින් නිදන්නේ ය. පුදුමය තවත් කාලයක සරකානී මල් උයනක වැද පරමල් ඇතුරු යහනක සැතපී සුරා මී තොල ගාමින් කල් ගත කල අපුරුවය. වස්ත්‍ර, ආහාර, නිතීරිතී තබා ඔහුට දින කාල වන් කිසිදු සංකල්පයක්වත් වැදගත් වුයේ නැත.

සරකානී ශාක්‍යසිංහ පුදුමයකි. ඔහු කිසිවිටක අභියෝග නොකල කිසිවක් සමග නොගැටී ජිවිත වන්දනාවක් කර ගත් යාත්‍රිකයෙකි. ඔහුට රාජධානියේ ඔබ මොබ සරන සමනලයෙකු සමග කියන්නට කතාවක් තිබුණද එහි යන එන දස දහස් ගනන් දෙස් විදෙස් ජනයාට කියන්නට කිසිත් නැත. විදී සරනා රාගී ලියන් ද, මැදුරු පුර වෙසගනන් ද ඇවිත් සරකානීගේ ලලිත උමතු පුරුෂ ආඛ්‍යානය විදින්නට තැත් කල විට ඔහු තෙමේ තම මැදුරු වතු උයන් ඔවුනට පවරා ස්වකීය පුරුෂ පිවිතුරුව රැක ගත්තේය. සුබවින් ම සුරාවට පිදූ සිරුර සරකානී කිසිවෙකුට පුදන්නට නොගියේ ය. පුරාව වු කලී, පුජාවක් කොට ස්ව සිරුරම එයට පුජා කරමින් සරකානී දිවි සරන්නට විය.

කාලය තව තිස් දෙවසරක් සංකල්පීයව ගෙවි ගියා. දිනෙක සද පහන නිවි ඉරමල පිපිදෙන යාමයේ සරකානී ශාක්‍යසිංහ කිඹුලවත් නුවර මල්මදාරා මාවතේ ගජමදාරා මල් ගොමුවක මියැදි සිටියහ. වංශයට කැළකත් වු ද, හුදි ජනතාවට පලක් නොවු ද, ඔහුගේ නිසළ සිරුර ඔහේ තිබිණ.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගම් සිය දහස් දුර ගෙවා ආනන්ද හිමියන් ද කැටුව කිඹුල්වත් නුවර මල් මදාරා මාවතට වැඩම කළහ. සරකානීගේ සිරුර තම දෝතින් ගෙන ගෞරවණියව මිහිදන් කළහ. ලොව්තුරා බුදුවරයෙක් මිහිදන් කළ එකම මළ සිරුර එයයි. එය සුරාලෝලියෙකුගේ ය.

එකල් හී මේ පුවතින් රටම කැළඹිණි. සදාචාරවාදීන් ඊනියා සුචරිත බලමුළු විදී බැස්සෝය. බුදුන් විනය විරෝධි අසංස්කෘතික අසම්මතයෙකු බවට බමුණු පුජක ගණයා තවත් හඩින් කියමින් පෙළපාලියකින් ආරාමය වට කළෝය. සුචරිතවාදීන්ගේ වියරු හඩ අරාම මළුව බිද නැගෙන්නට විය. ඔවුන් ඉදිරියට ම පියවර මැන වැඩම කල තථාගතයන් වහන්සේ මෙලෙස වදාරන්නට විය.

"සරකානී සෝවාන්ගාමී ය............ තොප සියල්ලන්ට ම ඥාණනය කල නොහැකි වු සදාචාරය දුටුවෙකි........... ඔහු බුද්ධ රාජ්‍යයේ පුරවැසියෙකි............."

සරකානී ශාක්‍යසිංහට‍ ගෞරවක් සේ ථෙරවාදි ත්‍රිපිටකය තුල අදත් මේ පුවත එ‍ලසම ලේඛාණාරූඪව ඇත. සියවස් ගණනාවක් මුළුල්ලේ පස්වන සිල්පදය වරදවා ගත් ජාතියටත්, සුරාවේ ඇරඹුම-ඉම නොදත් සියල් සුරා ලෝලීන්ට ද "සරකානී ශාක්‍යසිංහ කුමරු තෙමේ භාවනාවක් වේවා..."

ජනක
~අපි ශුද්ධ වූ සව්දිය පුරමු!...

චතුර
විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.

* සෝතාපන්න ආර්යයා නිසැක ව ම දන්නවා සියලු සංස්කාර ධර්ම අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි, යන බව.

* සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මජ්ජිම නිකායේ 115 – බහුධාතුක සූත්‍රයේ මේ කරුණ අඩංගු වෙනවා.

1. මව මැරීම

2. පියා මැරීම

3. රහතන් වහන්සේ නමක් මැරීම

4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

(එහෙත් මේ සියල්ල පෘථග්ජනයකු අතින් සිදුවිය හැකියි.)

සෝවාන් වූ අය අතින් අකැමැත්තෙන් සිදු වන අකුසල් පටිවිරතෝ ගණයට යි, අයත් වන්නේ. රහත් නො වූ, එ නම් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමි අය ගේ සීලය “පටිවිරතෝ” ලෙස හඳුන්වන්නේ ඔවුන් අතින් කිසියම් මට්ටමකට අකුසල් සිදු වන්නට හැකි නිසා යි. ඒත් රහත් වූ අයට සීලය පිහිටන්නේ “වේරමණී” ලෙස යි. එවැනි උතුමන් අතින් එම සීලය බිඳෙන්නේ ම නැහැ.

සෝවාන් වූ කෙනකු අතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යම් කුඩා පාපයක් කෙරෙන්න පුළුවන්. ඒත් පාප ගති ලක්‍ෂණයට පත්වෙලා අගතිගාමි වෙන්නේ නැහැ. තිරිසන්, නිරය, ප්‍රේත තත්ත්වයට පත් වන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක දැක වරද සකස් කර ගනිමින් මත්තෙහි දී සංවරයේ පිහිටන්නට බලනවා. මෙය හඳුන්වන්නේ ආයති සංවරය යනුවෙන්.

අතේ වණයක් තුවාලයක් නොමැති ව විස ඇල්ලූ විට ඒ විස ශරීරයට ඇතුළු නො වන්නාක් සේ සතර අපා ගතවන ප්‍රබල පාප චේතනා දුරු කළ සෝවාන් ඵල ලාභියා සතර අපා ගතවන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

එහෙත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම, සංඝ භේදය සහ නිවන් සඳහා අන්‍ය ශාස්තෘවරුන් සරණ යෑම යන මේ කාරණා හය කවර ම ආකාරයෙන් වත් සිදු නො වන බව නිසැක ව ම අප දැන ගත යුතු කාරණයක්.

සක්විති රජ කෙනකුටත් වඩා, ධ්‍යාන ලැබූ පුද්ගලයකුටත් වඩා, සෝවාන් වූ පුද්ගලයා ආශ්චර්යවත් වන්නේ ඔහු තම සසර ගමන ඉදිරි භව හතකට සීමා කරගෙන - කෙටි කරගෙන ඇති නිසාත්, ඔහු සාක්‍ෂාත් කර ගනු ලැබූ ආර්ය මාර්ග ඵලය කවර හේතුවක් නිසා වත් භව ගමන මුළුල්ලේ ම පිරිහෙන්නේ නැති නිසාත්, ම යි. අප ඉතා ඕනෑකමින් යුතු ව පුන පුනා - යළි යළිත් – නැවත නැවතත් – හැම විට මත් – පසු කරන චිත්ත ක්ෂණයක් පාසාමත්, සිහියේ තබා ගත යුත්තේ සෝවාන් ඵලයට පත් වීම අපට ලබන්නට අපහසු දෙයක් නො වන බව යි.

භාරතයේ හින්දු දේව පුරාණයෙහි දැක්වෙන පරිදි දුර්වාසස් නමැති සෘෂිවරයා ගේ ශාපයක් නිසා දුබල වූ ඉන්ද්‍ර, අසුරයනට එරෙහි වකළ සටනේ දී පරාජයට පත් ව සුරසේනා පිරිවරා විෂ්ණු දෙවියන් වෙත ගොස් පිහිට අයැද තිබේ. එ විට විෂ්ණු දෙවියන් ගේ උපදෙස වූයේ අමරණීය වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුª බව ය. විෂ්ණු දෙවියන් ගේ් උපදෙස් අනුව සුරයන් හා අසුරයන් එක් වී මන්දාර පර්වතය මත්ථන දණ්ඩක් ලෙස ගෙන කිරි මුහුද කළඹා අමෘත නමැති අමරණීය පානය ලබා ගත්තේ ය. එ සේ ලොවට බිහි වූයේ යැයි සැලැකෙන අමෘත හෙවත් සූරාව අතීත හින්දුවරුන් සිය ආගමික පූජාවන් සඳහා යොදා ගත් බව ද පැවැසේ.

එහෙත්, ශ්‍රී ලාංකිකයන් සුරා පානයට ඇබ්බැහි වූයේ ඉන්දු - ලංකා සබඳතා නිසා නො වේ.